මේක කියෙව්වට පස්සේ ඔයගොල්ලන්ට හිතේවි මෙහෙම පොරවල් තාමත් මේ ලෝකෙ ඉන්නවද කියලා. ඉන්නවා..ඒකට මම සාක්ෂි. මේක මරු කතාවක් වගේම අන්තිමට ඛේදාන්තයක් වෙන්න ගිහින් නූලෙන් බේරිච්ච සිදුවීමක්. සමහර විට ඒ සමාජ ක්රමේ වැරැද්ද නිසා වෙන්න පුළුවන් නැත්නම් අපේ එකාගේ වැරැද්ද නිසා වෙන්නත් පුළුවන්.
කතානායකයා පසන්. මගේ අතිජාත මිත්රයෙක්.මිනිහා ටිකක් අමුතු පොරක් කෙල්ලෝ ගැන දැක්වුවේ ටිකක් ස්වාධීන මත. පොදු මතේට ලව් කිරිල්ල මිනිහා ප්රතික්ෂේප කරා. ඒ දවස්වල නිකමට වගේ මිනිහා මාතර සුප්රසිද්ධ සුද්දන්ගේ කාලේ හදාපු බාලිකාවක කෙල්ලෙක්ට ට්රයි කලා. ඒත් ඒක නිකං නමට වගේ. මොකද පසන්ගේ ආකල්ප ටිකක් පරස්පර විරෝධී වැඩියි. ඔන්න ඔය දවස්වල තමයි Twilight චිත්රපටයේ පලවෙනි කොටස ලෝකේ පුරා නැගලා යන්න පටන් ගත්තේ. මගේ යාළුවෙක් බලලා මටත් වරුණෙ කිව්වා විතරයි මටත් බලන්න හිතුනා.









