Oct 19, 2011

ශතකයෙන් ඔබ්බට හෙවත් 100 ට පසු අපේ ඉසව්ව


අද ඉතින් අපේ ඉසව්ව බ්ලොග් අඩවියට බොහොම වැදගත් වගේම සතුටුදායක දවසක්. එයට හේතුව තමයි අපේ ඉසව්ව බ්ලොග් අඩවිය තමන්ගේ ශතයක සම්පූර්ණ කිරීම හෙවත් 100 වැනි ලිපිය පලකිරීම. ඉතින් මේ සුභදායක මොහොතේ අපේ ඉසව්ව බ්ලොග් අඩවිය එක්ක රැඳලා ඉන්න හැමෝටම කියන්න ඕන දේවල් ටිකක් තිබෙන නිසාවෙන් තමයි මේ සියවෙනි ලිපිය බොහොම නිහතමානී ආඩම්බරයකින් හා චිත්තප්‍රීතියකින් යුතුව ප්‍රසිද්ධ කරන්නේ.

සිංහල බ්ලොග් කලාව ගැන අවබෝධයක් නොවුණත් මම 2009 වර්ෂයේ සිට බ්ලොග් ක්ෂේත්‍රෙය් විවිධ දේ කරමින් සිටියා. මුලින්ම සිංහල බ්ලොග් අඩවියක් ගැන අදහස දුන්නේ මගේ ඥාති සොයුරා මෙන්ම දැනුම් හවුල්කරුවන ජනිත චතුරංග ප්‍රේමරත්න සොයුරා තමයි. ඔහු සිංහල බ්ලොග් පාඨකයෙක් වීම හේතුවෙන් ඔහු තමන්ගේ අදහස අන්තර්ජාල මාධ්‍ය භාවිතය පිළිබඳ දරුණු උණකින් පෙලුණු මට ප්‍රකාශ කලා. ඒ හරියටම 2010 වර්ෂයේ පෙබරවාරි මස.


 ඉතින් අපේ ඉසව්ව බ්ලොග් අඩවියට පදනම් වැටෙන්නෙත් ඒ අවස්ථාවේ තමයි. සොහොයුරාගේ සංකල්පයකට අනුව මෙය ආරම්භකලා පමණක් නොවෙයි මෙහි නම වන..අපේ ඉසව්ව යන්න පවා ඔහුගේ නිර්මාණයක්..මුලින් ඔහු මට මෙහි නාමය සඳහා විකල්ප කීපයක් දුන්විට මම එයින් තෝරා ගත්තේ අපේ ඉසව්ව යන්නයි. ඒ අනුව 2010 පෙබරවාරි මාසයේ ගාල්ල වටරැක මාගේ ඥාති සොයුරාගේ නිවසේ ඔහුගේම පුද්ගලික පරිගණකය හරහා අපේ ඉසව්වේ මංගල ලිපිය ප්‍රකාශයට පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ සමගම අපේ ඉසව්වට නිවුන් සොහොයුරෙකුත් ලැබෙනවා. ඒ අපේ ඉසව්ව නිමකර එයට විනාඩි කීපයකට පසු නිර්මාණය වන සිතුවිලි පලස යි. මෙම නිවුන් සිංහල බ්ලොග් අඩවි දෙකෙන් අපේ ඉසව්ව ගද්‍ය නිර්මාණකරණය සඳහාත් සිතුවිලි පලස පද්‍ය නිර්මාණකරණය සඳහාත් වෙන්වෙනවා.

