Jan 24, 2012

අහෝ ඩිල්ෂාන්...නුඹේ ස්කූප් පහර උඩපන්දුවක් විය


“ඩිල්ෂාන්ට කැප්ටන්සි එක දීලා“ ඒ පුව ත කණවැකුනේ මීට මාස ගණනකට පෙර රුහුණු ගුවන් විදුලියේ මැදිරිය අසල සිට පාසල් තරඟයක් නිවේදන කටයුතු කිරීමට පිටත්ව යන අවස්ථාවේ දීය. එම පුවත කණවැකුණු වහා ක්‍රීඩා අංශයේ ප්‍රධානී අමිත් කරුණාරත්න මහ තා මගෙන් ඇසුවේ “ ජනරඟ..මොකද හිතන්නේ ඩිල්ෂාන් හොඳද කැප්ටන්සි එකට?“.. තරඟයක සජීවී විස්තර විචාර යෙන් අනතුරුව සමාලෝචනයේදී කරන විශ්ලේෂනයක් මෙන් මේ පැන යට පිලිතුරු දුන් මම කියාසිටියේ..


“ඩිල්ෂාන් හොඳ ප්ලේයර් කෙනෙක්..ඒ ත් කැප්ටන්සි එකට ආවේගශීලී වැඩියි..මොකද ලංකාව වගේ විවිධ මාන සික හා දක්ෂතා මට්ටම්වල ඉන්න ක්‍රීඩකයන් මෙහෙයවන්නයි පරිපාලනේ සමග දැලිපිහියෙන් කිරිකන්නයි ඩිල්ෂාන්ට ටිකක් අමාරුයි“



මගේ විශ්ලේෂණය අවාසනාවකටදෝ නිවැරදි වී ඇත. මා පුරෝකථනය කල හේතුවලටත් වඩා ඉහල සාධක නිසා ඩිල්ෂාන් ඊයේ නායකත්වයෙ න් සමුගැනීමට තීරණය කල අතර මහේල නැවතත් නායකත්වයට පත්විය. එය පිටුපස තිබෙන තත්වය ඉදිරියේදී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට කෙසේ බලපායිද යන්න සිතාගත හැක.


ඩිල්ෂාන් නායකත්වයට පැමිණීමත් සමග ඔහු ඉතා නිවැරදි මෙන්ම එඩිත ර තීරණයක් ගත්හ. ඒ කෝටි ගණනක මුදල් අතහැර රටවෙනුවෙන් එංග ලන්ත සංචාරය මෙහෙයවීමට ලංකාවට පැමිණීමය. එය  එකල විවාදාත් මක මාතෘකාවක් විය. ලෝක කුසලානයේ පරාජයේ දුක නිවෙන්නටත් පෙර කහවනු සොයා ඉන්දියාවට ගිය ලංකා ක්‍රීඩකයන් ඉන්දියාව වෙනු වෙන් හැප්පෙද්දී ලංකාවට එරෙහිව එංගලන්ත පිල කඩු තෝමර සන්නද්ධ කරන්නට විය. එංගලන්ත තරඟාවලියට පැමිනීමට තමන්ට නොහැකි බවත් අයි.පී.එල් සමග අත්සන් කර ඇති ගිවිසුම් ප්‍රාකාරව තමන්ට එසේ කල නොහැකි බවත් පවසමින් ජේෂ්ඨ ක්‍රීඩකයන් බයිලා නටන්නට විය. ක්‍රිකට් පරිපාලනයද ඉන්දියානු ක්‍රිකට් පරිපාලනයට ඇති බය පක්ෂපාතීත්වය නිසා එංගලන්ත සංචාරයට පලමුපෙල කණ්ඩායමක් යවන්නට සූදානම් විය. නමුත් නායකත්වය බාරගත් ඩිල්ෂාන් ඒ සියල්ල පුස් වෙඩිලි බවට පත්කරමින් අයි.පී.එල් කහවනු අතැර ලංකාවට පැමිණ කණ්ඩායම බාරගෙන එංගලන්තයට යන්නට සූදානම්විය. නායකයා පැමිණි හෙයින් අනිත් ජේෂ්ඨයන්ටද එන්නට සිදුවිය. මාලිංග ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගෙන අයි.පී.එල් පිනවීමට නතර විය. කෙසේ වෙතත් එම එඩිතර තීරණය හේතුවෙන් එංගලන්ත සංචාරය පරාජය වුනත් ලංකාවේ නම රැකිණි.


