May 13, 2010

හදවතයි...ආදරෙයි එකට, මම තනියම


මම අන්තිම වතාවටත් ඇගේ අහිංසක මුහුණ දිහා බැලුවා. කියාගන්න බැරි දුකක් ඒ මූණේ හිරවෙලා තිබුණා. මගේ හිතටත් ලොකු දුකක් දැනුනා.ඒත් මට කරන්න දෙයක් තිබුණේ නෑ.

"එතකොට ඔයා හෙට ඉඳන් මාත් එක්ක කතා කරන්නේ නෑ?"
ඇය කණගාටුවෙන් මෙන් ඇහුවා.

"ඔයා ගැන හිතන්නේ නැතිව ඉන්නනම් මුලින්ම මම ඒක කරන්නම ඕන"
මම ස්ථීරව කිව්වා

"ඇයි දෙයියනේ ඔයා මට එහෙම කරන්නේ.ඇයි අපිට බැරි යාළුවෝ විදියට ඉන්න බැරි."
ඇය අඬන්නට ඔන්න මෙන්න වගේ ඇහුවා

"පුළුවන් මටනම්, එත් මගේ හිතටනම් බෑ"

"ඇයි ඔයා ඒකට උත්සහ කරන්නේ නැත්තේ?"

"මොකද හිත කියන දේට මම කැමතියි"
මම ඇය දිහා බලාගෙන කිව්‍වා.

"අපි හම්බවුණ මුල්ම දවසෙම මම ඔයාට කිව්වානේ මම බඳින්න ඉන්නේ කියලා. ඉතින් ඇයි ඔයා ඒක අමතක කරන්න හදන්නේ"

"මම ආදරේ ඔයාට විතරක් නිසා"

"අනේ මගේ හිත වෙනස් කරන්න හදන්න එපා මම තාම එයාට ආදරෙයි"
ඇය බොහෝම අසරණ විදියට කිව්වා.

"නෑ මම එහෙම කරන්නේ නෑ. ඒකයි මම අරවගේ තීරණයක් ගත්තේ"
ඇය සුසුමක් හෙලීය

"ඔයා පරිස්සමින් ඉන්න. මම කැමතියි මේ විදියට ඉන්න"
ඇය යන්නට නැගිටිමින් කිව්වා

"ඔයා කොතන ඉන්න හැදුවත් ඔයා අන්තිමට නතර වෙන්නේ..."

"ඔව් ඔව්‍ දෙයියනේ ඔයාගේ හිතේ"
ඇය යන්නට ගියාය

2 comments:

  1. අය්ය ආදරේ ගෑන ලියල තියෙන හෑම පොස්ට් එකක්ම මම කියෙව්වා.හුගක් ලස්සනට ලියන්න පුලුවන් ලස්සන අදහස් තියෙන සහෝදරයෙක් නෙ.

    ReplyDelete
  2. ස්තූතියි නංගි..ආදරේ කියන දේ මම ගොඩක් ලොකුවට විඳපුවත් විඳිනවත් කෙනෙක් නෙවෙයි..ඒත මම දකින ඇහෙන දේවල් සිතුවිල්ලක් බවට පත්කරනවා..ඒකයි මගේ ආසාව

    ReplyDelete