Jan 19, 2012

පවස නිවන දිය පොදක් නොවී ඔබ..ඇයි මහ සාගරයක් වූයේ..


මනුස්සයෙකුට හිතක් කියලා දෙයක් තියනවා.තැනක්  මිම්මක් හරියට කියන්න බැරිවුණත් මහ බලයක් තියන සංවේදී හිතක් කියලා දෙයක් මනුස්සයෙක්ට තියනවා. මේ හිතට දැනෙන විවිධ සංවේදනා එහෙමත් නැ තිනම් හැඟීම් අතර ආදරය කියන හැඟීමට සුවිශේෂ තැනක් තියනවා.ඒක පුද්ගලයාගෙන පුද්ගලයාට වෙනස්විය හැකියි. ආදරයකදී බලාපොරොත්තු වෙන දේවල් පවා විවිධයි.

“පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ“ කොල්ලෙ ක් හෝ කෙල්ලෙක් වේවා ආදරයේදී මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. පුංචි දිය පොදක් වෙන්න පුළුවන්නම් විඩාබර මෙන්ම පිපාසයෙන් පෙලෙන හදවතට එයම ඇති මුළු ජීවිතයටම.ඒත් මහා සාගරයක් වෙලා දරාගන්න බැරිතරම් දේ දීලා වගේම දරාගන්න බැරිතම් දේවල් බලාපොරොත්තු වෙලා ඒ ආදරේට කැළලක් ඉතිරි කරන සිද්ධිත් අනන්තයි. ඒ වගේම පහනක් ප්‍රාර්ථනා කරලා හිටිද්දි සඳක්ම හමුවෙන ආදර කතාත් නැත්තෙම නෑ. ජීවිතේට ආදරේ ඒ තරම්ම වෙනස් විදියට දේවල් එකතු කරන්නේ පුදුම විදියටයි.


ජීවිතේ නොහිතන නොපතන මොහොතක ආදරයේ සිහින ජීවිතෙන් පලා යනකොට එහෙමත් නැත්නම් හිත ඉල්ලන තරම් ආදරයක් නොලැබෙන කොට ආදරෙත් ඉල්ලුම සැපයුම මත හැදෙන සමතුලිතය අවිනිශ්චිත වෙද්දි ආදරවත් හිතකට අඬන්න කඳුළුත් නැතිවෙනවා. ජීවිතේ ඒ වගෙයි. ආදරේ ගැන කියවෙන ආදරයේ දුක්ඛ පාර්ශවයට අයත් මේ ගීයත් මේ කතාවට පදනම් සපයන්නක්. ආදරේ විඳින්න ජීවිතයට ලංකරගෙන..එවිට ගිම්නිවන සිසිල් පවනක් වනවාට සැකයක් නෑ

මේ භවයෙදි මුළු දියදායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ

ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
අවසන මුල වේ ලතැවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකිනම්
තෙමුණත් ඇත කරදිය වැල්ලේ

සුදු මුදු වැල්ලෙහි  නතරවෙලා
රළ පස ගල ලුහුබඳිනු බලා
සුසුම් වලලු උඩු ගුවනට යවනෙමි
පැතුම් සඳුන් හද ගලෙහි උලා

ගායනය - නාරද දිසාසේකර ශූරීන්


5 comments:

  1. අනේ මන්ද අප්ප! මටනං තේරෙන විදියට ඔ්ක කලොත් කෙළ උනාමයි.

    ReplyDelete
  2. ආදරයෙදි ගොඩාක් ලස්සන හැමදාම මතකයේ තියෙන සතුටක් රැදෙන්නේ කරන පුංච් පුංච් දේවල් වල.. මම හිතනවා ඔබ මගේ අදහස එක්ක එකගයි වේවි කියලා..

    ReplyDelete
  3. ඇත්ත සුළු දෙයින් සතුටු වෙන ආදරයක සුන්දරබව වැඩියි

    ReplyDelete
  4. "ආදරේ විඳින්න ජීවිතයට ලංකරගෙන..එවිට ගිම්නිවන සිසිල් පවනක් වනවාට සැකයක් නෑ"
    මුලු පෝස්ට් එකේම ලියලා තියෙන දේවල් වලට එකඟයි අය්යේ.

    ReplyDelete