Jan 14, 2012

කටුවෙන් පිටතට එන්න.. CHAnge වෙන්න


පසුගිය දිනක පැවති ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂයේ තරුණ එකමුතුව විසින් සංවිධානය කර පවත්වනු ලැබූ ඡායාරූප හා පොත් ප්‍රදර්ශනය සමගා මීව පැවති සංවාද මණ්ඩපයේදී කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකා කීපයක් විය. ඒ අතර වත්මන් තරුණ පරපුරේ ප්‍රවණතා ගැන දැඩිලෙස කතාබහට ලක්විය. එනම් අතීතය හා සසඳා බැලීමේදී තරුණ පරපුර මත සිදුවූ පසුගාමී හා පෙරටුගාමී සාධකයන් මත ඇතිවූ බලපෑම් පිලිබඳවය. අතීතය හා සසඳා බැලීමේදී එයට සියයට සියයක් සර්ව සමාන හා සම්පූර්ණ තරුණ පරපුරක් බලාපොරොත්තුවිය නොහැක.

අතීතය හා සසඳන කල අද තරුණ පරපුර තාක්ෂණික හා ක්‍රමවේදාත්මක අන්තයෙන් ගව් ගණනක් ඉදිරියට ගොස් ඇති බව න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකවද අධ්‍යයනය කල හැක.එසේ ඒකාන්තිව පෙරට ගිය හා සංවර්ධනය වූ තරුණ පරපුර සාහිත්‍ය,ආධ්‍යාත්මික හා ආකල්පමය අතින් ගව් ගණනක් පසුපසට විසිවී ඇති බවද කණගාටුවෙන් වුවත් දැක ගත හැක.එයට අභ්‍යන්තර මෙන්ම බාහිර සාධක ගණනාවක් බලපා ඇත.

තාක්ෂණය සමග තරුණ පරපුරේ සිතුම් පැතුම් යාවත්කාලීන වීම පමණක් නොවේ සියවස් ගණනාවක් ඉදිරියට දිගුවක්ද ලැබී තිබේ.නමුත් එයින් සමාජ හුදෙකලාව ඉහල ගොස් ඇත.භෞතිකමය මානව සබඳතා සීමා සහිත වී ඇත.
අනික් හේතුව කාලය පිළිබඳ ගැටළුවයි.දවසට ඇති පැය ගණනත් රාජකාරී ප්‍රමාණයත් සමපාත නොවීමේ පොදු ගැටළුව තරුණ පරපුරටත් එකසේ බලපා තිබීම හේතුවෙන් තරුණයා මානව සබඳතා හා සමාජයීය තත්වයන්ට එකසේ අනුගත නොවීමේ ඛේදවාචකයක් වෙත ගමන් කරමින් තිබේ.සැබවින්ම මෙය හැඳින්විය යුත්තේ කටුවක් තුල අභ්‍යන්තරව ගෙවන ජීවිතයක් වශයෙන්.මෙම කටුවෙන් පිටත් ඒමට සාධක ගණනාවක් නූතන තරුණ පරපුරට ඉඩ නොදේ. නොඑසේනම් change  වෙන්නට ඉඩ නොදේ. මේ හේතුවෙන් ආකල්ප අතින් දුර්වල සමාජයක් ගොඩනැගීමේ ප්‍රතිඵල ඇස්පනාපිටම දක්නට ලැබී ඇත.


දුර්වල රසාස්වාදනය,පෞර්ශය සම්බන්ධ ගැටළු, දීන බව, නිර්මාණශීලිත් වයේ අඩුපාඩු වැනි අතුරු ප්‍රතිඵල මෙයට පසුව පිටුබල දෙන්නකි. මේ කටුවෙන් පිටතට පැමිණ ප්‍රායෝගික ස්ථරය මත ජීවත්වෙන තත්වයට නූතන පරපුර ගෙන ඒම අමාරු කාර්යභාරයක් නොවේ. නමුත් එය ඇරඹිය යුත්තේ ආකල්ප වලිනි. එවිට මේ සැබෑ වෙනසට අනුගත වීම බොහෝ පහසු වනවා ඇත.

9 comments:

  1. ඇත්ත සහෝ... විවේකය අඩු වුනාම නිර්මාණශීලීත්වයත් අඩුවෙනවා...

    ReplyDelete
  2. පැහැදිලිවම සහෝදරයා..විඩාබර මනසක හා ශරීරය නව්‍යතාවයන්ට දක්වන උපයෝගීතාව බෙහෙවින් අඩුයි..අපිට අද නව ප්‍රවාද බිහිකරන්න බැරිවෙන්න ප්‍රධාන හේතුව මේක

    ReplyDelete
  3. ඔය කාරණේ අපේ ෆීල්ඩ් එකට නම් අදාළ වෙන්නේ නැ. මොකද අපි හැම තිස්සෙම ඉන්නේ මිනිස්සුත් එක්ක. ඒක නිසා මානව සබදතා නම් උපරිමයි. ඒත් විවේකය කියන ඒක තමයි නැත්තේ.

    ReplyDelete
  4. ඇත්ත නිර්මාණයක් කරන්නත් හොද මානසික පසුබිමක් තියෙන්න ඕන.. ඉතින් කෙනෙක්ට එහෙම පසුබිමක් හදාගන්න අමාරු වෙන කොට අළුත් දේවල් ගැන හිතනවා අඩුයි...

    ReplyDelete
  5. @වර්ණා - ඔව්..මේ ප්‍රායෝගික ඇත්ත

    @රෙප් - ඒක ඇත්ත..නමුත් අතීතය හා සසදා බලද්දි අලෙවි ක්ෂේත්‍රයේ සබඳතා යාන්ත්‍රීකරණය වීම මත මානව සබඳතා බිහිවීමේ පැහැදිලි අඩුවක් තියනවා

    ReplyDelete
  6. @දිනේෂ් - ඔව්..දිනේෂ් සහෝදරයා දන්නවා ඇති විදෙස් රටක ඉදන් වගකීම් රාජකාරීමය වශයෙන් කර මතට අරගත්තම නව නිර්මාණකරණය ඇන හිටින බව

    ReplyDelete
  7. කාලය කොච්චර කලමණා කරනය කර ගත්තත් මටත් ඔය කියන චේන්ජ් වෙන්න තියෙන වෙලාව හුගක් අඩුයි. ඉතින් නිර්මාණ කියන්නේ මොකක්ද කියලත් ටික කාලයකින් අමතක වෙයි වගේ.ඒ තරමට මාත් කාර්‍ය බහුල වෙලා දැන්.
    තව එකක්,
    ඔයා කියන තරම් ලේසිත් නෑ මලේ වත්මන් පරපුරේ ආකල්ප වෙනස් කරන්න.ඒත් උත්සාහ කලොත් බැරිත් නෑ තමයි.

    ReplyDelete
  8. @නාකියා - ඇත්ත ඒක අද හැමෝටම පොදු දෙයක් වෙ ලා..වත්මන් පරපුරේ ආකල්ප වෙනස්කිරීමට නවආරක නිර්මාණකලාවත් වඩාත් වැදගත්..

    ReplyDelete