May 8, 2010

එදා මෙදා

සඳ තවම එතනමයි
එදා ලෙස වටකුරුව
හිරු තවම එතනමයි
එදාලෙස පියකරුව
තණපියස එලෙසින්ම
දළු දමා වැඩී ඇත
සුදු පරවි රෑන්විත්
පෙරලෙසම සක්මනය
සුදුමල් පාවීවිත්
ගංදියට ඇදවැටෙන
සොඳුරු දසුනක් පෙනෙයි
එලෙසින්ම එකලෙසම
සුළං රළ ඇදීයන
ගංතෙරේ සිසිල මැද
ගංදියට තනිරකින
තුරුපෙලද තවම ඇත
වෙනසක් කියා නැත
දැනෙන්නේ උනුන් හට
වෙනසකට යමක් වෙත්
ගංතෙරේ මං තනිව
ඔබ නොමැති පාළුවෙන්

No comments:

Post a Comment