May 29, 2021

යළිත් දවසක හිනැහෙන්න - 02 කොටස

 


පළමු කොටස මෙතනින්

හවස් ආකහේ කළුකරගෙන කොහේදෝ නොතිබිච්ච වැස්සක් මතුවෙමින් තිබුණා. නිල්වලා ගඟ මුහුදට වැටෙන්න ඕන්න මෙන්න තියෙද්දි අරගන්න ලොකුම වංගුව පේන තෙක්මානෙට ඔබ්බෙන් තිබුණු කිරළ ගස්වලට එහා ඈත කළුපාට වළාකුළු තරඟෙට වගේ එක තැනකට රොක්වුණා. මිදුලේ ඉඳන් බැලුවම හරි අපූරුවට බටහිර පැත්තෙන් පේන මාතර නගරය වගේම පීක්වැල්ල කන්ද පාමුලින් ගමන්කරන මාතර-තංගල්ල පාරත් එක්කම මොකක්දෝ ප්‍රේමයකින් වෙලේවත්තේ ඉඳන් ටික දුරක් ගමන් කරලා පල්ලිමුල්ල හරියෙන් වෙන්වෙලා යන නිල්වලා ගඟ වැහි කළුවර නිසා තද දම්පාටින් පීක්වැල්ල කඳු මුදුනට පෙනුනා.

May 27, 2021

යළිත් දවසක හිනැහෙන්න - 01 කොටස

 


මාතර-නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඒ වෙද්දි පැවැත්වෙමින් තිබුණේ දැනුවත් කිරීමේ වැඩසටහනක්. ප්‍රවර්ධන ආයතන ගණනාවක මැදිහත්වීමෙන් සිද්ධවුණු මේ අවස්ථාවට දකුණු පළාත නියෝජනය කරන බොහොමයක් ප්‍රවර්ධනය සහ දැන්වීම්කරණය ව්‍යාපාරයක් විදිහට කරගෙන යන බොහොමයක් ආයතන වෙනුවෙන් විවිධ මට්ටම්වල නිලධාරීන් සහභාගීවුණා.

Feb 4, 2021

නිදහසේ සිට ජාතිය දක්වා විතැන්වීම සහ පරිණාමණයවීම

 


අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ යටත් වැසියන් සමරමින් සිටින්නේ 73 වැනි නිදහස් දිනය බව පොල්ගෙඩි අකුරින් ලියවුණු පත්තර සිරස්තල ගණනාවක් දුටුවෙමි. 1948 බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ලංකාව අතහැර යන්නේ ලංකාවේ සිදුවූ මහා නිදහස් විප්ලවයක ප්‍රතිඵලයක් ලෙස අපගේ වත්මන් පරපුර සිතා සිටියි නම් එසේ සිතාගෙන සිටියාට වරදක් නැත.

නමුත් සිතීම සහ අවබෝධය අතර ඇත්තේ විශ්ලේෂණාත්මක,ගවේශණාත්මක සහ බුද්ධිමය වෙනසක් බව වටහාගත යුතු නිසාම ලංකාවේ යටත් විජිත පාලනයෙන් ගිලිහීම යන මාතෘකාව අරඹයා වත්මන් පරපුර සොයා බැලිය යුතු කරුණු බො‍හෝ ය. 1948 වන විට ලංකාවේ යටත් විජිත පාලනය ගිලිහීමට බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව අතහැරීම සහ ඉන්දියාව නොමැතිව පෙරදිග බලය පවත්වාගැනීමේ අවශ්‍යතාවයක් නොවීම එක් හේතුවකි.

