May 11, 2010

:::::::: දෛවය තිළිණ කල සොඳුරු පෙම ::::::::


දැඩි තදබදයක් තිබූ දුම්රියේ සෙනග සැලකිය යුතු පිරිසක් පොල්ගහවෙලින් බැසගියේය.සාලිය අසුනට බරවී සිතුවිල්ලකින් තොරව නැවත ඇදෙන දුම්රියේ කවුළුවෙන් පිට බලාගෙන සිටියේය.තදබදය තුරන්වූ දුම්රියේ අනෙක් කෙළවර පවුලේ අය සමගින් අසුන්ගෙන සිටි සිතාරා දුටුවේ පලමු වතාවටයි.එක දැක්මකින් හිතයන ලස්සන නිසා සාලියද ඇය දෙස කීපවිටක්ම බැලීය. වැඩිකතා බහකින් තොරව පවුලේ අයසමග සිනාසුවයෙන් කඳුරටට දුම්රියෙන් යන සිතාරාගේ රුව ලඟ සාලියගේ නෙත මෙන්ම හිතද නතර විය.බොහෝ වේලාවක් දෙදෙනාගේ ඇස්වලින් ආදරය හුවමාරු විය.සාලිය දුම්රියෙන් බසිද්දී හොරෙන්ම ඈ අත තම දුරකතන අංකය තැබීය.එදින රාත්‍රියේම ඇයගෙන් කෙටි පණිවුඩයක් ලැබිනි.දින ගනණක් පුරා දෙදෙනා අතර කෙටි පණිවුඩ බගින් අදහස් හුවමාරු විය.දිනක් සාලිය "මම ඔයාට කෝල් කරන්නද?" කෙටි පණිවුඩයක් යැවීය.ඇයගෙන් පිලිතුරු නොලැබිනි.දින කීපයකට පසු නැවතත් සාලිය ඉල්ලීමක් කලේය."මට ඔයාව මුණගැහෙන්න ඕන" පුරුදු ලෙසම එයටත් සිතාරාගෙන් පිළිතුරු නොලැබිනි. නමුත් සාලිය දැඩිලෙස පෙරැත්ත කලේය.සිතාරාට එම ආදරණීය ඉල්ලීමට පිටුපා ඉන්නට බැරිවිය. "එහෙනම් හෙට උදේ පේරාදෙණියට එන්න" ඇගේ කෙටි පණිවිඩයන් සාලිය සතුටින් ඉපිලී ගියේය.ඇය එනබව කියූ වේලාවටත් පැයක් කලින් සාලිය පේරාදෙණියට පැමිණියේය.හරියටම ඇය කියූ වෙලාවටම පැමිණියාය. "මම ගොඩක් ආසාවෙන් හිටියේ ඔයා මුණගැහෙන්න" ඇය හරි අහිංසක විදියට සිනාසුනා පමණි.දෙදෙනා බංකුවකින් වාඩිවිය. "සිතාරා මම ඔයා දැක්ක දවසේ ඉඳන් ඔයාට ආදරේ කලා.,ඉතින් කියන්න ඔයත් මට ආදරෙයිද කියලා" ඇය ආදරබරිතව සාලියගේ අත තදින් අල්ලාගෙන සිනාසුනාය. "කෝ ඉතින් ඔයා මට ආදරෙයි කියලා කියන්නේ නැද්ද" ඇය මොහොතක් සාලියගේ දෑස් දෙසබලාසිට ඇගේ දකුණු අත ඇගේ ළය මත තබා පසුව සාලියගේ ළය මත ඇගේ අත තබා හස්ත සංඥාවෙන් යමක් කීය. සාලියගේ ඇස් උඩ ගියේය "මගෙ දෙයියනේ ඔයාට කතා කරන්න බෑ නේද?" සිතාරාගේ මුහුණ කළුවිය.හිස බිමට හැරුණි. ආපස්සට හැරී යන්නට පියවර තැබීය. ඇය දැඩිලෙස ශෝකයෙන් පියවර තබන්නට විය.සාලිය තත්පර කීපයක් කල්පනා කලහ.ඉක්මණින් ඇය පසුපසින් ගොස් ඇය තදින් ඇයව ග්‍රහණය කරගත්තේය. "ඔයාගේ කටහඬින් ආදරේ නොකිව්වට ඔය ඇස් දෙකෙන් දැනෙන ආදරේ ජීවිතකාලෙටම මට ඇති" එලෙසින් සාලිය දෛවය විසින් තිළිණ කල සොඳුරු පෙම හදවතින්ම පිළිගත්හ.

--- ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර විසින් නිර්මාණය කල කෙටි කතාවකි --
-

No comments:

Post a Comment