Mar 19, 2012

අසල්වැසි ඉන්දියාව අහක බැලූ කල්හි ලංකාවේ සිට ලියමි

මේ ලියන මොහොත වන විට අප අසල්වැසි ඉන්දියාවේ අගමැති මෙන්ම ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදයේ පහන් ටැඹ ලෙස හඳුන්වා දෙන ආචාර්ය මන්මෝහන් සිංහ ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර වක්‍ර හා සෘජු යන දෙයාකාරයෙන්ම කියා සිටියේ තමන් ඇමරිකාව,නෝර්වේ හා ප්‍රංශය විසින් යුධ අපරාධ හා මානව හිමිකම් කඩ කිරීම යටතේ ජිනීවා නුවර මානව හිමිකම් සැසිවාරයටලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට එකඟත්වය පලකරන බවත්ය. කෙසේ වෙතත් එම ප්‍රකාශය සිදු කිරීමත් සමගම ලෝග් සභාවෙන් නැගුනු අත්පොලසන්නාදය කියාපෑවේ සමස්ත ලෝග් සභාවේම මතය එය බවය. එසේනම් ලංකාව තවත් තීරණාත්මක අඩියකට පත්වීම එයින් සිදුවිය. ඉන්දියානු කැමැත්තේ වටිනාකම පිළිබඳ විවිරණයක් කිරීම යුතුකමකි.


ගියවර ඉන්දියා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමේ වාසිය

  ගියවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාවට එරෙහි යෝජනාව ගෙන එන අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙත සෘජු ලෙස සහයෝගය පලකරිමින් අවසන් මොහොතේ රටේ එක්වර නැගුනු විරෝධය පවා නොතකමින් ඉන්දියාව ක්‍රියාකලහ. ඉන්දියාව එක් ඡන්දයක් පමණක් වුවත් එය කලාපීය බලවතාගේ ඡන්දය මෙන්ම ඇමරිකාව සමග සෘජු සබඳතා ඇති නව කාර්මික රටක් මෙන්ම චීනය සමග සාම්ප්‍රදායිකව පස මිතුරු රටක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක දේශපාලනය සමබර කිරීමට ඉන්දියාවේ සහය ඉතා වැදගත් විය. එසේම ලෝකයේ රටවල් බහුතරයක  තානාපති කාර්යාල හා ප්‍රබල තානාපති සබඳතා පවතින රාජ්‍යයක් වශයෙන් ලංකාවට ඉන්දියාවේ සහය ඉතා විශාල හයියක් විය. විශේෂයෙන්ම ගියවර ලංකාව වෙනුවෙන් ඡන්දය ලබාදුන් බොහොමයක් ලතින් ඇමරිකානු හා අප්‍රිකානු රටවල් එම මනාපය පලකලේ ඉන්දියාවේ ස්ථාවර මතින් වීම ඉතාමත් ප්‍රබල සාධකයකි. එවැනි තත්වයක් යටතේ මෙවර ඉන්දියාව ලංකාවට විරුද්ධ ස්ථාවරයකට පත්වීම ඉතාමත් භයානක තත්වයකි.

මෙවර ඉන්දියාව කරන්නට සිටියේ කුමක්ද?

