Mar 21, 2012

සුබ පැතුම්... හිස් අහස මත මෙලෙසින් තබමි..අපේ ඉසව්වේ සිට


අන්තර්ජාල අවකාශයේ සිංහල සංස්කෘතිය නැංවීමට සෑම සිංහල බ්ලොග්කරුවෙක්ම ශක්තියක් ලබාදෙයි. එයින් පෝෂණය වන අන්තර්ජාලයේ සිංහල ලකුණු කෙදිනක හෝ ඉහලින්ම වැජඹේවීයයි පුද්ගලික විශ්වාසයයි. අද සයිබරයට සිංහල අදහස් කවන සමතුන් අතර හුවමාරුවන මෙන්ම දිගහැරෙන අදහස් අනාගතයටත් සුරැකිව තිබීම වඩාත් වටී.

   “හිස් අහස“ බ්ලොග් අඩවිය රචනා කරන සඳරු ලබාගත් ඒ ජය හදවතින්ම අගය කරමින් සුබ පැතුම් එක්කර සිටිමි. නිදහස් අතැඟිලි මත ධාවනය කල නිවහල් අදහස් මතින් ඔහු කල කාර්යභාරයට කොළඹ රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය අංශය මගින් සංවිධානය කරන “අසනිය කුසුමේ“ හොඳම බොලොග් අඩවියට හා හොඳම පුද්ගලික බ්ලොග් අඩවියට හිමි සම්මාන ලබමින් සැබෑ තාත්වික හා ප්‍රායෝගික ඇගයීමට ලක්වීම මිත්‍රස්නේහයෙන් අගය කරමි.


   “ග්‍රාම්‍ය මතකයේ අදහස් ගොන්නේ සිට සිත් විනිවිද යන නවමු හැඟුම් මතින් සමාජය තුලට එන්නත් කරන රුචිකත්වයට සරල හා නිර්ව්‍යාජ වදන් කැටියක් ලෙසින් මෙන්ම, සරල සමාජය ආමන්ත්‍රණය කරමින් ධාරිතාවට ගැලපෙන අදහස් සපයන හිස් අහස“ සැබෑ ලෙසින්ම හිස් නොවුණු අදහසින් පිරී  ගිය අහසක් මෙන්ම අදහසක් බවට පෙන්වා දී ඇත. එදා ලක්බිම පුවත්පතේ ඇගයීමට ලක්වූ මෙන්ම අන්තර්ජාලයේ සිංහල අවකාශයේ සැරිසරන්නන්ගේ නිති ඇගයීමට ලක්වූ සඳරු ඔබට මගේ සුබ පැතුම්. 

   අවසානයේ යමක් කිව යුතුය...අපි අවකාශයේ විවිධ භාෂාවලින් හා විවිධ මාධ්‍ය වලින් කියවන බොහෝ දේ ඇත..ඉන් සමහරක් අපේ හිත තුල නිදන්ගතවී අවැසි මොහොතක ජීවිතයට පෝෂණය සපයයි..තවත් සමහරක් අපේ හිත විසින්ම ඉවතට විසිකරයි..එසේ දෙයාකාරයකින් අපේ හිත පවා වර්ගීකරණය කරන්නේ තමන්ගේ බුද්ධිය හා රසවින්ඳනය මතය..එසේනම් හැමදාම රැඳෙන්නට දේවල් ලියනවා මිස වරක් භාවිතා කර විසි කරන යමක් නොලියන්නට වරම් ලැබේවා යන්න පැතුමයි!

12 comments:

  1. සඳරු අයියාට අපේ සුභපැතුම් පිරිනමමු! :)

    ReplyDelete
  2. හිස් අහස වෙනුවෙන් ලැබුණු සම්මාන ....ගැන සුභ පතන ගමන්ම ..... එය හිස් අහස කියවන සැමට මෙතරම් සතුටක් වන නිසාම එය තවත් වැඩිවේ.

    ReplyDelete
  3. සදරුවට මම හවස ඉදන්ම කතා කරන්න ට්‍රයි කලා සුභ පතන්න.. ඒත් ලයින් වැඩ නෑ.. පස්සේ මැසේජ් එකක් දැම්මා හෙට කතා කරනවා කියලා හිතාගෙන..

    ReplyDelete
  4. සඳරු මලයද දිනුම් ! සුදුස්සාටම ලැබුනු ජයග්‍රහනයක් , මගේ සුභ පැතුම් !

    ReplyDelete
  5. සදරුය මගෙනුත් හෘදයාංගම සුභ පැතුම්.

    ReplyDelete
  6. සුභ පැතුම් සඳරු සහෝ... !!! විශිෂ්ඨයි !!!!

    ReplyDelete
  7. සදරුව ගැනනං කියල වැඩක් නෑ. හැබැයි මෑත කාලෙ ඌ ටිකක් විතර බිසි වගේ. මට බය බ්ලොග් ලිවිල්ල ඕනවට වඩා ස්ලෝ වෙයිද කියල.
    කොහොම උනත් සුභපතනව. අපේ දෙකයි පනහේ බ්ලොග් කියවල කොමෙන්ටුවක් දාල යන්න තරම් හිතහොද එකෙක්.

    ReplyDelete
  8. මගෙනුත් සම්මාන ලද හැමෝටම සුභ පැතුම් :)

    ReplyDelete
  9. ජයවේවා සඳරු අයියේ.....ජයම වේවා. සුබම සුබ පැතුම්

    ReplyDelete
  10. ස්තූතියි මිත්‍රයා !!

    ඇත්තටම යමක් දිනා ගත්තා කියලා දැනෙන්නේ මේව කියවනකොට තමයි . බ්ලොග් එක සපටන්ගනිද්දී හිතුවේ නෑ මම ලියන ඒවා කියවන්න එකෙක්වත් ඉඳීවි කියලා.. ඉතින් මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ ..

    ඉතින් අපේ ඉසවුව බ්ලොග් අඩවියටත් . මේ කමෙන්ට් වලින් සුබ පතලා තියන අයටත් බෝම ස්තූතියි ..!

    ReplyDelete
  11. සුභ පැතුම් සඳරු අයියෙ....ජය වේවා....!!!

    ReplyDelete