May 21, 2012

ආයෙමත් ආදරෙන් - 3 වැනි කොටස

පසුගිය කොටස් - පලමු කොටස   දෙවනි කොටස 

 බස් එකක් අල්ලගන්න පරක්කු වුන නිසා නැන්දගේ ගෙදර එද්දි ගොඩක් පරක්කු වුනා. ගෙදර ගේට්ටුව ලඟදිත් අල්ලපු ගෙදර දිහා බැලුවේ අර මාර දූතිය කඩු පොලු අමෝරගෙන ඉන්නවද දන්නෑ කියලා. වෙලාවට නෑ..ඕකට තමයි කියන්නේ ගොරවන තරමට වහින්නේ නෑ කියලා...ඒකිගෙත් බොරු ගොන්පාට් විතරයි.මට පේන විදියට සමීරයා ගහපු ඇස් පාරට මේකි සරෙන්ඩර් වගේ..පවු පොඩි කෙල්ල.

මම තනියම හිත හිත ගෙදර ආවා. ටිකක් රෑ වෙලා ඉස්තෝප්පුවට වෙලා අහස දිහා බලන් ඉන්න එක හිටපු ගමන් මගේ පුරුද්දක්. ඒ වෙලාවට පලාතම නිෂ්ෂබ්ද නිසා මුහුදේ හඬ හොදට ඇහෙනවා. නැන්දලගේ ගෙදර ඉඳන් මුහුදට කිලෝමීටරයක්වත් නෑ. අහස දිහා බලන් ඉන්නකොට ඇහෙනවා ජිත්මිලගේ ගෙදර පැත්තෙන් ලස්සන සිංදුවක්..මම හිතන්නේ ජිත්මිගේ කාමරෙන් වෙන්න ඕන..මොකද මේ වගේ ප්‍රේමාන්විත සින්දු අහන්න රසවින්දනයක් අර මාරදූතිට තියෙයි කියලා හිතන්න අමාරුයි.


.... රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් - ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරන්....

සිංදුවේ තාලෙත් එක්ක හීන් හඬින් සිංදුව කියන්නේ ජිත්මිගේ හඬ..මොකද මේ රෑ ජාමේ මේකි මේ ප්‍රේම ගීත ගයන්නේ..ලව් සික්ද කොහේද..පව් දුක තමයි රංජනී

“ ඔය කෙහෙල්මල වහලා දානවා ඕයි...මොන මගුලක්ද....“

මහ හයියෙන් ඇහුන බෙරිහන්දීමත් එක්ක එක පාරටම ටී එම් ගේ හඬ වියැකිලා ගියා.

“මොකක්ද නංගි...මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ“

ඒ ඇහුනේ ජිත්මිගේ හඬ. කලින් ඇහුණ බෙරිහන් දීම නෙත්මිගේ..හවස වෙච්ච සිද්ධියට නෙත්මි තරහා ගිහිල්ලද කොහේද..දැන් ගෙදර ඇවිල්ලා සුර අසුර යුද්ධේ

“මට මොකුත් වෙලා නෑ ඕයි..තමුසෙගේ ඔය අඬෝ වැඩියාව අහන්න බෑ..“

“අඬෝ වැඩියාව...මෙන්න වැඩක්...අච්චර ලස්සන සිංදුව නවත්තලා ඉවර වෙලා එක එක ඒවා කියන්නත් එනවා...යනවා යන්න“

ජිත්මි නංගිව කාමරෙන් එලවලා දාලා දොරත් වැහුවද කොහේද. අපොයි මමත් මේ ඩොටී ඇන්ටි වගේ ගෑණු ළමයින්ගේ ඕපදූප අහගෙන ඉන්නවා. 

   ටික වෙලාවක් අහස දිහා බලන් ඉඳලා මමත් ගියා කාමරේ පැත්තට

                               * * * * * *  * * * * 

     පහුවෙනිදා නැගිටින්න පරක්කු වුණු නිසා බස් හෝල්ට් එකට එනකොට උදේ කාර්යාල සේවේ බස් සේරම ගිහින්. දැන්  ඉතින් කාපන්කෝ කට්ට.

   විනාඩි පහක් යන්න වුනේ නෑ මම දැකපු දෙයින් මගේ ඇඟම රත්වුනා. පුබුදු මාවත පැත්තෙන් පැද්දි පැද්දි එන සුරදූතිකාවෝ දෙන්නෙක් දැක්ක ගමන් මට දුවන්න පාර නැතිවුනා. ජිත්මි ඉස්සරහින් එයාගේ පැත්තකින් නෙත්මි එනවා මූණ කුන්ද හට්ටියක් වගේ කරගෙන. ජිත්මිනම් පුරුදු විදියට බිම බලාගෙන හීන් හිනාවක් දාගෙන එනවා.

   එක අතකට මම මොකටද බය වෙන්නනේ. මම වරදක් කරලා නෑනේ. සමීරයා කරපු දේවල් වලට මම මොනවා කරන්නද. මොනවාහරි කිව්වොත් මමත් නිකන් ඉන්නෑ. කියනවා හොඳ එකෙන්. දඟලලා කොල්ලොන්ට කියලා ඇස් ගස්සවගෙන දැන් අපිට රවලා හරියනවද

හෝල්ට් එකට එනකොටම මුලින්ම ජිත්මි දැක්කේ මාව. එයා පුරුදු විදියටම ගණන් ගන්නෙවත් නැතුව බිම බලාගත්තා. ඒත් නෙත්මිගේ ඇස්දෙක රවුම් වුනා මම දැක්කම. ඇස් දෙකෙන් ඩොලර් පනිනවා වගේ..නෙත්මි ආවා විදිල්ල වගේ මගේ ලඟට.මට හිතන්නවත් වෙලාවක් වුනේ නෑ.

