Jul 24, 2013

දයාබර දයාසිරි..එන්න මල් පිපීදැයි බලන්න..


දයාසිරි මතුවූයේ පඬුවස්නුවරින්ය. ලංකා ඉතිහාසයේ සුවශේෂී මතක සටහන් රැඳි තැනකි. දයාසිරි අද මැදමුලනට පය තැබුවේය. එය වර්තමානයේ ලංකාවේ ඉතිහාසය ලියන තැන බවට පත්කරගෙන ඇත. දයාසිරි 97 පළාත් පාලන මැතිවරණයෙන් පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ වැඩිම මනාප ලබාගත්විට  චන්ද්‍රිකා මැඩම් වැඩි මනාපය නොසලකා වැඩි හිතවතාට තැන ලබාදුන්හ. දයාසිරිගේ හිත බිඳුනේ එතනින්ය.

එදා දයාසිරි එජාප යට ගොස් පාර්ලිමේන්තුවට ඇතුල්විය. දයාසිරිගේ කාර්යශූරත්වය සහ කථිකත්වය මෙන්ම මහජන ආකර්ශණය නිසාවෙන් දයාසිරිට ඉක්මණටම එජාපයේ ඉහලට යන්නට ලැබුණි. 2002 මැතිවරණයේදී කුරුණෑගල ගිය රනිල් දයාසිරි ඉහලින්ම ඔසවා තැබුවේය. කොහොම වුනත් දයාසිරි ඉහලින්ම වැජඹෙන්නට වූයේ පාර්ලිමේන්තුව තුල සහ මැතිවරණ අතරතුරය. දයාසිරි කුරුණෑගලින් පසුව එජාපයේ ප්‍රබලයා විය.

රනිල් හා ගැටෙන්නට පටන්ගත් දින පටන් රනිල් විරෝධී එජාප පාක්ෂිකයන් සහ බහුතරයක් දෙනා දයාසිරිට කැමති විය. දයාසිරිගේ වැලනොකැඩී එන වචන සහ උපහාස වලට කැමති විය.රනිල්ට එරෙහිව සජිත්ගේ පැත්ත ගත් දයාසිරිට පක්ෂය එපාවෙන තැනට වැඩකලේද බොහෝවිට රනිල් සහ පාක්ෂිකයන්ය.

අන්තිමේදී යන්නේ නෑ කිය කිය සිටි දයාසිරි අද ආණ්ඩුවට ගියේය. ජනපති දෑත් හයිය කරන්නට ගියේය. ඇතමුන් ලැජ්ජයි දයාසිරි කීය..ඇතමුන් මරු දයාසරි කීය..දැන් දයාසිරි එජාපයේ සියලු පටි ගලවා ඇත. ඒ වෙනුවට ආණ්ඩුව වෙනුවෙන් වයඹ මහඇමති පුටුව වෙනුවෙන් යන්නට සූදානම්ය. හිටපු මහඇමතිට දැන් හුලංය.ඒත් ජනපති  දෑත් ශක්තිමත් වන නිසා කරන්නට දෙයක් නැත. මේ හා සමගාමීව මතක් කලයුතු සිදුවීම් කීපයක් ඇත.
"දුමින්දට මස් තියනවා - මොලේ නෑ.." යනුවෙන් වේදිකාවලකී දයාසිරි අද ආණ්ඩුවට යනවිට මාධ්‍ය සාකච්ඡාව වෙත ඔහුව කැඳවාගෙන ගියේ දුමින්ද කරට අතදාගෙනය. කොලොන්නාවේ භාරතට මහදවල් වෙඩි තබා දැමූදින දයාසිරිලා මාධ්‍ය ඉදිරියේ කීවේ දුමින්ද කියන මිනීමරුවා ලෙසසඳහන් කරමින්ය. අද ඒ සඳහන් කල දුමින්ද සිනාසෙමින් දයාසිරිගේ කරේය. එදා ඒකාධිපති ජනතාවිරෝධී ආණ්ඩුව ලෙස සඳහන් කල ආණ්ඩුව අද දයාසිරිට "අපේ ආණ්ඩුවය". දේශපාලනයේ හැටි එහෙමය. විශේෂයෙන්ම ලංකාවේ පාදඩ දේශපාලනයේ අනන්‍ය ලක්ෂණ ඒවාය.

