May 18, 2010

::::| වැදූ මව් මරා දමන්නෝ |::::


උසස් අධ්‍යාපන ඇමති ලෙස පත්වූ ඇමති සුදු බණ්ඩා දිසානායක තම මංගල ප්‍රකාශය ලෙස කල කතාවේ හරය වූයේ මොනබාධක ආවත් ලංකාවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන බවයි.මෙරට අධ්‍යාපනය රටට බරක්නම් විකුණාගෙන කෑවාට කම්නැත,නමුත් තමන්ගේ සාක්කුව හා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එසේ කිරීම හෙණගහන අපරාධයකි.එස්.බී ඉගනගත්තේද ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පිංසිද්ධ වෙන්නටය,ඔය අධ්‍යාපනය පුද්ගලීකරණය යහපත්ය යන්න පාරම්බාන අනෙක් පිංගුත්තර මාහාචාර්යවරුන්ද ඉගනගත්තේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්ය.මොවුන් මේකරන්නේ වැදූ මව් මරා දැමීම වැනි ආනන්තරීය පාපකර්මයකි.එය එසේවුවහොත් කෙදිනක හෝ එම පව්‍ පලදෙනු ඇත.එදා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශ්‍රීමතාණන් නිදහස් අධ්‍යාපන පනත ගෙනෙන විට ධනේශ්වර නායකයන් සභා ගැබෙන් නැගිට ගියහ.එවකට කැබිනට්ටුවේ ප්‍රධානියා කීවේ ඔය පනත ගෙනාවොත් ගහක ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිවෙයි යන්නයි.අදද එළඹී තිබෙන්නේ එවැනිම තත්වයකි.මෙය කරන්නට ඉඩදී කරබාගෙන සිටියහොත් අනාගත පරපුර අපට කෙළගසා ආචාර කරනු ඇති. අපි ලද නිදහස් අධ්‍යාපනය නැමති උතුම් සම්පත අනාගත පරපුරටත් ලබාදිය යුතුය.එය අප සතු වගකීමකි.එම වගකීම ඉටුකරන්නට පටු දේශපාලනය පැත්තකට දා එකට එකතුවන්න.

1 comment:

  1. Z ස්කොර් එක පොයින්ට් දෙක තුනක් මදි උන අහිංසක කොල්ලෙක් කෙල්ලෙක්... තමන් අම්මා තාත්තා හම්බකරපු සල්ලි ටිකක් දීලා උපාධියක් ගත්තොත් උබට ඊරිසියද..? මොකද එහෙම වෙන හැමෝටම පිටරට කැම්පස් වලට යන්න සල්ලි නෑ...
    ගොඩක් මේකට විරුද්ධ අය ලංකාවේ කැම්පස් තේරුන කුහක අධමයන් පිරිසකි...

    ReplyDelete