Oct 26, 2011

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - පලමු කොටස


වෙලාව සවස 7 ට මිනිත්තු කීපයක් තිබියදී ස්ටොක් පෝටර් ප්‍රදේශයට වැටී තිබුණේ ගණ අදුරකි. හරියටම රාත්‍රී 10 ට පමණ පෙනෙන කළුවරකින් ප්‍රදේශයම වැසී තිබිණි. හාත්පස අදුර වසන්නට දැඩි විදුලි ආලෝක ධාරා එල්ලවී තිබූ විශේෂ ස්ථානයක් විය. එයනම් ස්ටොක් පෝටර්ස් විශේෂ තාක්ෂණ විශ්ව විද්‍යාලයීය භූමියයි. විශාල භූමි භාගයක් පුරා පැතිරී තිබුණු මෙහි අද රාත්‍රියේ පවත්වන්නට යෙදී තිබෙන විශේෂ කර්තව්‍යයක් නිසා මෙසේ ආලෝකමත් වී ඇත. රාත්‍රී 7 ට මෙහි පවත්වන්නට තිබූ විශේෂ කාරණය නම් සමස්ත බ්‍රිතාන්‍යයටම තාක්ෂණයේ සුපිරි ඵලය නිර්මාණය කිරීමේ කටයුත්ත භාරව සිටින බ්‍රිතාන්‍ය විද්‍යා හා තාක්ෂණ සංගමයේ සභාපති මහාචාර්ය ඇලන් ඩෙවන්ස් ගේ කටයුත්තකි. එම කටයුත්ත මදක් රහසිගත කටයුත්තකි. එය රහසක් වන්නේ එංගලන්තයේ රජයට හෝ විද්‍යා හා තාක්ෂණ සංගමයේ බල අධිකාරියට නොවේ, එය රහසක් වන්නේ එංගලන්තය, වේල්සය හා අයර්ලන්ත වැසියන්ට පමණි. අනෙක් ලෝකවාසීන් මේ පිළිබඳ අල්පමාත්‍ර තොරතුරක් නොදනී.


          එම කටයුත්ත විශේෂ කටයුත්තක් වන්නේ එය විද්‍යා හා තාක්ෂණ සංගමයේ සභාපති මහාචාර්ය ඇලන් ඩෙවන්ස් ගේ යෝජනාවක් මත හා උප සභාපති ජොනතන් මැඩිරි ගේ සහයෝගය මත ක්‍රියාත්මක වන කටයුතතක් වන නිසාත් එයට එංගලන්ත රජයේ පූර්ණ අනුමැතිය ලැබී ඇති නිසාය.  බ්‍රිතාන්‍ය විද්‍යා හා තාක්ෂණ සංගමයට පසුගිය මාස කීපය ඇතුලත ලැබුණු බුද්ධිමය තොරතුරු රාශියකින් දැනගන්නට ලැබුණේ විද්‍යා හා තාක්ෂණ සංගමයට සම්බන්ධ විද්‍යාඥයින් ගැන ඇඟ ලොමු ඩැහැ ගන්වන සුළු තොරතුරුය. එනම් සංගමයේ විද්‍යාඥයින් කීපදෙනෙක්ම රටට අහිතකර මට්ටමේ නව නිෂ්පාද බිහිකර වෙනත් රටවලට අලෙවි කිරීම් රහසේම කරගෙන යන බවයි. එම නිමවුම් වලින් සමහරක් අතිශ්‍යයින්ම භයානක මට්ටමේ ඖෂධ නිෂ්පාදන හා විකිරණ ද්‍රව්‍ය වැනි බ්‍රිතාන්‍යයට පමණක් නොව සමස්ත ලෝකයටම ඉතා විශාල හානියක් සිදුකල හැකි නිර්මාණයි.

