Jan 26, 2012

Friends Never Say Good Bye | මිතුරන් කිසි විට නොයයි සමුදී


පොඩිකාලේ සෙල්ලම් කරද්දි සෙල්ලම් ගෙවල් හදාගෙන ජීවිතේ තමන්ම ඉගනගන්න පුංචි පුංචි උත්සහ දරන කාලේ කොයිතරම් යාළුවෝ අපිත් එක්ක එකට රැඳෙනවද. සෙල්ලම් ගෙවල්වල විවිධ චරිත හදාගෙන සැබෑ ජීවිතේ පුරෝකථනය කරන්න කොතරම් කැමැත්තක් දක්වනවද. ඒ අතරේ තමන්ට ඕන දේවල් කරන්න ලබන්න නොහැකිවුණාම “මම තරහයි..මම ආයෙත් එන්නේ නෑ“ කියලා යන අවස්ථා කොතරම්ද. ඒත් ඒ මිතුරුකම බිඳින්න ඒ පුංචි ආවේගයකට පුළුවන්ද.

සැබෑ මිතුරන් අතරේ විවිධ මතිමතාන්තර තියෙන්න පුළුවන්.ඒත් මිතුරු දමේ ශක්තිය අනුව තම මතය මෙන්ම අන්මතයටද හිසනමා ආචාර කිරීමේ සොඳුරු පුරුද්ද තියනවා. ඕනෑම අවස්ථාවක එන සොඳුරු මල් මෙන්ම ගල් පහරවල්ද පිළිගන්න මිතුරුකම සූදානම්. එකට එක් වෙන්නේ එක අත්තේ වහන්නේ එක විදියේ සියොතුන්ය යන මතය සමාජය පිළිගන්නා දෙයක්. එසේනම් එකම විදියේ කුරුල්ලන් අතර පුංචි විවාදයක් ඇති වුනත් ඒ තමන්ගේ එකෙක් තමන් වෙනුවෙන් කරන දෙයක් නේද කියලා හිත හදාගන්න පුළුවන් තත්වයක් හා වරදක් නම් එය නිවැරදි කල හැකි තත්වයකුත් මිතුරන් අතර තියනවා.


මොකද ඒකට තමයි මිතුරුකම කියන්නේ.මිතුරෙකුට සමකල හැකි අන් යමක් ලොවේ නෑ.ඒ නිසා මිතුරන් අතරේ මොන විදියේ වාද විවාද හැල හැප්පීම් හිත් රිදීම් හා හිත් බිඳීම් ඇති වුනත් එය ටික කාලයකටයි. මොකද සැබෑ මිතුරු දමක් තිබුණනම් ඒ මිතුරුදමේ ශක්තියෙන් නැවතත් ඒ සොඳුරු මිහිරි මතකයන්ට පණ ලැබෙන නිසා.

මේ කෙටි ලිපිය ලිවීමට තීරණය කලේ කුමන කරුණක් අරඹයාද කියලා අපේ සිංහල බ්ලොග් ලියන හිතවතුන් දන්නවා. එකට එක සිතින් ලියන, එකට හමුවී සොඳුරු මතක ජීවමාන කරන අපි එක සිතින් වැඩ කරන අපි අතර එකම සතුටක් රැඳීමත් අනිවාර්යයි. ඒ සතුට තව තවත් වර්ධනය වේවා යන්න මගේ පැතුමයි. එසේම එළඹෙන් අප්‍රේල් මාසයේ සයිබර් සිහන උළෙලට අලුත් මතකයක් එකතු කරන්නනම් අපි අපේ මිතුදම තවත් වැඩිකර ගත යුතුයි. එදාට මේ සියලු දේ අමතක වෙලා අපේ නිරිඇල්ලගේ සුමිත් සහෝදරයා නිතරම කියනවා වගේ....සතුට..සතුට. සතුට හා විනෝදය පමණක් රැඳේවි...

13 comments:

  1. ඇත්තමයි ජනරඟ.. කොයිතරම් හිත් රිදවීම්, වේදනාවන් ඇති වුනත් හදවතින් බැඳුන ඒ බැඳීම වෙනස් වීමක් වෙන්නේ නෑ. පුංචි පුංචි හැලහැප්පීම් තිබුනත් ඒ හැමදේම හොඳින් විසඳේවි,"සයිබර් සිහින උළෙල දවසට සතුට හා විනෝදය පමණක් රැඳේවි".

