Sep 21, 2011

ඔබට වරම් නැති..මටද වරම් නැති..

ජවිතයේ සමහර තැන්වලදි, සමහර තීරණ වලදි අපි කොතරම් අසරණ වෙනවද. අපි කොතරම් ව්‍යාකූල වෙනවද කියලා දන්නේ ඒවා විඳින අපේම හිත් තමයි. පිටින් ඉඳන් ඒවට විවරණ සපයන්න ගොඩක් අමාරුයි කියලා සමස්ත සමාජයම නොදන්නවා උනාට. ඒත් අපි ගන්න තීරණවල අග්‍රඵලය විවරණය හා විවේචනය කරන්න මහ සමාජය දෑස් දල්වා බලාගෙන ඉන්නවා කියන දේ අපිට අමතක කරන්න බෑ. සමහර දේවල් තියනවා කරන්න බැරි තරමටම අසරණ තත්වයට පත්වුණත් නොකර බැරි දේවල්, තවත් සමහර දේවල් අතඅරින්න බැරි විදියටම හිත බදාගෙන තිබුණත් අත ඇරීමෙන් සමාජයට වැඩක් වෙන ඒ විතරක් නෙවෙය තවත් සමහර දේ ලංකරගන්න අපිට කොච්චර වුවමනාවක් තිබුණත් ලංකරගන්න ඉඩක් නැති.

   මේ වගේ පොදු ලක්ෂණ කීපයක් මත තමයි අපේ ජීවිතය එහෙ මෙහේ දුවන්නේ. ඒ දුවන් ජීවිතේ අතරේ කොයිතරම් අය හමුවෙනවද කොයිතරම් අය වෙන්වෙනවද. විප්‍රයෝග දුක ගැන අපි හැමෝම දන්නවා. ඒ දුක කෙනෙක්ට පොදු නොවෙන බවට හොඳම නිදසුන දුන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කිසාගෝතමීට දීපු අභියෝගයත් එක්ක. ඒ නිසා ජීවිතයේ විවිධ තීරණ එක්ක අහිමිවීම කියන සංකල්පය යාවත්කාලීන වීම නතර කරන්න බෑ.
ඔබට වරම් නැති
මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ....

පුංචි කතාවක් ඇසුරෙන් මේ දේ ගැන විවරණනයක් කරනවනම්..එක කූඩුවක ගිරවෙක් ජීවත් වෙනවා. ඒ ගිරවා දන්නවා ඇයි තමන් මේ කූඩුවට වැටුණේ. තමන් දුර්වල අවස්ථාවක ප්‍රයෝජනගෙන මනුසතා තමන් මේ කූඩුවට දැම්මා කියන එකත් මේ කූඩුවේ සවිමත් කම්බි කූරු තමන්ගේ පුංචි වක්වුණු හොටයෙන් කපා දමන්න තමන් කොච්චර උත්සහ ගත්තද කියලා දන්නේ ගිරවා විතරයි. ඒ වගේම ඒ කම්බි අතරින් රිංගන්නන උත්සහ කරලා තමන්ගේ තටු කිපවරක්ම පොඩිකරගත්තා කියලා දන්නෙත් ඒ ගිරවම විතරයි.

  ඒත් දිනක් නිදහසේ පියාඹලා ඇවිත් කූඩුව ලඟ සුපුරුදු වදනකින් දොඩමළුවුන තවත් ගිරවෙක් මේ කූඩුවුන ගිරවට නිදහසේ පියාඹලා යන්න කතා කරනවා. මොහොතකට කූඩුවේ සවිමත් කම්බිකූරු අමතකවුණු ගිරවා ඒ මතයට කැමැත්ත පලකරනවා. දෙන්නම පියාඹලා යන්න යනවා. ඒත් නිදහසේ පියාඹලා යන ගිරවා දකිනවා ටික දුරක් යද්දි තමන්ට පොරොන්දුවුන ගිරා පෝතකයා තමන් සමග ඇවිත් නෑ කියලා. ඒත් එක්කම ඒ ගැන සාපේක්ෂ කෝණයකින් බලලා උරණ වෙලා තනියම කෝපයෙන් ඒ ගමන යන්න යනවා.