          මහාචාර්ය ඩෙවන්ස්ගේ යෝජනාව වූයේ මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භකර එම විද්‍යාඥයින් අත්අඩංගුවට ගැනීම හා දඬුවම් පැමිණවීම කලයුතු වගත්ය. මෙහි භයානකම් කාරණය වී ඇත්තේ එවැනි නීති විරෝධී නිර්මාණ කරන විද්‍යාඥයින් බහුතරයක් උමතුභාවය වැනි විවිධ මානසික රෝගවලින් පෙලෙන බව සැලවීමත් සමගය. එබැවින් එයට කඩිනම් පිළියමක් ලෙස තීරණය කලේ මේ සඳහා විද්‍යා හා තාක්ෂණ සංගමයේ ඉහල නිලධාරීන් හා පොලීසිය හා රහස් පරීක්ෂක කණ්ඩායම් එක්ව පරීක්ෂණ ආරම්භකල යුතු බවත්ය. එයට තොරාගත් ස්ථානය ස්ටොක් පෝටර්ස් විශේෂ තාක්ෂණ විශ්ව විද්‍යාලයයි.එම භූමිය පොලිස් නිලධාරීන් හා රහස් පරීක්ෂකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පමණක් නොව සංගමයේ නිලධාරීන්ගේ එකතුවකින් සූදානම් වී පැවතිනි.

         රාත්‍රී 7 ට මිනිත්තු කීපයක් තිබියදී ලිවර්පූල් දෙස සිට වාහන පෙලක් ගමන් කලේ තාක්ෂණ සරසවිය දෙසටය.පැයට කිලෝමීටර සියයකට ආසන්න වේගයෙන් ගමන්කල මෙම රථපෙලට ඉදිරිපසින් හා පිටුපසින් විශේෂ පොලිස් ආරක්ෂක රථ පෙලක් ආරක්ෂාව සැපයීය.එහි සුඛෝපභෝගී රථයක පැමිණියේ අන් කවරෙකුවත් නොව මෙකල බ්‍රිතාන්‍යයේ තාක්ෂණයේ ප්‍රාණ නාලය මෙන් කටයුතු කරන විද්‍යා හා තාක්ෂණ සංගමයේ සභාපති මහාචාර්ය ඇලන් ඩෙවන්ස්ය. මෙතෙරම් ආරක්ෂාවක් ඔහුට සැපයෙන්නේ ඔහුගේ වටිනාකම නිසාවෙන්මය. තවත් මිනිත්තු කීපයක් ගතවෙද්දී මහාචාර්ය ඩෙවන්ස්ගේ ජංගම දුරකතනය නාදවන්නට විය.

...හෙලෝ ජෙෆ් ගානර් මහත්මයා..බ්‍රිතාන්‍ය රහස් පොලීසියේ ඉහල නිලධාරියෙක්ට මේ මොහොතේ මගෙන් දැනගන්න තියෙන්නේ මොකක්ද?

හිනාවකින් මුව සරසාගෙන මහාචාර්ය ඩෙවන්ස් රහස් පරීක්ෂක ගානර් ආමන්ත්‍රණය කලහ. ජෙෆ් ගානර් යනු මෙම තාක්ෂණික මාෆියාව පිළිබඳ පර්යේෂණයට රජය මගින් යෙදවූ විශේෂ පර්යේෂණ නිලධාරියෙකි.

....මහාචාර්ය තුමා අපිටත් තියෙනවා නොවැ කතාකරලා විසඳගන්න ප්‍රශ්න ඔබතුමාලා එක්ක..ඔබ දැන් එන ගමන් වෙන්නට ඇති...

...ඔව් ගානර් මහත්තයා..මම තව මිනිත්තු කීපයකින් සරසවියේ..ඔබතුමානම් මම හිතන්නේ තවමත් ගව් ගණනක් දුර වෙන්න ඇති...

කොක් හඬින් සිනාවෙමින් මහාචාර්ය වරයා රහස් පරීක්ෂකයාට මඩ ප්‍රහාරයක් එල්ල කලහ.

..ඔව් මහාචාර්ය තුමා මම ග්‍රීච් වෙස්ටර්ෆීල්ඩ් පෙදෙසේ ඉඳලා එනගමන්..ඔබතුමා කිව්ව තරම් දුරින් නොවුනත්..ඒක නෙමෙයි මහාචාර්යතුමා ඔබතුමා මොකක්ද මට කියන්න තියනවා කිව්වේ..මට එය දැනගන්න තුරු නොඉවසිල්ලක් දැනෙනවා..හරිම නැවුම් පුවතක් වෙන්න ඇති...