Oct 11, 2020

කොරෝනා කොතනින් අවසන් වෙයිද? 1918 වසංගතයෙන් පාඩමක්

 


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කොට මාස හයකට වැඩි කාලයක් ගතවී ඇත. විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත වාර්තාවන් පෙන්වන ආකාරයට නව කොරෝනා වෛරසය හෙවත් Covid-19 දැන් දැන් වෙනස්වීම හෝ පරිණාමණයවීම අරඹා ඇත. ඒ සියල්ල අතරේ ලෝකවාසීන්ගේ හිත්වල එක් ගැටළුවක් ඉතිරිව තිබේ. එනම් මේ වසංගතය අවසන් වන්නේ කවදාද යන්නය.

Apr 30, 2020

අපේ ඉසව්වට අවුරුදු 10 යි! දැන් ඇති වගේ..


අපේ ඉසව්ව බ්ලොග් අඩවියට අවුරුදු 10 යි. අවුරුදු දහයක් කියන්නේ පොඩි පහේ කාලයක් නෙවෙයිනේ, ඒක නිසා අවුරුදු 10ක් ඇතුලේ මොනතරම් දේවල් වෙන්න ඇතිද. කොහොම වුනත් ජීවිත කාලයෙන් දශකයක්ම ගෙවුණ මේ බ්ලොග් එක කියන්නේ ලිවීම කියන එක හිතට දැනෙන්න කරන්න හැදුණු සුන්දරම තැන. ඒ වගේම ජාතික පුවත්පතක ලියන්නෙක් වෙන තැන දක්වාම රැගෙන ගියපු බ්ලොග් එකක්.

Feb 22, 2020

'තණමල්විල කොල්ලෙක්' එක හුස්මට බැලුවෙමි..


'තණමල්විල කොල්ලෙක්' ටෙලි නාට්‍ය ගැන කපිල.එම්.ගමගේ හිතවතා මුහුණුපොතේ ලියලා තිබුණ සටහනක් එක්ක කතාව බලන්න හිතුනා. යූ ටියුබයේ පිරික්සුම් සීමාවේ නම සඳහන් කරලා පළවෙනි කොටසින් පටන් අරගෙන එකින් එක බලන්න පටන්ගත්තා. ඒත් ඇත්තටම ට්‍රැක් එකට වැටෙන්නේ තණමල්විල සීමාවේ සිද්ධවුණු සිදුවීම් දාමය එකින් එක දිගහැරෙන්න පටන්ගත්තමයි. ඇත්තම කියන්න එක හුස්මට බලාගෙන යන්න හිතෙන තරමට.

Feb 1, 2020

බඩගින්නට වඩා කොළුගින්න දරුණුයි සදාදර "කේක් පටි"


බ්ලොග් එක ආයේ ලියන්න පටන්ගත්තා කියන මුහුණු පොතේ සටහනකින් පලකරපුවම පරණ බ්ලොග් හිතවතුන් ටික වටවෙලා පරණ රහ හාරවුස්සන්න පටන්ගත්ත එකෙන්ම දැනුනා අපිට මොකක්හරි අතෑරුණා නේද කියන. එක එකම රහක් තිබුණ එවුන් ටිකක් එකම තැනකට වෙලා එක එක විදිහේ ලියවිලි වලින් අපි ගතකරපු තැනක් තිබුණා. කමක් නෑ..ඒ අතීතය අතීතයේම තැනක තිබුණාවේ..

