Jul 23, 2010

ලොවක් දකින්නට සුන්දරියක්...[ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර ]

පර්දාව මදකට මෑත්කර
නිල්මිණිවන් නෙතු දෑල
විදහා
බලන්න එකවරක්
දෙතොල් පෙති තදකරන්
දැනෙන ලෙස හදවතින්...
ඇස පියවෙන්නට මොහොතකට කලින්
ස්ථීර නිමේෂයක හෝ
සීමා මායිම්
මොහොතකට අවකාශයට
මුදාහැර
බලන්න ලොව දෙස
නොපෙනුන තරමට සුන්දරය
නොදකින තරමට පින්බරය
සුන්දරියේ ඔබට
ඔබ දකින ලොව

5 comments:

  1. නරක නෑ...............!

    ReplyDelete
  2. අයියෝ මේ කමෙන්ට්ස් වලට දාලා තියන වර්ඩ් වෙරිෆිකේශන් එක අයින් කරන්න!

    ReplyDelete
  3. ගොඩක් ලස්සන අදහසක් ......

    ReplyDelete