    ReplyDelete
  2. සතුට සතුට සතුට හා විනෝදය එලෙසම ලැබේවා කියා පතමි! :D

    ReplyDelete
  3. මිතුරන් කියන වචනෙට අලුත් අරැතක් එක් කරන්න පුළුවන් අපි හැමෝටම. මිතුදම් වඩවන,ඇති කරන සයිබර් සිහින උළෙල සතුට විනෝදය පිරි උළෙලක් වේවා කියලා මම පතනවා.

    ReplyDelete
  4. ඇත්ත යාළුවා.. මේ දවස් වල දකින්නෙම ප්‍රශ්ණ.. ඒ ඇයි කියන්න තාම තේරෙන්නේ නෑ.. කොහොම උනත් හැම දෙයක්ම ඉක්මනින් විසදිලා අර ඉස්සර තිබුන ලස්සන ආයෙම එවි කියලා හිතනවා..

    ReplyDelete
  5. සැබෑ මිතුරු කම කියන්නෙ තව මොනතරම් වැරදි දැක්කත් කට පියාගෙන ඉන්න එකත් නෙමේ. වැරැද්ද වැරැද්ද හැටියට දකින එක සහ පෙන්වා දෙන එකක් සැබෑ මිතුරු කමක්. හැබැයි වෙන්නෙ ඒක නෙමේ හුඟාක් දුරට. මොන තරම් වැරැද්දක් දැක්කත් , මිතුරන් යැයි සිතාගෙන වැරදි වහ ගන්න එක.
    ඔය විනෝදයේ සැබෑ අරුත විඳින්න පුළුවන් වෙන්නෙ එකමුතු කම එක්කමයි. බ්ලොග් අවකාශයේ එවැනි එකමුතු බවක් මම දකින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මධුරංගApril 22, 2012 at 9:54 PM

      ඔබගේ අදහස බුද්ධිමත් අයෙකුගේ අදහසක්මයි. ඔබට තෙරුවන් සරණයි.!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. බ්ලොග් අවකාශයේ මේ දවස්වල පොඩි අවුලක් තියෙනව වගේ

    පෙනෙනවා....මතවාද ....ගුරුකුල එකට ගැටෙනවා... එහෙම තමයි

    වෙන්න ඕන....

    දහසක් මල් පිපේවා.... දහසක් මත ගැටේවා...

    ඒත් අලුත් අවුරුද්ද කියන්නෙ.. අලුත් අවුරුද්දට...
    සියලු හිත් රිදිම්.... බිඳවැටීම් සයිබරයේ සිහින උළෙලේ දී අවසන්

    විය යුතුයි.

    නැවතත්.... සතුට.. සතුට... සහ විනෝදය...
    එපමණයි.


    එක කමෙන්ට් එකක් පබ්ලිෂ් කළාම 4ක් වැටිලා. ආයෙ 3ක් ඩිලීට් කළාම ඔක්කොම ඩිලීට් වෙලා.

    ReplyDelete
  11. බ්ලොග් එකේ ලොකු හිත් රිදවීම් ඇතිවෙනවා වගේ....මට තාම තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා

    ReplyDelete
  12. කවුරු හරි අපේ හිත රිදෙන විදියෙ වචනයක් කිව්වාම අපි හිත රිදවන් අඩන්නෙ ඒ කෙනා අපිට සමීප කෙනෙක් නම් විතරයි නෙ.නිකම් පාරේ යන අදුරන්නැති කෙනෙක් බැන්නට අපිට දුක නෑනෙ.ඉතින් යාලුවො කරන කියන පුන්චි දේකිනුත් අපේ හිත හුගක් රිදෙන්න පුලුවන්. මොන දේ උනත් ඒ යාලුවො නේද?හුඟක් දේවල් වලදි අපි ළඟ ඉන්නෙ යාළුවො තමයි.ම්ම් . . එදාට එන්න බලමුකෝ.

    ReplyDelete