එතැනින් ඇරඹි ඩිල්ෂාන්ට එරෙහි සාධක ප්‍රබල වන්නට වූයේ දිගින් දිගට ලත් පරාජයන් හා ඩිල්ෂාන්ද අසාර්ථක වීම හේතුවෙන්ය. මුරලි,වාස්,ජයසූරිය නොමැති එක්දින පිලක්ද..මුරලි,මාලිංග සහ හොද පිතිකරු අංශයක් නැති ටෙස්ට් කණ්ඩායමක්ද සමග ඩිල්ෂාන් ක්‍රීඩාකලද ජය පිපාසය සංසිදවිය නොහැකි විය. අවසානයේ දකුණු අප්‍රිකානු සංචාරයේ අසිරිමත් ටෙස්ට් ජයක් ලැබුවත් තරගාවලිය පරාජය විය. අගනා තරග දෙකක් ජයගත්තත් එක්දින තරඟාවලියද පරාජය විය. එය පීඩනය හමුවේ වේගපන්දුවට ඩිල්ෂාන් ගැසූ සුප්‍රසිද්ධ ඩිල්ස්කූප් පහරක් උඩපන්දුවක් බවට පත්වීමක් විය. ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්විය. අමාත්‍යවරයා පවසා තිබුණේ ඔහු එසේ නොකරත් මෙම තරඟාවලියෙන් අනතුරුව එය සිදුකිරීමට සිටියා වැනි කතාවකි.


මෙම පරාජයන්ට ඩිල්ෂාන් පුද්ගලිකව වගකිව යුතුය යන කතාව විහිලුවකි. නායකත්වයේ අඩුපාඩු ඇත. එහෙත් කණ්ඩායමක් වශයෙන් එක්ව ක්‍රීඩාකලානම් සහ පරිපාලනයෙන් එයට නියම පිටුබලය ලැබුණානම් ඩිල්ෂාන්ට මෙසේ කණගාටුවෙන් යන්නට සිදුනොවනු ඇත. මෙහි අභාග්‍ය සම්පන්න පෙරලකුණ නම් මේ තත්වය යටතේ ඩිල්ෂාන් නැමති දකුණත් කසකරුවාගේ ආරම්භක පිතිකරු භූමිකාවේ කඩා වැටීම ක් සිදුවුවහොත් වන තත්වයයි.


නමුත් එසේ නොවී අතීතයේ දස්කම් පෑ සුපිරි පිතිකරුවා වීමට ඩිල්ෂාන්ට හැකිවේවා යන්න අපේ පැතුමයි...

6 comments:

  1. ඇත්ත ජනරඟ... ඩිල්ෂාන් හොඳ නායකයෙක් නොවුනත් හොඳ ක්‍රීඩකයෙක්... ඩිලී රිසයින් වුනු එක ගැන නම් මම සෑහෙන්න සතුටුයි. මොකද එයා හින්දා මැච් පරදිනවා කියලා නෙවේ. ඒක හොඳ ක්‍රීඩක ලක්ෂණයක්, හොඳ ආදර්ශයක් නිසා... විශේෂයෙන් එක පිට එක පරදින ඉන්දියාවට !!!

    ඩිලී ආරම්භක පිතිකරු භූමිකාව පෙරටත් හොඳින් කරාවි... මහේලගේ නායකත්වය හා මානුෂීය ගුණ ගැන මට ප්‍රශ්ණයක් නැතත් පිතිකරුවෙක් හැටියට අසාර්ථක වීම නායකත්වයට බලපෑමක් කරන්නත් තියෙනවා. කොහොම වෙතත් ඕස්ට්‍රේලියානු තුන්කොන් සටනින් අනු ශූරයන් වෙන්නට හැකි නම් ඒත් ඇති...!

    සිංහයන්ට ජය !!!

    ReplyDelete
  2. නායකයා අසාර්ථක උනත් සාමූහිකව සෙල්ලම් කරලා ජය ගන්න කණ්ඩායම් අපි ඕන තරම් දෙකලා තියෙනවා.. මම පෞද්ගලිකවම දිල්ෂාන්ට දොස් කියන්නේ නෑ.. ඔහු ආවේගශිලි වෙන්න පුලුවන්.. ඒත් දැං තවත් මේ දේවල් කතා කරන්නට කාලය නෙමෙයි.. දැං හැම දෙයක්ම වෙලා ඉවරයි.. දැං හිතන්න ඕනේ කණ්ඩායම කලින් හිටපු තත්වයට එන්නෙ කොහොමද කියන එක.. මම හිතනවා දිල්ෂාන් වෙනදා වගේම සාර්ථක වේවි.. ඒ සළකුණු අවසන් තරග දෙකෙන් අපි දැක්කා..