  ඒත් අර සවිමත් කම්බිකූරු අතරට වෙලා මහත් තදින් තටු ගසමින් පියඹන්න උත්සහ දරන. බැරිතැන නැවතත් කූඩුවට වැටී මහත් ශබ්දයකින් කෑ ගසා තමන්ගේ අසරණ කමට සාප කරන ගිරවා දකින්න කව්රුවත්ම නෑ. 

  මෙන්න මේ සිදුවීමත් එක්ක බද්ධ වෙච්ච සමාජ සංසිද්ධීන් අනන්තවත් ඔබ දැකලා ඇති, ඔබ විඳලා ඇති. ජීවිතය දුරයි, ලංවෙන්න අපහසුයි. ඒත් ඒ හැමදේටම හේතුවක් තියනවා කියලා අමතක කරන්න බෑ. අපි පෘතග්ජන මිනිස්සු. ඒ හැමදෙයක්ම මනුස්සයගේ සිතුවිල්ලත් එක්ක බැඳි කාරනා. ඒකය ඔබටත් මටත් වරම් නැති තැන හිත දුකින් සාප කරගන්නවා මිස අන් කිසිදෙයක් කරන්නට අපිට බැරි.


9 comments:

  1. ඔය අතරේ රියෝ චිත්‍රපටියේ දෙන්න එකට ගැටගහල ඉද්දි පැනල යන ජුවෙල් සහ බ්ලූ වගේ යත් ඉන්නවා නේද . මාතෘකාව දැක්කම ආදරේ ගැන කතන්දරයක් කියල එන්නත් කම්මැලි හිතුන . ආදරේට විරුද්ධ නිසා නෙමේ ඒ ගැන තියන ගොඩක් පොස්ට් හරිම ඒකාකාරී නිසා. ඒත් ආවම් දැනුනේ හොඳ ජිවන දර්ශනයක් බව . ආ එක ගැන සතුටුයි

    ReplyDelete
  2. බොහොම ස්තූතියි යාළුවා..ජීවන දර්ශනය හා ආධ්‍යාත්මය ගැන බැඳුනු ලිපියක් අපේ ඉසව්වේ පලවුනොත් ලැබෙන ප්‍රතාචාරනම් ගොඩක් අඩුයි..ඒත් කවදාවත් ප්‍රතිචාර කියන දේ මාව අධෛර්යමත් කරන්න පුළුවන් සාධකයක් නෙවෙයි..ඒත් ඔබගේ ප්‍රතිචාරය මම බෙහෙවින් අගය කරනවා..ඔබ කියපු කතාවත් එකක් මම සම්පූර්ණ එකඟයි..

    ReplyDelete
  3. ඇත්ත. හිමිවීම්, අහිමිවීම්, ලැබීම්, නොලැබීම් කියන හැම දෙයක් මතම තමයි අපේ ජීවිතවල පැවැත්ම පවතින්නෙත්.

    ReplyDelete
  4. @ඉන්දි - ස්තූතියි සහෝදරී

    @හර්ෂි - පැහැදිලිවම..ජීවිතෙත් සරල රේඛාවක් වුණානම් ඒකේ ඇති ලස්සනක් නැතිවෙයි. නමුත් ජීවන රේඛාව විවිධ වක්‍ර නිර්මාණය කරමින් කඩතොලුවෙමින් අවසානයේ අඳින සොදුරු මෝස්තරය කියාගන්න බැරිතරම් අලංකාර වේවි

    ReplyDelete
  5. මේ ලෝකේ අපි කැමතිම දේවල් විතරක් ලැබෙනවනම් අගයක් නෑ. නොලැබීමුත් මහ ගොඩක් තියෙනවා.

    ReplyDelete
  6. ඇත්ත සහෝදරයා..නොලැබීම් මත ලැබීම් නිර්මාණය වෙනවා

    ReplyDelete
  7. lassanai kiwwe teruma..me de terum ganna beri ki denek adare karapu hitin y karanawada

    ReplyDelete