ඒත් ඔය 'අතීතය' කියන වචනය කියන එක ඇහුණ ගමන් පුදුමාකාර කරුමයක්. මොකද ඔය කී වර්ඩ් එක සර්ච් බාර් එකේ වැදුණු ගමන්ම නොදැනීම් සර්ච් බට්න් එක ප්‍රෙස් වෙනවා. ඊට පස්සේ තත්තර දශම ගාණකට එන සර්ච් රිසාල්ට් එකේ දිග කිලෝමීටර් ගණනාවක් දිගයි. එහෙම තැනක තියන තවත් එක සිද්ධියක් මතක් වුණේ පහුගිය දවසක ලංකාවේ සුප්‍රසිද්ධ හෝටලයක ඉඳගෙන අහන්න අකමැති මාතෘකාවක් ගැන දීර්ඝ දේශනයකට සවන්දෙන අතරේ හෝටලයේ සේවක මහත්මයෙක් මේසේ උඩින් ගෙනැත් තිබ්බේ තඩි කේක් දීසියක්. වෙලාව හවස තුනට විතර ඇති, නිදිමත රතු කට්ට දෙකඩ කඩලා. දවල් කාපු ඒවයේ රස්නේ යන්න වුනෙත් නෑ. දැන් කොහෙට කියලා කේක් කන්නද. ඒ නිසා කේක් දීසිය දිහා නොබලාම හිටියා. ඒ අතරේ හිත දුවලා ගියෝ මීට අවුරුදු දහඅටකට විස්සකට විතර කලින් අතීතෙට. ඒ කියන්නේ අලුත් සහශ්‍රයේ මුල්ම දවස් ටිකට.

Jan 30, 2020

ඉන්දියානු සමාජයීය මඩගොහොරුව ප්‍රේමයේ කහ දියරයෙන් තෙත්කල 'ප්‍රේම්චාන්ද්'


උර්දු බසින් 'මුන්ෂි' යනු ගුරුවරයා හෙවත් ආචාර්යවරයා වේ. අතීත ඉන්දියාවේ නැගෙනහිර සහ නිරිත දිග පළාත්වල උර්දු බසට මුල්තැන ලැබුණු සමයන්හි මුන්ෂි යන වදන භාරතය තුල සුප්‍රකට වදනක්ව පැවතිනි. මුන්ෂි ප්‍රේම්චාන්ද් ඉන්දියානු ලියවිල්ලට සැබෑ ලෙසින්ම ගුරුවරයෙක් වූ බව ඔහුගේ ඉතිහාසය සාක්ෂි දරණු ඇත. හින්දි බසින් සහ උර්දු බසින් ලේඛනයේ යෙදුනු ප්‍රේම්චාන්ද් ඉන්දියානු සාහිත්‍යයේ ප්‍රමුඛතම ලේඛකයා බවට අදටත් පිළිගන්නා කරුණක් වන හෙයින් ඔහුගේ ඉතා කෙටි ජීවිත කාලය තුලින් උගතයුතු පාඩම් බොහොමයක් තිබේ.