"එජාපයේ ඒකාධිපතිවාදයට විරුද්ධව දයාසිරි ගියේ ඊටත් වඩා ඒකාධිපතිවාදය රජකරන ආණ්ඩුවකට" මාධ්‍ය ප්‍රකාශ අතර ඇහුණ කතාවකි එය. ඒකාධිපතිවාදය බල්ලට ගියාවේ බලය සහ රැකවරණය ලැබෙනවානම් තව මොනවද? දයාසිරි එසේ සිතන්නට ඇත. දයාසිරි නොව විවිධ හේතු කියමින් විපක්ෂයේ සිට පැන්න විමල්ගේ සිට එස්.බී දක්වාත්, ලක්ෂ්මන් යාපා සිටි මනූෂ දක්වාත්, රාජිතගේ සිට පබා දක්වාත් හිතන්නට ඇත්තේ එලෙසය. දේශපාලනය බලය සහ පැවැත්ම මත පදනම් වන්නක් බවට වෙන සාධක අවශ්‍ය නැත. දයාසිරි යනු මෙම දම්වැලේ අවසන් පුරුක නොවේ. තව පුරුක් අමුණනු ඇත.

2002 එජාප රජයද ශක්තිමත් වූයේ මෙසේ "ඇහින්දාස්ලා" ගෙන්ය. නමුත් 2003 පෝලින් පිටින් යලිත් සංධානයට ගියේ එසේ ඇහින්දාස්ලාම වග මතක් කරගත යුතුය.මේ පැත්තට පනින අයටඒ පැත්තටද පනින්නට හැක. "රොනී ආයෙත් පනී" පසුගිය දශක කීපය තුරාවට පත්තරවල සිරස්තල අතර එය සාමාන්‍ය මාතෘකාවක් විය.ඒ රොනීද මැල්ගේ වාර්තාගත පැනිල්ල නිසාය. දයාසිරිට තවම එම වාර්තාව කඩන්නට ඉඩක් නැත. නමුත් විපක්ෂය තුලදී දයාසිරි ඉතා ඉහලට ආවේ ගස් නැති රටේ  තුත්තිරි ගසත් ගහක්වූ නිසාවෙන්ය. දැන් දයාසිරි යන්නේ ලොකුවට පැලවී පැවැත්ම සහ බලය මෙන්ම දේපලද මදිවට ඥාතී සනුහාරයද දේශපාලනයට එක්කල විශාල ගස් ඇති රටකටය. එවැනි රටක තැනක් ගන්නට ලේසි නැත. 

"හෙට ඉඳන් දයාසිරිම කියාවි එයාම කියපු හම්බන්තොට වරායේ ගලක් නෑ කියලා..මත්තල කුරුල්ලන්ගේ ප්‍රශ්න තිබුණේ නෑ කියලා..නොරෙච්චෝලේ මැෂින් එලට වැඩ කියලා" ඔව් දයාසිරි එයට කිව්වේ "අලුත ගියපු දීගේ විදියට ජීවත් වෙන්න වෙනවා තමයි " කියාය. එසේනම් හෙට දයාසිරි විමල් වගේම "විජාතික කුමන්ත්‍රණ, ඩයස්පෝරාවේ වැඩ, එන්.ජී.ඕ කාක්කෝ ගැන සහ අසහාය නායකයා ගැන " ගුණ වර්ණනා කරනු ඇත. විපක්ෂය තව දුර්වල වීම යනු ආණ්ඩුව තව තව හිතුමතේ පිස්සු කෙලීම වැඩිවීම සහ ජනතා හඬට කන්දීම තබා ජනතාවගේ කැමැත්ත තඹයකට මායිම් නොකරන තත්වයකට පත්වීමය.