    ReplyDelete
  3. ඩිල්ශාන්ගේ නායකත්වය හොඳ නැතිබව මම මුලින්ම දැක්කේ 20 20 තරඟයක නායකකම ඩිල්ශාන්ට දුන්නුවෙලේ..

    හැබැයි මැච් පැරදීමේ වගකීම තනිකර ඩිල්ශාන් මත පැටවීම වැරදියි..

    අනික ලෝකයේ ඕනෑම කණ්ඩායමක් කාලයකදී දිනනවා කාලයකදී කනවා..ඕක ලෝක ස්වභාවය..අපේ කණ්ඩායම පරදිනවා බලන්න අකමැති වුනත් එක කණ්ඩායනක් පරදින්න ඕනනෙ..

    මෝඩ ඇමතිලා බොරුවට උඩ පනිනවා..

    ReplyDelete
  4. අන්තිම තරඟ දෙක හරි දිනලා ආපු එක ලොකු දෙයක් නැත්තම් ලොකු පීඩනයකින් ඕස්ට්‍රෙලියාවේ යන්න වෙන්නේ ටීම් එක නරක නෑ කියලත් ඔප්පු වෙච්චි නිසා බලමු ඉදිරිය....ඒත් මහේලට ආයේම නායකත්වය නොදී මැතිව්ස්ට දුන්නනම් හොඳ වෙයි කියලා හිතෙනවා...එයා ෆෝම් එකේ නැති නිසාද දන්නේ නැ හැබැයි අයේ මහේලටම දුන්නේ

    ReplyDelete
  5. @චතුරංග - ඔව් චතුරංග පැහැදිලිවම ඩිල්ෂාන් හොඳ ක්‍රීඩකයෙක් වශයෙන් ඔහුට වඩාත් ඉහල දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. මොකද ඩිල්ෂාන් කියන්නේ මැදපෙල ක්‍රීඩා කරලා මුල් පෙලට පැමිණිලා දක්ෂතා ඉහල නංවා ගත්ත කෙනෙක්.ඒ වගේම අත්‍යවශ්‍ය අවස්ථාවල දක්ස පන්දු යවන්නෙක් විදියට වගේම දක්ෂතම පන්දු රකින්නා විදියට විශාල දෙයක් කල හැකි ක්‍රීඩක යෙක්.

    @දිනේෂ් - අවසන් තරඟ දෙකේ ජයග්‍රහණය අළු මතින් නැගී සිටීමක් විදියටත් ඩිල්ෂාන්ගේ ඉල්ලා අස්වීම වෙස්වලාගත් ආශිර්වාදයක් බවටත් පත්කර ගත්තොත් ලංකා කණ්ඩායමට එළඹෙන කොමන්වෙල්ත් තරඟාවලියෙන් නව අඩිතාලමක් දාලා කණ්ඩායම නැවතත් ගොඩනගා ගැනීමට හැකිවේවි.

    ReplyDelete
  6. @හරී - ඔව් ඔබේ අදහසත් නිවැරිදියි..මේ ශ්‍රී ලංකා පිලේ සංක්‍රාන්ති සමයක් විදියට සලකන්න පුළුවන්.නවකයන්ගේ ආගමනයත් එක්කම ඕනෑම දක්ෂ කණ්ඩායමක් යම් පසුබෑමකට ලක්වෙලා නැවත සුපුරුදු රටාවට එන්නේ නවකයන්ගේ දක්ෂතා හොදින් ඔප මට්ටම් වූ පසුවයි. කඩාවැටීමට වගකීම ඩිල්ෂාන් පිට පටවලා ගැලවෙන්නට බෑ.ඒකට බලපාන කාරණා රාශියක් තියනවා.ප්‍රසිද්ධියේ කිව හැකි දේ මම මේ ලිපියෙන් කිව්වා අනිත් දේවල් තහනම්

    @ගැමියා - මැතිව්ස් කියන්නේ හොද ආරම්භයක් පෙන්නපු ක්‍රීඩකයෙක් අවාසනාවකට ලෝක කුසලාන තරඟාවලියෙන් පස්සේ ඔහුගේ යම් වෙනසක් තියනවා සුපුරුදු රිද්මය අහිමිවෙලා වගේ. නමුත් ඒ අතරේ දිනේෂ චන්දිමාල්,ලහිරු තිරිමාන්න,භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින් කණ්ඩායමේ සංයුතිය වෙනස් කරන්න බලාගෙන ඉන්නවා. ඕස්ට්‍රේලියානු සංචාරයේදි මැතිව්ස් ලකුණු අතරට පැමිණියේ නැත්නම් උප නායක තනතුර පසෙක තබා කණ්ඩායමෙන් ඉවත් කිරීමේ අවදානමක් ඔහුට තියනවා

    ReplyDelete