       ... ඔව් ගානර් මහත්තයා එය විශේෂ දෙයක්..එකම එක චරිතයක් ගැන..එය තමයි භයානකම රංගන ශිල්පියා මේ තාක්ෂණික මාෆියාවේ..නමුත් මේ පිළිබඳව දුරකතනයෙන් කතාකරන්න බෑ..මට මේ දුරකතන සමාගම් පවා දැන් අවිශ්වාසයි..ඒක නිසා අපි සරසවියේදී විශේෂ කාමරයක සුව පහසුව අත්විඳිමින් මේ පිළිබඳව කතා කරමු..මට විශ්වාසයි මම ඉතා වැදගත් සාක්ෂි ගණනාවක් හොයාගත්තා..එය මම ඔබට ඉදිරිපත් කරනවා..

  ..බොහොම හොඳයි මහාචාර්යතුමා ඒක ඔබේ කැමැත්තක්..ඒත් එම සාක්ෂි ඔබතුමා සතුව තියනවා එහෙනම්.?

..ඔව් තියනවා..භෞතිකව නැතිවුණත් හිතේ තියනව..අපි මුණගැහිලා මේ ගැන කතාකරමු..දැන් මම සරසවිය පිහිටි සුන්දර භූමිය පෙනෙන දුරින්..ඔබට සුබ රාත්‍රියක් ගානර් මහත්මයා..

...ඔබටත් සුබ රාත්‍රියක් මහාචාර්යතුමා..

දුරකතනය විසන්ධිකල ගානර් තම රථයේ වේගය වැඩිකලේ කඩිනමින් සරසවි භූමියට පැමිණෙන්නටය. ඒ මන්ද මේ පරීක්ෂණයේ සංවාදය තමන්ට ඉතා වැදගත් බැවින්ය.


       
         හරියටම රාත්‍රී 7 පසුවෙද්දීම මහාචාර්ය ඩෙවන්ස් රැගත් රථ පෙල තාක්ෂණ සරසවි භූමියට ඇතුල්විය. එහි පිටත මෙන්ම ඇතුලතද නිලධාරීන් 50 ක පමණ පිරිසක් ආරක්ෂාව ලබාදෙමින් සිටියහ. විශේෂ ආරක්ෂක විධිවිධාන තරකිරීමට හේතුවී තිබුණේ මේ පරීක්ෂණයේ ඇති වැදගත් භාවය නිසාවෙන්මය. මහාචාර්ය වරයා රැගත් රථපෙල සරසවි භූමියේ ඇතුලත කොටසේ පිහිටි පිවිසුම් ගොඩනැගිල්ල අසලට යනවිට නිලධාරීන් දහදෙනෙක්ට ආසන්න පිරිසක් වහ වහා ක්‍රියාත්මකවෙමින් ආරක්ෂාව සහතික කලහ. එවිටම වාගේ තවත් ප්‍රධානයැයි හැඟෙන ඇඳුම් ආයිත්තම්වලින් සැරසී එංගලන්ත පොලිස් නිලධාරියෙක් රථ පෙල අසලට පැමිණ මහාචාර්යවරයා පිළිගත්හ.

...තාක්ෂණ සරසවි පරිශ්‍රයට ඔබ තුමන් සාදරයෙන් පිළිගන්නවා...
     මහාචාර්ය ඩෙවන්ස් රථයෙන් එළියට බහිද්දීම අසලට පැමිණි නිලධාරීය සිය පිරිස සමග මහාචාර්යවරයා සතුටු සිතින් පිළිගත්හ.මහාචාර්යවරයා එයින් තෘප්තිමත්වූ බව පෙනෙන්නට විය. 

..බොහොම ස්තූතියි..ඒත් මේ ඉලන්දාරියා ගැන මට වැඩි මතකයක් නෑ...
...මම බොබී ස්ටීවන්...ස්කොට්ලන්ඩ්යාඩ් නියෝජනය කරමින් මෙහි
ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ මම. පරීක්ෂක ගානර් මහත්මාගේ යටතේ..ගානර් මහතා තවමත් මග එමින් ඉන්නවා..
..ඔව් ස්ටීවන් මහත්මයා..මට ඔහු දුරකතනයෙන් කතාකලා..දැන් සියල්ල සූදානම්ද?
       ..ඔව් මහාචාර්යතුමා..සියළු නියෝජිතයන් ඇවිත් අසුන් අරන් ඉන්නේ..ඔවුන් පරීක්ෂණ කටයුතුවලට ප්‍රවේශය ගත්තේ නෑ ඔබතුමන් එනතෙක්..අපි එහෙනම් ඒ පැත්තට යමු නේද?
..හොඳයි හොඳයි..අපි එහෙනම් ඉක්මණින් යමු..
              මහාචාර්යවරයා දැඩි සීතලට මෙන් තම ලිපිගොනු සහිත බෑගයද ශරීරයට තුරුලු කරන් පොලිස් පරීක්ෂක ස්ටීවන් අසලින් ගමන් ඇරඹීය. ආරක්ෂකයන් පහලොස් දෙනෙක් පමණ ඔවුන්ට ආරක්ෂාව සැපයීය.යමින් ගමන් ස්ටීවන් මහාචාර්යතුමා සමග කතා බහ කලහ. ඒ මන්ද ප්‍රවේශ ගොඩනැගිල්ල දෙසට යාමට තවත් මීටර විස්සක පමණ දුරක් තිබෙන බැවින්ය.

..මහාචාර්යතුමා මේ කටයුත්ත පිළිබඳ වෙනත් කිසිඳු පාර්ශවයක් දැනුවත් නොවීම ඉතා වටිනවා.මොකද එහෙම නොවුනානම් අපිට මෙහෙම කටයුතු සූදානම් කරගන්න ලැබෙන්නේ නෑ..
..ඔව් ඔව් ස්ටීවන් මහත්මය..
       දැඩි සීතලෙන් පෙලෙමින් ආරක්ෂකයන් සමග ගමන්ගත් මහාචාර්යවරයා ප්‍රකාශකලහ.
...මහාචාර්යතුමනි මොකද මේ කටයුත්තේ වැදගත්කම එහෙමයි කියලා.......
ඉදිරිය බලා ගමන් කරමින් සිටි පොලිස් පරීක්ෂක ස්ටීවන්ස්ගේ තීක්ෂණ සවනට ඇසුණු සුළු හඬ දෙකක් නිසාවෙන් ඔහු ආපස්සට හැරී බැලීය. එවිටම ඔහුට තෙවනි හඬද යන්තම් ඇසිනි.

ටීෂ්...ටීෂ්...........ටීෂ්...

       ඒ කුමක්ද යන්න ඔහුට අවබෝධයක් නොවීය.එවිටම ඔහුට අඩි දෙකක් පමණ පිටුපසින් නිලධාරීන් පහලොස් දෙනෙක් පමණ වටකරගෙන පැමිණි මහාචාර්යවරයාගේ මුහුණ විකෘති වී යන ආකාරයත් ලේ පෙරාගෙන වැටෙන මහාචාර්යවරයාත් පමණක් ඔහු දුටුවේය.
..දෙයියනේ මහාචාර්යතුමා..මොකද ඔබට වුනේ...
      මුලින්ම මහාචාර්යවරයා අසල පැන්නේ ස්ටීවන් ය. එවිටම අනෙක් නිලධාරීන්ද එතනට පැමිණියත් දුටුවේ ලේ විලක් මැද දඟලමින් සිටින මහාචාර්යවරයාය. ස්ටීවන්ට තවදුරටත් වචනයක් වත් කියාගත නොහැකිවිය.ඔහුට ඉබේම කෑ ගැසිනි.
      ..ඉක්මණට වාහනේ සූදානම් කරපල්ලා..මහාචාර්යතුමාට අමාරුයි..ඒ වගේම ආරක්ෂකයින්ට දැනුම් දීපල්ලා..කව්රුහරි එකෙක් තමයි මේ දේ කලේ..
             ස්ටීවන් ගේ නියෝගයත් සමග වාහනයක් කඩිනමින් එතනට පැමිණියේය. ආරක්ෂකයින් පිස්සු බල්ලන් මෙන් ඒ මේ අත දුවමින් වෙඩි තබමින් දඟලන්නට විය. තත්පර කීපයක් ඇතුලත තාක්ෂණික සරසවි භූමිය යුධ පිටියක් බවට පත්විය..
     ..මහාචාර්යතුමා..මහාචාර්යතුමා..දෙයියන්ගේ නාමෙට කතා කරන්න..මහාචාර්යතුමා ඔබට අමාරුද..
          ස්ටීවන් ගේ අපරාධ පරීක්ෂණ ඉතිහාසයේ දත්ත මනසේ රැඳී තිබීමත් ඒවා ආවර්ජනයෙනුත් ඔහුට දැනුනේ මහාචාර්යවරයා ආපසු පැමිණීමට නොහැකි දුරක ගොස් ඇති අයුරුයි. ආරක්ෂකයින් සතර අත දුවද්දී එලියේ කලබලය හේතුවෙන් ඇතුල් ශාලාවේ රැඳී උන් විද්‍යා හා තාක්ෂණ සංගමයේ නිලධාරීන්ද එලියට දිව ආහ. ඔවුන්ද මේ සිදුවීමෙන් වික්ෂිප්ත වී ස්ටීවන් වටකරගත්හ.
            සැනෙකින් වාහනයට නංවාගත් මහාචාර්යවරයා රැගෙන ගියේය. ඒ වනවිටත් ඔහු අවසන් හුස්ම හෙලා තිබූ බව කාහටත් පැහැදිලි විය.
..මොකක්ද මේ වෙන්නේ..යක්ෂයා මෙතෙන්ටත් ඇවිල්ලද?..මෙච්චර ආරක්ෂාවක් තියන තැන මහාචාර්යතුමා මැරිල යනකන් තොපිට මොකුත් කරන්න බැරිවුනාද?...
        චිත්තාවේගයට කෑ ගැසුවේ සංගමයේ උප සභාපති ජොනතන් මැඩ්රිය. ස්ටීවන් ඇතුලු නිලධාරීන් සියල්ල කරකියාගත නොහැකි තත්වයකට පත්ව සිටියෝය.
..මොකක්ද ස්ටීවන් මෙතන වුනේ..
    ..මෙතන වුනේ මහාචාර්ය තුමාට කව්රුහරි යක්ෂයෙක් වෙඩි තිව්වා..සූක්ෂම විදියට අමු අමුමේ මරලා දැම්මා..සද්දයක්වත් ඇහෙන්නේ නැති තරම් සූක්ෂමව මරලා දැම්මා..
      හිතේ වේගයට මෙන් ස්ටීවන් ද කෑ ගැසීය. එම ස්ථානයේ උන් කිසිවෙකුටත් සිහිකල්පනාව නොවීය.
..වහාම ආරක්ෂකයින් වටේ සෝදිසි කිරීම් පටන් ගන්න..ඒ වගේම ආසන්න මාර්ග මුර කපොළු වලට දැනුම් දෙන්න කිසිවෙකුට පිටව යන්න නොදෙන ලෙස..
     ක්ෂණිකව තම වගකීම වටහාගත් ස්ටීවන් තම සහායකයන්ට අණදුන් අතර ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි බලකිරීම හා ආරක්ෂාව මැද සංගමයේ නිලධාරීන් නැවතත් ශාලාව ඇතුලට රැගෙන ගියහ. ඊළගට ස්ටීවන්ට පැවරී තිබුණු රාජකාරිය තම ප්‍රධානියාට දැනුම් දීමයි.
    ඒ වන විට ජෙෆ් ගානර් සිටියේ තම මෝටර් රථය තාක්ෂණ සරසවියට සැතපුම් පහක් පමණ එපිටින් පදවමින්ය.එවිටම ඔහුගේ දුරකතනය නාදවිය.ඔහු අංකය හඳුනාගත්හ.
..ඔව් ස්ටීවන් කියන්න..
..ඔබ කොයි හරියේද දැන් ඉන්නේ..
..ම් ම් ම් තාක්ෂණ සරසවියට සැතපුම් පහක විතර දුරින්..
..එසේනම් ඉක්මණටම එන්න මෙහේ දරුණු දෙයක් සිදුවුණා..
..දරුණු දෙයක්?? මොකක්ද?..
..මහාචාර්ය ඩෙවන්ස්ට් වෙඩ් තැබුවා...
..මොකක්..මහාචාර්ය ඩෙවන්ස්ට?..
..ඔව් සරසවි භූමිය තුලදීම..ආරක්ෂක අංශ සිටියදීම..සිදුවූ කිසිම දෙයක් පැහැදිලි නෑ..
..මේක යකාගේ කතාවක්නේ යෝදයෝ..මහ රැජිනටවත් නැති ආරක්ෂාවක් දීලත් වෙඩි තියනකන් මේ කාළකණ්ණි මොනවද කලේ...
..කිසිම දෙයක් තවමත් පැහැදිලි නෑ..ඔබ හැකි ඉක්මණින් එන්න..
..හොඳයි මම එනවා..දැන් මහාචාර්ය තුමාට කොහොමද?..
..එතුමන් මියගියා මම හිතන විදියට..හිසටයි වෙඩි පාර එල්ල වුනේ..
ගානර් සුක්කානම තම දකුණු අතින් ගැහුවේ කටට ආ අසැබි වදනක්ද පවසමින්ය.එය ඔහුට එතරම් දරුණු  පහරක් විය.මීට විනාඩි කීපයකට කලින් තමන් හා කතාකල මහා පුර්ෂයා දැන් මළවුන් අතරය. ඔහුට එය අදහන්නටත්  බැරිවිය.දුරකතනය විසන්ධි වීමත් සමගම ගානර්ගේ රථයේ වේගයද වැඩි විය.