වසරක් හා මාස 8ක කාල පරිච්ඡේදය පුරා විවිධ බාධක හා ශක්තීන් මැදින් අද 100 වෙනි ලිපිය මුදාහරිද්දී හිතට දැනෙන්නේ පුදුම සතුටක්. ඒ මන්ද අපේ ඉසව්ව සිය බ්ලොග් නිර්මාණ ඉදිරිපත් කරද්දී රැකගත් ස්වතන්ත්‍ර ප්‍රතිපත්ති මාලාව නිසාවෙන්. කිසිඳු විටක ශ්‍රී ලංකා මාතවගේ නිදහස හා සෛවරීභාවයට කැළලක් වන ආකාරයේ නිර්මාණ පලකිරීම, අසභ්‍ය හා සමාජ විරෝධී නිර්මාණ ඉදිරිපත් කරමින් හුදෙක් ජනප්‍රියත්වයට උත්සහ කිරීම, හිස් නිර්මාණ වැනි දේවල් වලින් වැලකීම හා ඒ වෙනුවට දේශයේ උන්නතියට ආකල්ප වර්ධන කරන විවිධ ගණයේ ලිපි, ආදරය හා චිත්තාභ්‍යන්තර කාරණා පිළිබඳ සරල හා ආකර්ශණීය බසකින් ලිපි නිර්මාණකරණය පමණක් නොවේ දැනුමට හා සමාජ බුද්ධියට ඉතා වැදගත් නිර්මාණ රාශියක් ඉදිරිපත් කිරීම මගේ සහ අපේ ඉසව්වේ බලාපොරොත්තුව විය. අන්න ඒ හේතුවෙන් කිසිඳු විටක අනන්‍යතාවය සැඟවීමකින් තොරව මෙම බ්ලොග් අඩවිය පවත්වාගැනීමට හැකිවීම හා පවුලේ ඕනෑම කෙනෙක්ට කියවිය හැකි මට්ටමේ සදාචාර සම්පන්න නිර්මාණ ඉදිරිපත් කිරීම මගින් ලබාගත්තාවූ ප්‍රසිද්ධියක් හෝ යහපත් ප්‍රතිරූපයක් වේවා එය ශීර්ෂ ප්‍රණාමයෙන් බාර ගැනීම මගේ කැමැත්තයි.

විවිධ පාර්ශව විවිධ පටු ආකල්ප මත අපේ ඉසව්ව විවේචනය කලත් ලෝකයම එකම තැනකට ගෙන ආ ලිපි මගින්..හමුවුණා අනේ හමුවුණා සයිබර් නව කතාව තුලින්..ජීවිතයේ ඇතුලාන්තය ගැන කතාකල කෙටි කතා මාලාව තුලින්...අපි ලද පන්නරය හා ඔබෙන් ලද අදහස්මය හා දිරිගැන්වීම්මය ශක්තිය ඉතාමත් වටිනා බව සැලකිය යුතුය.

ඉතින් මේ සොඳුරු පියවර තබන මොහොතේ අපේ ඉසව්ව බ්ලොග් අඩවිය වෙනුවෙන් මා දිරිගන්වන ඔබ සැම ආදරයෙන් හා ගෞරවයෙන් මතක් කල යුතුමය. ඔබගේ අදහස් සියල්ල මහා ශක්තියක් බඳුය, චීන මහා ප්‍රාකාරය චීනයට කොතරම් ශක්තියක් ද යත්, අස්වාන් වේල්ල ඊජිප්තුවේ ජනයාට කොතරම් ශක්තියක්ද යත් ඔබගේ අදහස් මට එසේමය. ඉතින් අපේ ඉසව්ව ශතකය සම්පූර්ණ කරමින් ඉදිරියට යන මොහොතේ මේ ගමන දෙස පිටුපසට හැරී බලද්දී දැනෙන සතුටට නුඹත් පංගුකාරයෙක් බව අමතක නොකරන්න. 

මෙතෙක් අපේ ඉසව්ව සමග රැඳී සිටි ඔබට තුති..ඉදිරියටත් රැඳී ඉන්නා වග දනී..ඒ පිපාසිත සිත් වලට දැනුම හා ආකල්පමය නිර්මාණකරණයේ යෙදීමට ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.

17 comments:

  1. සුභ පැතුම් !! දිගු කාලයක් ලියන්නට

    ReplyDelete
  2. මගෙනුත් සුබ පැතුම් !!

    ReplyDelete
  3. සුබ පැතුම් !!

    ReplyDelete
  4. බොහොම ස්තූතියි යාළුවනේ..පුළුවන් තරම් කල් ලියනවා..ඒකයි එකම බලාපොරොත්තුව...