May 8, 2019

පෙරළුෑ නැවුම් පසෙහි ඉපිද,කරමසෝ සහෝදරයන්ට සමුදුන් සිංහල සාහිත්‍යයේ රුසියානු ලකුණ



හැටේ දශකයේ මුල් භාගය යනු ලංකාවේ ,ලෙස බොහෝ දෙනෙක් අදටත් විශ්වාස කරති. හරියටම එදා යුරෝපයේ පුනර්ජීවනයෙන් පසු සාහිත්‍යය, දේශපාලනය ගැන පොදු සමාජයේ විවාද,කතිකාවත්,ප‍්‍රපංච බිහිවූවාක් මෙන් ලංකාවේද හැටේ දශකයේ සාහිත්‍ය පිළිබඳ දැඩි වාද විවාද බිහිවූ බව කිව යුතුය. ලියෝ ටොලස්ටෝයිගේ ”War and Peace”කෘතිය ලොව මේ තාක් බිහිවූ විශිෂ්ටතම නවකතාව ලෙස ලෝකයේම ගෞරවාදරයට පාත‍්‍රවී ඇත. එකල Daily News පුවත්පතේ සිංහල සාහිත්‍ය පිළිබඳව ඉංග‍්‍රීසි භාෂාවෙන් කෙරුණු සංවාදයකදී ගූණදාස අමරසේකර ශූරීන් කියා තිබුණේ හරියට ඉංග‍්‍රීසි භාෂාව හැසිරවීමට හෝ නොහැකි පරිවර්තකයින් සිටින ලංකාවේ ටොලස්ටෝයිගේ “War and Peace” වැනි කෘතියක් සිංහලට පරිවර්තනය කිරීම සිහිනයක් බවයි. එයට විරුද්ධව මත පලකල රෙජී සිරිවර්ධන පවසා තිබුණේ ලංකාවේ එවැනි සමත්කමක් කරන්නට හැකි පුද්ගලයින් අනිවාර්යයෙන්ම සිටින බවයි. ගුණදාස අමරසේකරගේ මේ උඩඟු කතාවට හිත රිද්දවාගත් පුද්ගලයෙක් විය. හෙතෙම ඒ වනවිටත් විදෙස් කෘතීන් ගණනාවක් සිංහල බසට පෙරලා තිබුණු අතර අමරසේකර ශූරීන්ගේ අභියෝගය තමන් බාරගත යුතුයයි තීරණයට එළඹිනි. අවසානයේ එය ’යුද්ධය සහ සාමය’ නැමැති අපූරු අනුවාදනයක් බවට පත්වන්නේ සිංහල සාහිත්‍යය තුල තමන්ට කල නොහැක්කක් නැතිබව සපථ කරමින්ය. හෙතෙම සිරිල් සී.පෙරේරා නම් විය. සිංහල සාහිත්‍යය තුල පරිවර්තන සාහිත්‍යය යම් තැනක සිටීනම් ඒ තැන වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටුකලේ එතුමන්ය. 93 වැනි වසරේදී සිය ජීවිතය නැමැති කෘතියේ අවසන් ෙඡ්දය ලියා පලකල ඔහු සිංහල සාහිත්‍යයේ රුසියානු ලකුණ ලෙස හඳුන්වන්නේ නිකම්ම නොවේය.

May 6, 2019

සැකකාරයා - කෙටි කතාව



කාමරය පුරා ගිගුරුම් දෙමින් ඇසෙනා හඬවල් ගණනාවකි. ඒ හැම හඬකම ඇත්තේ උස් කෑගසුමකි, නැත්නම් විලාපයකි, ගෝරනාඩුවකි. ඒ සියලුම හඬ මිශ්‍රවී එක් එක් සංඛ්‍යාතවලින් කාමරයේ බිත්තිවල හැපී නගන්නාවූ ශබ්දය ඉතා අමිහිරිය, කර්ණකාශ්ඨකය. බිත්තිවල වදින සෑම හඬක්ම එක් කණෙකින් ඇතුලුවී හිස්කබල තුල ඒ මේ අත වැදී මොළයට තදින් පහර දේ. ඒ පහරවල වේදනාව ස්නායු දිගේ හෘදය වස්තුව දෙසට වේගයෙන් ගමන් කරයි. ඒ වේගය නිසාවෙන් රුධිර ගමනයද වේගවත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස හෘදය වස්තුවේ ගැස්මේ වේගය සියයට ගණනාවකින් වැඩිවූ බව මට දැනුණි.

“වැරදියි...වැරදියි..වැරදියි..නරුමයා..නරුමයා...නරුමයා...අධමයා...අධමයා..අධමයා..“

ඒ සියලු වාග් මාලාවන් වචන මාත්‍රයෙන් පැහැදිලි කිරීම්ද සමග විශාල අරගලයකය. හිස බදාගෙන විඳගැනීමට නොහැකි තරමට ඒවා වේගවත්ය, එමෙන්ම ශක්තිමත්ය. මෙලෙස මොහොතක් ගතවන්නට ඇත. බැරිම තැන හැඳි වස්ත්‍රය පිටින්ම කාමරයෙන් එළියට බසින්නට සිත්විය. ඉන්පසු දිගු සාලයෙන් පිටවිය. පසුව කොරිඩෝවෙන් හා ඉස්තෝප්පුවෙන්ද පිටවිය. වචන වලට වඩා මා ඉස්සර විය. පාද චලනයන් යුහුසුළු විය.