    ගියවර මෙන්ම ලංකාව මෙවරද ඉන්දියානු ස්ථාවරය පිළිබඳ අවධානයෙන් සිටියහ. සත්‍ය වශයෙන්ම ඉන්දියාව මෙවරත් ලංකාවට සහය දෙන්නට බලාපොරොත්තුවෙන් සිට ඇත. නමුත් රට තුලින් එන විරෝධය( විශේෂයෙන්ම තමිල්නාඩුවෙන්) හේතුවෙන් ඔවුන් සෘජුව ඒ පිළිබඳ අදහසක් පලනොකොට සන්සුන්ව සිදුවීම දෙස බලාසිටියහ. විශේෂයෙන්ම චීනය හා රුසියාව ලංකාව වෙනුවෙන් සෘජුවම සහය පලකරද්දී කලාපයේ බලතුලනය හා සිය අභිමානය මත ලංකාව තවදුරටත් රඳවා ගැනීමට ලංකාව අමාරුවේ වැටුනු මොහොතේ ඉවත නොබැලීමේ ප්‍රතිපත්තියක ඉන්දියාව සිට ඇත. ඉන්දියාවේ අරමුණ වූයේ ලංකාවට එරෙහි යෝජනාව පිළිබඳ ස්ථාවර ප්‍රකාශ කිරීමෙන් වැලකී සිට අවසන් මොහොතේ ලංකාව වෙනුවෙන් සහය පලකිරීමටයි. එවිට රට තුල එතරම් ප්‍රතිරෝධයක් නැගීමට කාලවේලාව ඉතා මද බැවිනි. නමුත් නොසිතු ලෙස මෙම සැලැස්ම හෙලිදරව්වීම නිසා රට තුල දැඩි විරෝධයක් මෙයට එරෙහිව නිර්මානය විය.(දැනගන්නට ලැබී ඇති පරිදි අද දින අගමැතිවරයා මෙම තීරණය නොවදාරන්නට හෙට සිට දැඩි විරෝධතා මාලාවක් ඇරඹීමට නියමිතව තිබී ඇත) එයට පිලිතුරු වශයෙන් ඉන්දියාවට කල හැකි එකම දෙය වූයේ නිහඬව සිටීමයි. නමුත් පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්.ක්‍රිෂ්නාගේ දසවිධ කරුණ වලට ලද විරෝධය සමග ඉන්දීය රජයේ අනාගත චිරස්තථිය උදෙසා ලංකාවට එරෙහිවීම ඇරෙන්නට කල හැකි දෙයක් ඉන්දියාවට නොවීය.

ඉන්දියාවේ වත්මන් මතය හා ස්ථාවරය

   දැන් ඉන්දියාව අවසන් තීරණය ගෙන නැතත් එම තීරණය ලංකාවට විරුද්ධ තීරණයක් වන බවට වැඩි ප්‍රවණතාවක් ඇත. එම තීරණයත් සමග තමිල්නාඩුව ඉතාමත් සතුටින් මෙම තීරණය බාරගත් බව දැනගන්නට ලැබේ.මන්ද ඔවුන් වැපිරූ තල ඉක්මණින්ම පැල සැදී ඇති බැවිනි.එයින් තල අස්වනු නෙලන්නට වැඩි දිනක් නොමැති බවත් ඔවුන් දනිති. කෙසේ වෙතත් ඉන්දියාවේ වත්මන් මතය වී ඇත්තේ ජිනීවා හීදී ලංකාවට විරුද්ධ වීමටය. එහිදී ඔවුන් දක්වන සාධක වන්නේ ලංකාවේ දෙමළ ජනයාට සිදුවන අසාධාරණකම් වැලක්වීම හා බලය පිළිබඳ සංශෝධනයක් සිදුකරමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බලකිරීමත් වෙනුවෙන් ඇමරිකානු යෝජනාවට සහය පලකිරීමය. තවද ලංකා රජය දෙමළ ජාතික සංධානය සමග සෘජු සාකච්ඡා මාර්ගයෙන් ලංකාවේ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවත් ඔවුන් යෝජනා කරයි. මේ තත්වය යටතේ හා දැඩි දේශපාලන බලපෑම් මත ඉන්දීය රජයට තම අසල්වැසියාට විරුද්ධවන තත්වයකට පත්වන්නට සිදුවී ඇත.

මෙම තත්වය වෙනස්වීමට ඇති ඉඩකඩ

    ඇත්ත වශයෙන්ම මෙම තත්වය වෙනස්වීමට ඇති ඉඩකඩ ඉතා අල්පය. මන්ද ඉන්දියානු ස්ථාවරයට බලපෑම් කිරීමට ලංකාවට ඇති හැකියාව ඉතා අඩුය. එබැවින් වැල යන අතට මැස්ස ගැසීම හැරෙන්නට ලංකා රජයට කල හැකි දෙයක් නැත. ලංකා රජය මේ මොහොතේ අවසන් බලාපොරොත්තුව ලෙස සුබ්‍රමනියම් ස්වාමි වැනි ඉන්දියානු දේශපාලනයේ ප්‍රබල සාධක දෙස නෙත්යොමා සිටිනවා නොඅනුමානය. නමුත් පවතින තත්වය යටතේ ඉන්දියානු පාර්ලිමේන්තුව තුල බහුතර මතය ලංකාවට විරෝධීව ක්‍රියාත්මක වීමේදී සුබ්‍රමනියම් ස්වාමි සාධකය පුස් වෙඩිල්ලක් බවට පත්වුවහොත් ශ්‍රී ලංකාව කලහැකි කිසිවක් නැති වන්නට ඉඩ ඇත.

