May 6, 2010

අමුත්තා



කාර්යාලය වසා දැමීමට ඔන්න මෙන්න තිබියදි ඩෙන්වර් වෙත පැමිණි සේවකයා යමක් පැවසීය.
 “සර් මුණගැහෙන්න අමුත්තෙක් ඇවිත් "
 ඩෙන්වර් මදක් කල්පනා කලේය.උදෑසනින්ම තමන් කාර්යාලය වෙත එනවිට දියණිය කල
ඉල්ලීම වූයේ ඇය හා මව සමගින් රාත්‍රී ආහාරය සඳහා චීන අවන්හලක් වෙත යාමයි. ඒ සඳහා තමන් වේලාසනින් ගෙදර යාමට සිතුවා පමණි. 

“කිව්වේ නැද්ද මම ගෙදර යන්න සූදානම් වන බව"

 ඩෙන්වර් නොකැමැත්තෙන් ඇසීය.

"මම කව්වා නමුත් හදිසි වුවමනාවකට බව කිව්‍වා "


තමන්ට නිවසට යාමට ප්‍රමාද වුවත් මේ අමුත්තා මුණගැසී යාමට ඩෙන්වර් තීරණය කළේය.

"හරි ඔහුට ඇතුලට එන්න කියන්න"
සේවකයා පිටව ගියේය. ඩෙන්වර් කඩිනම් සාකච්චාවකට සූදානමින් සිටියේය.
අමුත්තා කාර්යාල කාමරය තුලට පැමිණියේය. ඔහු මදක් කුදුගැහුණු පුද්ගලයෙකි. දුබුරු පැහැති කබායකින් සැරසී සිටියේය.

"ඔබ කව්ද? මොකක්ද වුවමනාව? කෙටියෙන් කියනවනම් වැඩ හොදයි"
ඩෙන්වර් ඉක්මනින් කියාගෙන ගියේය

"කෙටියෙන් කියනවනම් මම තමයි ඔබගේ ගැලවුම්කාරය. මම කියන විදියට වදකරොත් ඔබට තව අවරුදු හතලිස් දෙකයි මාස
හතරයි දවස් විසිතුනක් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. නැත්නම් ඔබ අද හවස භයානක රිය අනතුරකින් මියයනවා.

"මොනවා...!!! ඔබ මට තර්ජනය කරනවද?"
ඩෙන්වර් කෝපයෙන් ඇසුවේය

" නැ මම ඔබට උදව් කරනවා. මොනම හේතුවකටවත් ඔබ අද කාර්යාලයෙන් පිටව යන්න එපා"
අමුත්තා තීරණාත්මකව ප්‍රකාශකළේය.ඩෙන්වර් බොහෝ වේලාවක් ගෙන කල්පනා කරන්නට විය.ඔහුට මේ අදහස පිළිබඳ කිසිදු තැකීමක් කිරීමට අවශ්‍ය නොවන බව හැගුනි.ඒ මන්ද මෙ වන් බහුබූත කාරයින් කවදත් ඩෙන්වර් ප්‍රතික්ෂේප කල බැවිනි.

"මට ඕනදේ මම කරනවා ඔබට බෑ මම කරන්නේ මට වුවමනා දේයි"
ඩෙන්වර් කෝපයෙන් කෑගැසුවේය.

"ඔබ මම කියන දේ නොකලොත් පසුව දුක් විදින්නවත් ඔබ ඉතුරු වෙනෙකක් නෑ"
අමුත්තා සංවාදය අවසන්කර නැගීසිටියේය.

"හොදින් අහගන්න මහත්මයා. මේක තීරණාත්මක අවසථාවක්.හැමකෙනාටම මෙහෙම අවස්ථා
ලැබෙන්නේ නෑ. ඔබ එයින් ප්‍රයෝජනයක් ගන්නවානම් එය ලොකුම අවස්තාව වේවි. මගේ
යුතුකම් කොටස ඉවරයි මම යනවා"

අමුත්තා පිටව ගියේය. ඩෙන්වර් දැඩිලෙස කැලබී ගියේය. කරන්නේ කුමක්ද කල්පනා කළේය.
කොහෙවත් යන පිස්සෙක්ගේ කතාවක් අසා තම දියණියට බොරුකිරීම වරදක් බව ඔහුට දැනිණි.

ඩෙන්වර් තම බැගයද ගෙන කාරයට ගොඩවිණි. ඉක්මනින් නිවසට යාමට ඔහුට වුවමනාවිය.
රථය රන්ඩෙල් චතුරශ්‍රය පසුකර දුම්රිය මාර්ගයට යාබද මාර්ගයේ ගමන් ගනිමින් තිබිණි.
ඩෙන්වර් ගේ සිත තවමත් අමුත්තාගේ කතාවට කැලබී තිබිණි.
ඔහු සියුම් කල්පනාවක නියැලෙමින් රථය පාදවුයේය.හදිස්සියේම ඉදිරියෙන් පැමිණි රථයක්
තම රථයේ ගැටීමට ගියේය ඩෙන්වර් රථය පාලනයට දැඩි වෙහෙසක් දැරුවේය.අවසානයේ
තිරිංග පහරට රථය කැරකී මාර්ගයෙන් ඉවතට පැන ගසක් දෙකක්ද පහුකරමින් ගොස් අනු
නවයෙන් බේරුනි. රථය අනෙක් රථයේ නොගටුනේ මාර්ගයෙන් ඉවතට පැනීම නිසාවෙනි.
ඩෙන්වර් සැනසුම් සුසුම් හෙලමින් සිටියේය. ඔහුගේ මුහුණේ සියුම් ජයග්‍රහනයක සේයාවක්
තිබිණි.

" දැක්කද අර පිස්සු මිනිහ කියපුදේ බොරු..මම තව පොඩ්ඩෙන් හැප්පෙන්නේ ඒ යක කියපු
බහුබූත කල්පනා කරලා. දැක්කද? දැක්කද?"
ඩෙන්වර් තමාටම කියගත්තේය.

"දැන් ටිකක් ප්‍රවේසමෙන් ගෙදරට යන්න ඕන."
එසේ පවසා ඩෙන්වර් රථය පනගන්වා මාර්ගයට ගැනීමට උත්සහ කළේය. නමුත් ඔහුගේ
රථයේ ටයරය යමකට හිරවී තිබිණි.
ඒ රේල් පීල්ලකටය. එසැනින්ම විදුලියක් මෙන් පැමිණි විදුලි දුම්රියක් ඩෙන්වර්ගේ රථය
කුඩුපට්ටම් කරමින් එය මතින් ගමන් කළේය.

::::::::::: ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර විසින් රචිත කෙටි කතාවකි :::::::::::::::::::::::::

1 comment: