Jan 20, 2012

කාන්තාව සහ අරක්කු බෝතලය..

මත්පැන සහ මත් භාවිතය එකහෙලාම ප්‍රති ක්ෂේප කරන නමුත් කාන්තාව හා අරක්කු බෝතලය ගැන පුංචි අදහසක් ඉදිරිපත් කරන්න හිතුවේ රසවත් අදහසක් පමණක්ම විදියට බාරගන්න කියන කාරුණික ඉල්ලීම ත් කරන ගමන්මයි. මේ මාතෘකාව කතාවුනේ සිංහල බ්ලොග්කරුවන් පසුගිය දිනක ගාල්ල රූමස්සලට එකතුවුන දවසේ. මේ කතාවට සම්බන්ධ වුනු කීප දෙනෙක් හිටියා. ඒ අතර ලිෂාන් අයියා, රංග අයියා, සිංහයා,රෙප් මහත්තයා,චිරාන් ලඟ පාත හිටියා වගේ මතකයක් තියෙනවා. කොහොම වුනත් මට මතක කතාව විතරයි. මේ කතාවේ සාරය වුනේ කාන්තාව හා අර ක්කු බෝතලය අතර තියන සම්බන්ධතාවය පිළිබඳවයි.ඇත්තටම ඒ අදහස ඇහුනම මටත් හිතුනා කොච්චර සමානකම්ක තියනවද කියලා.

පලමුවැන්නා - ඇය උඹ තාම බඳින අදහසක් නැද්ද?

දෙවැන්නා - නෑ බං..අපොයි ඔය ගෑණු ලංකරගත්තාම හරි අමාරුයි..

තෙවැන්නා - සහතික ඇත්ත බන් ඒ කතාව..ඊට වඩා දාහකින් සැපයි මේ බෝතලේ..(අතේ තිබෙන ජින් බෝතලය පෙන්නමින්)


පලමුවැන්නා - ඒ මොකක්ද බොල ඒ කතවා..

තෙවැන්නා - ඇය බං බලපං ගෑනියෙකුයි බෝතලේකුයි කොච්චර සමානද කියලා.. ගෑනියෙක් ලඟට එන්නෙත් සල්ලි තිබුණම..බෝතලයක් අතට එන්නෙත් එහෙමයි..

(හිනා හඬ නැගෙයි)

පලමුවැන්නා - ඒක ඇත්ත..ඇයි ගෑනියෙක් ලඟට ආවත් ඔලුව ඉවරයි..බෝතලේ ලඟට ආවත් ඔලුව ඉවරයි..

දෙවැන්නා - ඇයි බං..ටිකක් වැඩියෙන් පාවිච්චි කලොත් ඔය දෙකම අප්සට් වෙනවා..

(හිනා හඬ වැඩිවෙයි)

තෙවැන්නා - ඒත් බං එක වෙනසක් තියනවා ඔය දෙකේ..ඒක තමයි වැදගත්ම දේ..

පලමුවැන්නා - ඒ මොකක්ද බන් ඒ..

තෙවැන්නා - ගෑනියෙක් ලඟ ඉන්නකොට අරකටයි මේකටයි හැමදේටම කෑ ගහනවා..අරක එපා කියනවා මේක එපා කියනවා..ඒත් බෝතලේ එහෙම නෑ..

දෙවැන්නා - සිරා කතාව බොල..

(සියල්ල සිනාසෙමින් කතාව පිලිගනියි)

ඔන්න ඔහොමයි කාන්තාව හා අරක්කු බෝතලය සමාන කලේ අපේ කට්ටිය. කොහොම වුනත් මේ දෙකේම දුරවලකම් තියනවා වගේම කාන්තාව කියන සංකල්පය ලෝකයේ උත්තම සංකල්පයක් විදියට පිලිගන්න සමාජයක් අදටත් ඉතිරිවෙලා තියනවා. මත්පැන කියන දෙය කොතරම් ඉහලින් වැජඹුනත් එය අහිතකර දෙයක් වගේම බොහොමයක් ගැටළු වලට හේතුවක් වෙන දෙයක්. ඒක නිසා මේ අදහස හුදෙක් විනෝදය සඳහා පමණක් යොදාගැනීම වඩාත් සුදුසුයි.