දයාසිරි යනු මෙරට දේශපාලනයේ අන්ධභාවය සහ බලමූල පද්ධතියේ මෙන්ම වරප්‍රසාද පන්තියේ සැබෑ තත්වය පෙන්වන නියම උදාහරණයකි. දයාසිරි හරිය, ඒ දයාසිරිගේ පැත්තෙන්ය..ඔහු වාසි ලැබිය හැකි අත්තේ එල්ලුනේය. හෙට ඇතැම්විට ඔහු මහඇමති වනු ඇත. අරලියගහ මැදුරේ පෝයට බණ අසනු ඇත, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පලු අරිනු ඇත, 2500 න් මාසයක් ජීවත් වෙන හැටි කියා දෙනු ඇත, මර්වින් සිල්වා වැන්නවුන් සාධාරණීකරණය කරනු ඇත, බේබිලාගේ රගර් මැච්වල හිටගෙන අත්පුඩි ගසනු ඇත. එය එසේ වනු ඇත. එය එසේ නොවියද හැක. කෙසේ වුනත් දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැත. අද වැල්ලේ බඹරය කැරකෙන තැන හෙට අවරෙට යන්නටද හැකිය. එසේ වූ දිනක අපි කියන්නේ "දයාබර දයාසිරි..එන්න මල් පිපීදැයි බලන්න"

- ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

11 comments:

  1. එකඟ වෙන්න පුළුවං කරුණු ගොඩක් තියෙන ලිපියක් මල්ලි...
    හැබැයි ඉතිහාසේ පොඩ්ඩක් වැරදියි...
    දයාසිරි UNP එකට ගියේ 2001 දී...
    චන්ද්‍රිකා නෝනගෙන් මිනිහට පොඩි සයිස් කැපිල්ලක් තිබ්බා තමා...
    හැබැයි ඒ කාලේ චන්ද්‍රිකා නෝනට දයාසිරිලා වගේ හාල් කෑලි කපනවාට වඩා වැදගත් වැඩ තිබ්බා...

    පරමාදර්ශී ගල් පිළිම ඇස් ඉස්සරහම බොල් වෙනකොට,
    ඒකාලේ "මම හංසයාට බයයි" කියලා සිංදු කියද්දී හුරේ දාපු,
    "ඒව තිබ්බට මේව නෑ" කියදි විසිල් ගහපු,
    සාමාන්‍ය එජාප ශාඛා සමිති බුවාලට පට්ට අවුල් තමයි....

    හැබැයි ඉතිං,
    මේක තමයි දේශපාලනේ...
    ශ්‍රී ලංකාවේ දේශපාලනේ...

    ReplyDelete
    Replies
    1. මම කොතනකවත් දයාසිරි එජපයට ගියවසරක් සඳහන් කරලා නෑනේද රනා..1998 ශ්‍රී.ල.නි.ප තරණ සම්මේලනයේ තනතුර සහ 1999 ජේරාජ් සමග එක්ව කටයුතු කිරීම තුලින් සෑහෙන්න පන්නරයක් ලැබීම සහ ඔබ කිව් ලෙසම 2001 ජනබල මෙහෙයුමට දායකත්වයදීම තුලින් තමයි දයාසිරි පන්නරය ලබන්නේ..චැනල් 9 සිදුවීම ගැන පසුවිපරමක් ගැන කතිකවාතකදි තමයි දයාසිරි මුලින්ම ජාතික දේශපාලනයට හඬ නංවන්නේ.. රටක් ශක්තිමත් වෙන්නනම් රජය තුල වගේම විපක්ෂය තුලත් ප්‍රබල සහ පරමාදර්ශී චරිත සිටිය යුතුයි.අවාසනාවට නැත්තෙත් ඒකම තමයි

      Delete
  2. සම්පුර්ණයෙන් එකයි සටහනට ..
    මෙන්න මගෙන් මල් මිටක් ....

    ReplyDelete
  3. KAKKA GE PUKA, CHOO, PADA, JEE, JOKKU, KATHA NO BALA, WENATH BLOG WALATA HURUWEMU. kAKKA WA WARJANAYA KARAMU, MAGE COMMENTS DA OHU KAPPADU KARAI.

    ReplyDelete
  4. අනේ මචෝ මේකට එනකොට මැදට පනින ගැජට් එක අයිං කරහං බං. මල පනිනවා ඒක එනකොට.

    ReplyDelete
    Replies
    1. KAKKAGE PANDAMEK.

      Delete
    2. ඇනෝ මගුලක් කතා තරනවා

      Delete
  5. අපෝ.. දේසපාලනේ... ජරා වලක්නේ... ජනයෝ.. නිකා හිටින් මම අකමැතිම පැත්තක්...

    ReplyDelete
  6. ලංකාවේ දේශ පාලනේ කියන්නේ හත් ඉලවුවට ගහපු කලාබරයක්......

    ReplyDelete