May 13, 2012

වේදනාත්මක සමුගැනීම...හිතවත් OBSERVER නික්මයාම...


සනත් විජේවර්ධන හෙවත් OBSERVER එහෙමත් නැත්නම් ඔබා මාමා. අද උදෑසන ජීවිත කරළියෙන් සමුඅරන්. විශ්වාස කරන්න අමාරු වුනත් පිලිගන්නට සිදුවන ජීවිත කටුක සත්‍යයට නැවත වතාවක් මුහුණ දෙන්න අපට සිදුවෙලා. පසුගියදා පැවති සයිබර් සිහින බක්මහ උලෙල අවස්ථාවෙත් සුපුරුදු කෙලිදෙලෙන් තමන්ගේ දරු මුණුපුරන් වගේ පිරිසක් එක්ක විටෙක කෙලිලොල් තරුණයෙක් හා විටෙක තාත්තා කෙනෙක් වගෙන් හිටපු ඔබා මාමා අද උදේ සියිබර් අවකාශය විතරක් නොවෙයි මුළු ජීවිතයම දාලා ගිහිල්ලා. හොඳ සහ වටිනා මිනිසුන්ගේ ආයුෂ අඩුයි. ඒ වගේම ඔවුන්ගේ නාමය සදා රැඳෙන බව සත්‍යයක්.

  වෙනදා දහසක් දේ එක පෙලට ලියන්න පුළුවන් උනත් අද වචන ගලන්නේ නෑ. කම්පනයත් එක්කම වචන සිරවෙලා. ඔහු මිය යන්න පැය දෙකකට කලින් “අපේ ඉසව්වේ“ මීට පෙර ලිපියට ප්‍රතිචාර දක්වමින් “නිවාඩු නිසා කියවන්න වුනේ නෑ...ඉක්මණට කියවනවා අතහැරුනු ටික“ කියලා ලියලා තිබුණා..එහෙම ප්‍රතිචාර දක්වලා තමයි ඔහු උදෑසන ව්‍යායාම කරන්න යන්නට ඇත්තේ. ඒත් යලිත් කවදාවත් ඔබා මාමට මගහැරුණු ටික කියවන්න ඉඩක් නොලැබේවි. අපිට කලින් ඔහු ජීවිතේ තවත් ගමනක් ගිහින්.

ආදරණීය සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමේ...ඔබට අජරාමර නිවන් සුව!

30 comments:

  1. ඔබට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  2. ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  3. Oba maamava dakalath nae.. Katha bahakaralath nae.. Pinthoora valin dakkata passe labana awrudde cubr festivl ekee hambuwenava kiyala hithuwa.. Eeth..

    Obata niwan suwa athweeva Oba maame!

    - Aaganthukaya

    ReplyDelete
  4. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  5. මිනිස්සුන්ගේ හදවත් වල ජීවත් වූ ආදරණීය සහෘදයෙක් ......එතුමන්ගේ ඒ අව්‍යාජ සිනාව ඇතුලේ ගොඩාක් දේවල් හැංගිලා තිබුනා ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුවම අත්වේවා!!

    ReplyDelete
  6. මා මේ දැන් සනත් විජේවර්ධන ගේ දියණිය සමග කතා කළා.

    බ්ලොග් ලිවීම සහ ඒ මහින් ඇතිවූ සියළු මිතුරු සම්බන්ධකම් ගැන තම පියා ඉතාමත්ම සන්තෝශයෙන් හිටි බව ඇය මට කීවා.

    පරමායුෂ නොගෙවා මිය යාම ඥාති මිත්‍රාදීන්ට දුකක් වුනත් මෙලෙස රෝගී දුක් නොවිඳ, සිතේ සතුටින් ම මොලොව හැර යන්න ලැබීමත් එක්තරා වාසනාවක්.

    නුදුටු මිතුර, සනත්, ඔබට නිවන් සුව!

    ReplyDelete
  7. ඔබට නිවන් සුව .....

    ReplyDelete
  8. මුලින්ම හිතුවාබොරුවක්ද කියල,
    ආදරණිය හිතවතාණෙනි ඔබටඅමාමහ නිවන්සුවඅත්වේවා....

    ReplyDelete
  9. නිවන් සුව ඔබා මාමෙ.ආයිත් අපි අතරටම එන්න :(

    ReplyDelete
    Replies
    1. නිවන් සුව පතලා ආයෙ අප අතරට එන්න කියන්නෙ කොමද ?

      Delete
  10. මටනම් මේක තාමත් හිතාගන්න බැරිතරම්...
    මේක විය හැකි දෙයක් ද...නොවිය හැකි දෙයක් නොවන බව ඇත්ත....ඒත් මෙහෙම

    ඔබා අයියෙ, ඔබට සුබ සැන්දෑවක්....!!

    ReplyDelete
  11. ඔබට නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  12. මගේ ඔලුව කරකවිලා ගියා වගේ.. කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ ඔබා මාමා මෙච්චර ඉක්මනට අපිව දාලා යාවි කියල..

    ReplyDelete
  13. කවදාවත් නුදුටු ඒ සුන්දර මනුස්සය නික්ම ගිය පුවත දැන ගත් මොහොතෙ දැනුනු කම්පනය තවමත් දැනෙනව. ආයිත් කවදාවත් ඔහු අප අතරට නාවත් ඔහුගෙ මතකය හැමදා අපි ළඟ තියේවි.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  14. ඔබා මාමාට අමාමහ නිවන් සැප ලැබේවා

    ReplyDelete
  15. oba mamata niwan suwa pathanawa

    ReplyDelete
  16. සිබරයේ පමණක් දැනසිටි, කිසිදා නොදුටුවත් යහපත් මනුස්සයෙක් හදිසියේ වෙන්ව යාම වේදනාවකි ඔබා මාමේ නුබට අජරාමර නිවන් සුව පතමි ..!!!!

    ReplyDelete
  17. ඔබ මෙලොව හැර ගියත් ඔබගේ මතකය සදා කල් අප සමග රුදෙනු ඇත ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!

    ReplyDelete
  18. මේ නම් අදහා ගත නොහැකි පුවතකි. කඳුළු පිරි දෙනෙතින් පතමි ඔබට නිවන් සුව. තව බොහෝ දේ ඇතත් ලිවීමට සිත් නොදේ...

    henryblogwalker the Dude

    ReplyDelete
  19. ඔබට නිවන් සුව

    ReplyDelete
  20. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  21. හිතාගන්නත් අමාරුයි...
    ඔබා මාමාට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  22. ඔබා මාමේ ඔබට මොක් සුවය

    ReplyDelete
  23. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  24. බ්ලොග් අවකාශයේ සොඳරු නිරීක්ෂකයාණෙනි ඔබට නිවන් සුව

    ReplyDelete
  25. ඔබට නිවන් සුව ඔබා මාමේ....

    ReplyDelete
  26. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  27. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  28. සොඳුරු නිරීක්ෂකයාණෙනි... ඔබට සුභ ගමනක් !

    ReplyDelete