20 comments:

  1. හිකිස්...
    ඇති යන්තම් කතාව වත් මතක තිබුන අර දත කට ශොට් එකේ හැටියට... අර "සුපිරි පිම්ම- The මව වෙච්ච දේ Show 2" එක

    හිකිස්...
    එතන ජින් තිඋනෙ නම් නැතෝ... ඒ තිබුනෙ වයින් ය...
    :D

    ReplyDelete
  2. කෙල්ලටත් බොන්ට පුරුදු කරල දෙකම ළඟට ගත්ත නම්.... මළා ය...
    :ඩී

    ReplyDelete
  3. @පවනි - ඔව් බන් අර වැදුනු පාරේ හැටියට මට බ්ලොග් සංසාරෙම අමතක වුනා..ඒත් කතාව ලාවට මතක තිබුණා..ඔය දෙකම ලඟට ගන්න එක වාතේ බන්

    ReplyDelete
  4. කාන්තාවො කියන්නෙත් ඉතිං බොහොමයක් ගැටලු වලට හේතුවක් තමා.. :) ඒ වගේම 75%ක් සරීර සෞඛ්‍යට අහිතකරයි..

    ReplyDelete
  5. ජීවිතේ කියන්නෙ..... ගීතයයි ....මීවිතයි...ගැහැණියයි....

    ReplyDelete
  6. හොඳට බොන කෙල්ලෙක් සෙට්කරගත්තනං හරි.....

    ReplyDelete
  7. @සාතන් - කතාව ඇත්ත..නමුත් නැතුව පැවැත්මක් නෑනේ

    @සුමිත් - කියලා වැඩක් නෑ සුමිත් අයියා..ත්‍රිකෝණයක් තුල විචලනය වෙනවා ජීවිතේ

    ReplyDelete
  8. @ඔබ නොදුටු ලොවක් - අදහස හොඳයි මස්සිනා ඒත් ප්‍රායෝගික නෑනේ.හිකිස්

    ReplyDelete
  9. අරක්කු නම් බීවුවම මත් වෙන්නේ.. ඒත් කාන්තාවක් දැක්කම මත් වෙනවා...

    ඔන්න ඕක තමයි මගේ මේ දෙක ගැන තියෙන අදහස...

    ReplyDelete
  10. ඒකත් එහෙමද. අනේ අනේ.

    ReplyDelete
  11. @දිනේෂ් - ඒකත් හොඳ වෙනසක්..මීවිතටත් වඩා මත් කරවන ස්ත්‍රී ශෝභා

    @පිණිබිඳු - ඔන්න ඔහොමලු වෙන්න යන්නේ සහ වෙන්නේ

    ReplyDelete
  12. අනේ අපි නම් ඔව්ව දන්නේ නෑ..කාන්තාව ගැන නම් තව ටික කාලෙකින් කියන පුළුවන් වෙයි..එත බෝතලේ ගැන නම් කවදාවත් මුකුත් කියන්න අදහසක් නැත!!!

    ReplyDelete
  13. අනේ ඉතින් මගේ කට

    ReplyDelete
  14. @ගිනි කුරුල්ලා - ඒකනම් බොහොම හොදයි..දෙකෙන්ම එක ප්‍රතිඵලය තමයි

    @වර්ණා - ඔව් ඉතින් නංගා කටනම් ටිකක් අප්සට් තමයි..හික්ස්

    ReplyDelete
  15. හික්ස්.... බෝතලය ගැහැනිය තරම් සෞඛ්‍යයට අහිතකර නැතුව ඇති මයෙ හිතේ!

    ReplyDelete
  16. අම්මපා ඇත්ත සහෝදරයා..අනතුරු සහිතය

    ReplyDelete
  17. දෙකම අති භයංකරයි..එච්චරයි...හැබැයි දෙකම සුන්දරයි..අර භයංකර ගතිය ඒ සුන්දරතාවයෙන් වැහිලා තියෙන්නේ...

    ReplyDelete
  18. ලොකු අයියා ඒකනම් කිව්වේ අත්දැකීම්වලින්ම නේද..පැහැදිලිවම සුන්දර බව වසා ඇත භයංකර ගතිය..හරියට බාඳුරා මලක් වගේ

    ReplyDelete
  19. කිවුව එකා කවුරු වුණත් කතාව සහතික ඇත්ත

    මට බෝතලේ මගෙ බෝතලේ සින්දුව මතක් වුණා ...

    ReplyDelete
  20. කෙල්ලත් බිව්වෝතින් බඩුම තමාය අනාගතේදී සැමියාට බිරිඳගෙන් ගුටි කෑමට සිදුවනවාය...සඳරු අයියගේ පෝස්ට් එකට එහෙව් පුවතක් දා ඇත්තේය ලින්ක් එක සොයා මෙහි පල කරන්නට අදහසක්ද ඇත්තේය

    ReplyDelete