    ReplyDelete
  5. හදවතින්ම සුබ පතනවා...!! බ්ලොග් එකට විතරක් නෙවෙයි ලියන ඔයාටත් එක්කම. අපිට කිරිබත් කෑල්ලක් වත් දුන්නොත් නරකද මේ වෙලාවෙ?

    ReplyDelete
  6. බොහොම ස්තූතියි සහෝදරී..නෑ නෑ උපන් දිනේට කේක් පටියක්වත් නොදුන්නු අයට කොහෙද කිරිබත් දෙන්නේ

    ReplyDelete
  7. නියමයි දිගටම ලියමු

    ReplyDelete
  8. බොහොම ස්තූතියි සංජය සහෝදරයා..බලාපොරොත්තුවක් තියනවා වෙනස්ම විදියේ නිර්මාණ කීපයක් කරන්න..

    ReplyDelete
  9. බොහෝම සතු‍ටුයි....මේ ලිව්වා වගේම හොඳ නිර්මාණ කරන්න දේවා අයියට මගෙන් උණුසුම් සුබ පැතුම්....(මගේ blog කලාවේ පුබ්බාචාරියෙක් ඔයා...)මම නොවැරදීම මේකට ගොඩ වෙලා යනවාමයි.......දිගටම ලියමු...

    ReplyDelete
  10. සුභ පැතුම් යාළුවා.. මේ ව්ගේ වටිනා ලිපි දිගටම ලියන්න.. ඔබට ජය!!!

    ReplyDelete
  11. @ගලයා- බොහොම ස්තූතියි මලයා..යහපත් ආදර්ශයක් භාවිතාවෙන්ම ලබාදිය හැකිවීම ගැන ගොඩක් සතුටුයි.

    @දිනේෂ්- ගොඩක් ස්තූතියි සහෝදරයා..මේ කඩයිම් සුබ කඩයිමක් බවට පත්කරගැනීමේ අරමුණ කරගෙන කටයුතු කරනවා.

    ReplyDelete
  12. සුභ පැතුම් ජනරඟ සහෝ... මොනවා නැතත් ඔයාට හොඳ පාඨකයෝ පෙළක් ඉන්නවා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන් නේද ? තමන් ලියන දේ තමන්ට සැටිස් නැත්නම් අනෙක් අයට කෙහොමද කියවන්න දෙන්නේ. අමතක කරන්න නරකයි අපි මේ භාවිතා කරන්නේ මාධ්‍යයක් කියන එක. එතකොට අපිත් මාධ්‍යෙව්දියෝ.. ඒ ආචාර ධර්ම අපිටත් පොදුයි...!

    ඔබ ඔක්කොම කිව්වේ ඔයා ඒ එකක් වත් කඩපු හින්දා නෙවෙයි. මේ බ්ලොග් එක බලන අනෙක් අයටත් දැනගන්න. ඒ හැමෝටම මේ බ්ලොග් එක ආදර්ශයක්...

    දිගු ගමනකට ආසිරි...ජයවේවා !!!

    ReplyDelete
  13. @චතුරංග - බොහොම ස්තූතියි සහෝදරයා..ඒ මාධ්‍ය භාවිතය පිළිබඳව අපි පලවෙනි පියවර තියලා ආදර්ශයක් දුන්නම හැදෙන මිනිස්සු හැදෙයි කියලා හිතනවා..ස්තූතියි අදහස් ගොන්නටම..

    @බනියා - ස්තූතියි යාළුවා

    ReplyDelete
  14. ජයවේවා.... ඔහොම යමූ....

    ReplyDelete
  15. නිතරම කොමෙන්ට් කරන්න ලැබෙන්නෙ නෑ . . . ඒත් හැකි හැම වෙලාවකම ඇවිත් කියවනව. ඉදිරියටම ලියාගෙන යන්න මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  16. @පොඩි මෑන් - ගොඩක් ස්තූතියි රිද්මයා

    @ඕනයා - ගොඩක් ස්තූතියි සහෝදරයා..එහෙම වුනත් දක්වන අදහස් වලට බොහොම ගරු කරනවා

    ReplyDelete