   අවසන් වශයෙන් කිව යුත්තේ ලංකාව ඉදිරිපිට ඉතා ඉහල අභියෝගයක් ඇත. මෙවර ඇමරිකානු යෝජනාව ස්ථීර වීමට වැඩි ඉඩ කඩක් ඇති තත්වයට පත්ව ඇත. එසේ වුවහොත් ඉන් එපිටට සිදුවන ප්‍රතිවිපාක එතරම් සුබදායක අනාගතයකට ඉඩකඩ ලබානොදෙනු ඇත. කෙසේවෙතත් අප බලාපොරොත්තු නොවූ ලෙස අප අසල්වැසියා ඉවත බැලීමත් සමග ලංකාව සංග්‍රාමික වශයෙන් වැදගත් තැනක අසරණවී ඇත. නමුත් තවමත් ලංකාවට මෙම වටය ක්‍රීඩාකිරීමට අවශ්‍ය තරම් ශක්තිය ඇත. එබැවින් ඒ ඉදිරි අභියෝග අප ඉදිරියේ කතාකල යුතුය.

12 comments:

  1. කතා කරලා වැඩක් නෑ.. අපේ ලොකු අයියා කියලානේ අපි හිතාගෙන හිටියේ..

    ReplyDelete
    Replies
    1. එකකුසේ උපන් සහෝදරයොත් පිටුපාන විපරීත සමයක් නොවැ මේ

      Delete
  2. ව්මල් අය්යට කියමු ඉංදියාව ටිකක් බය කරලා වැඩේ කරව ගන්න කියලා

    ReplyDelete
    Replies
    1. විමල් අයියා කියයි ඉන්දියාවේ සන්නම් වර්ජනය කරමු කියලා.එහෙම වුනොත් ඉතින් රෙදිත් නැතුව තමයි ඉන්න වෙන්නේ

      Delete
  3. ඉන්දියාව ඉතිහාසය පුරාම ලංකාවට විරුද්ධ රටක්...එක් ඡන්දයකින් හරි යෝජනාව පැරදුනොත් ඉන්දියාවේ පිටුපෑම රටට වාසියක්...

    ReplyDelete
  4. නැවතත් කියන්න තියෙන්නේ අපේ විදේස් ප්‍රතිපත්ති වැරැද්ද කියල තමයි , තමිල්නාඩුව කොයිතරම් විරුද්ධ වුනත් ශ්‍රි ලංකා රජය පිලිබඳ විශ්වාස නම් මන් මෝහන් ඕයිට වෙනස් තීරණයකට යන්න ඉඩ තිබුනා කරන්න බැරි පොරොන්දු දීලා ඉන්දියාවේ විශ්වාසය නැති කරගෙන ඉන්න තත්වයත් එක්ක ඕක සාමාන්‍ය දෙයක් . දැන් ඉතින් බලාන ඉන්නවා හැර කරන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. එතන විදෙස් ප්‍රතිපත්තියේ අඩුවක් වගේම අවස්ථානූකූල සාධක ක්‍රියාත්මක වීමේ වැරැද්දකුත් තියනවා. කොහොමවුනත් දැන් කරන්නට දෙයක් නෑ

      Delete
  5. මේක ආයෙමත් කියවන්න ඕනෙ

    ReplyDelete
  6. මොළේ කොලොප්පන් වෙනව

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව මොකක්ද මහත්මයා

      Delete
    2. මගෙ නැණ පමණ නිසා වෙන්නැති.

      Delete
  7. බිය නොවන්න ශ්‍රීලාංකිකයිනි! ශ්‍රීලංකා මාතාව කවුදැයි ඇමරිකාව දැනගනිවි......

    ReplyDelete