අති ප්‍රබල ආරක්ෂාවක් යටතේදී පවා මහාචාර්යවරයා ඝාතනය කලේ කව්ද? ඒ කෙසේද?
෴ දෙවන කොටසට මෙතනින්

10 comments:

  1. කතාවේ ඇරඹුම ලස්සනයි...
    මේකද අර ලියනවා කියපු රහස් පරීක්ෂක කතාව....

    ReplyDelete
  2. ආහා... එහෙනම් ෂර්ලොක් හෝම්ස් පරපුරේ නූතන කථාන්දරය අහන්න එන්න අපේ ඉසව්වට...

    ඔන්න ඇඩ් එකකුත් දාලම ගත්තා. හොඳයි සහෝ... මට ටිකක් අප්සෙට් එක දෙයක් තියෙනවා. ඇයි හැම කෙනාම මේ වගේ කථා වලට එංගලන්තෙම පසුබිම් කරගන්නේ ? දැන් ඉතින් පටන් අරන් ඉවරනේ. ඔන්න ඊලඟ කථාව නම් ලංකාවේ ෂූට් කරන්න ඕනේ.. හරී...!

    ඊළඟ කොටසත්, ඊට පසු කොටසත්... අවසානය වන තුරු කියවන්න තවත් කථා පෙලක්... ස්තුතියි සහෝ...

    ReplyDelete
  3. හොදයි.ඔහොම යං.

    ReplyDelete
  4. ela ela pattama arambumak...
    mcn සියලු ලිපි dropdown widiyata hadapan amarui appa kiyawanna... ekin eka kiyawanna onane bn api :D

    ReplyDelete
  5. @දිනේෂ්- ස්තූතියි යාළුවා.ඔව් මේක තමයි ඒ කතාව.

    @චතුරංග - එහෙනම් ඊළඟට ලංකාවේ රහස් පරීක්ෂක කතාවක් ලියන්නම්. හරියට කීටයා වගේ.

    @රාජ- ස්තූතියි යාළුවා

    @ඇනොනිමස් - ගොඩක් ස්තූතියි යාළුවා. අදහසනම් හොඳයි. ඒත් මට හරියටම තේරුනේ නෑනේ

    ReplyDelete
  6. අම්මටෂිරි! විද්‍යාප්‍රබන්ධයක්ද! එළ එළ එළ! :) :) <3

    ReplyDelete
  7. විද්‍යාවත් ලාවට වගේ ගෑවෙනවා සහෝදරයා.ස්තූතියි හොදේ

    ReplyDelete
  8. මට සමවෙන්න සහෝ..මම මේ දවස් ටිකේ බ්ලොග් එන්න බැරි වුනා,,..ඉතිරි එකත් කියවලාම කොමෙන්‍ටුවක් දාන්නම්....
    ඇරඹුමම කඳුලක් වෙලා වගේ....

    ReplyDelete
  9. ෂර්ලොක් හෝම්ස් කතාවක් වගේ.....මම ගොඩක් කැමති මේ වගේ රහස් පරීක්ෂක කතා කියවන්න...ඔහොම දිගටම ලියමුකො එහෙනම්..
    ජය වේවා..!

    ReplyDelete
  10. @දඩබ්බරී - ඔව් ටිකක් ඒ ආරට සමානයි. මොකද මම ඒ ආරට විශේෂ කැමැත්තක් දක්වනවා. ඒ ක්‍රමවේදයන් මාව විශ්මයට පත්කරපු ඒවා. ගොඩක් ස්තූතියි අදහසට. දිගටම කියවන්න යාළුවා

    ReplyDelete