May 2, 2013

නිවනට මැතිඳු අප රංජිත් නවරත්න





ජනමන දිනා සුන්දර ඇතුගල් පුරයේ
සිරිලක් බිමට නිති සවියක් වී නිතියේ
දම් පැහැ ධජය බැබලූ ලෙස නිති සවියේ
සිහිකල මනා නුඹ නාමය නිති දිවියේ

සිරිමත් විජය මැතිඳුන් පසෙකින් උන්න
මහජන පක්ෂයට නායක බල දුන්න
හිතඇති මිනිසෙක්ව නිරතුරු පණ දුන්න
ඔබ නැති අඩුව යලි නුඹගෙන් පුර වන්න

අදියුම් අදියුරුන් ලෙස සේවය කලද
සේවය මනුසතුන් වෙත අමතක නොවෙද
අඩුනැති සිහල ගැමි ගුණ ඔබ සතු වුවද
නුඹ කිව් ලෙසම කළු සිංහල වෙන කව්ද

සවනට මිහිරි බස හැසිරූ හඬරතන්
දනනට නිතර අතහිත දුන් සුරරත්න
රටකට ඇතුගලින් පණදුන් සවිරත්න
නිවනට මැතිඳු අප රංජිත් නවරත්න


අප අතරින් හදිසියේ වියෝවුණ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ආචාර්ය රංජිත් නවරත්න මැතිතුමන්ට නිවන් සුව අත්වේවා!

2 comments:

  1. මේ අනේ අපි ඔව්වට නෑනේ.. O.o

    ReplyDelete
    Replies
    1. දේශපාලනය පැත්තක තියලා පුද්ගලයාටයි මම නිවන්සුව පැතුවේ ශම්මි.මොකද මම හොඳින් දන්න වගේම ගරු කරන මනුස්සයෙක්

      Delete