“ මේ තමුසෙගේ යාළුවගේ ඇස් වල මොකුත් ලෙඩක් තියනවද...“

නෙත්මි වෙඩි උණ්ඩයක් වගේ ඇහුවා. මට දෙන්න උත්තරත් ආවේ නෑ. ඇයි දෙයියනේ කෙල්ලෙක් මෙහෙම රෞද්‍ර විදියට ප්‍රශ්න අහනවද කොල්ලෙක්ගෙන්.

“ මම...මම ...ම දන්න තරමින් එහෙම නෑ නංගි“

ෂික් මට වචනත් පැටලෙනවා.විලි ලැජ්ජාවේ පණ යනවා. එතකොටම ජිත්මි ඇවිත් නෙත්මිගේ අතින් අදින්න ගත්තා.

“නංගි ඔයාට මොකද වෙලා තියෙන්නේ..මෙහෙට එන්න..මොනාද අනේ මේ හැසිරෙන විදිහ...මම යනවා ගෙදර හරිද“

ජිත්මි අතින් ඇද්දට නෙත්මි හෙල්ලුනේවත් නෑ. ඇස්දෙක ඩොලර් සයිස් එකේම තියන් ආයෙත් මගේ පැත්තට කඩන් පැන්නා.

“තමුසෙ දන්නෙ නැතිවුනාට මම දන්නවා...කියනවා ඌට කකුල් දෙක කඩාගන්න එපා කියලා“

තමුසේ කියපු එකටනම් මට යකා නැග්ගා. මොකද මේ කොහේවත් යන කෙල්ලන්ගෙන් තමුසේ කියලා අහගන්න අපි කරපු වරදක් නෑනේ. මගේ කටටත් පණ ආවා.

“අල්ලපු ගෙදර නංගි නේද කියලා කට වහගෙන හිටියේ...මේ නංගි ප්‍රශ්නයක් තියනම් ඒ අදාල පුද්ගලයෝ එක්ක බේරගන්න...මම ඇස් ගැහුවනම් මට ඕවා කිව්වට කමක් නෑ..“

“ඉතින් ඒ ඔයාගේ යාළුවනේ“

මගේ සද්දේ වැඩිවුනා කියලා තේරුන  ගමන් නෙත්මි ටිකක් පස්ස ගැහුවා. ඒක නිසා තමයි තමුසේ කියපු එක ඔයා බවට පරිවර්තනය වුනේ. 

“මගේ යාළුවා කියලා ඌ කරන හැම දේටම මම පලිද...මට පුළුවන්ද එක එක කෙල්ලෝ දඟලලා ඇස් ගස්ස ගන්න ඒවා නවත්තන්න යාළුවෝ වුනත්“

මගේ රිදම් එක ඕවර් යද්දි නෙත්මි විතරක් නෙවෙයි ජිත්මිත්  බයවුනා. ඒ පාරනම් ජිත්මි ඇදපු පාරට නෙත්මි එයාගේ පැත්ට ඇදිලා ගියා. ඒත් නෙත්මි ගේ පට්ට සයිස් ඇස්දෙක තරහෙන් මගේ දිහාටම තිබුණා.

   ඒත් එක්කම ආපු බස් එකේ ඉස්සරහ දොරින් මම නැග්ගා. පස්සේ දොරින් මාර දූතිකාවෝ දෙන්නා නැග්ගා. බස් එකේ යන වෙලාවේ දෙන්නම මාරුවෙන් මාරුවට හොරෙන් මගේ දිහා බැලුවා. මම උන්දිහා නොබලන ගානට හොරෙන් බැලුවා. ස්ටෑන්ඩ් එකට මෙහා කහ ඉර ගාවද බස්  එකෙන් බැහැලා ටෙලිකොම් එක පහුකරලා කොටුවෙගොඩ පැත්තට යද්දිත් බස් එකේ වීදුවෙන් දූතිකාවෝ දෙන්නා මගේ දිහා ඇහේ පොට යනකන් බලන් ඉන්නවා දැක්කා

                                  * * * * * * * * * * * * 

  “අහා....සුබ උදෑසනක් දිස්නක මස්සිනා“

මගේ යකා නැගපු මූඩ් එක නොදැක්කා වගේ සමීරයා හුරතලේට කියනවා.

“සුබ තමයි අවලමා“

“මොකක්...මොකද උඹ අද උඹේ පෙලපත් නාමයෙන් මාව ආමන්ත්‍රණය කරන්නේ“

සමීරයේ මූණේ ප්‍රශ්නාර්ථ ලකුණක් තියාගෙන ඇහුවා.

“තෝ එක එක කෙල්ලන්ට ඇස් ගහනවා කොලොප්පන් කරනවා...උන් ඇඟට ගොඩවෙන්නේ මගේ යකෝ“

මට තරහටම මම සමීරයගේ ඇඟට ගොඩවුනා. කාර්යමණ්ඩලයේ අයත් බයවෙලා වගේ අපි දෙන්නා දිහා බැලුවා. සමීර මාව ඇදගෙන පැත්තකට ගියා.

“දැන් සැකෙවින් කියපං මොකද වුනේ කියලා“

“මොනවා වෙන්නද...අර අල්ලපු ගෙදර නෙත්මි ඇවිත් උදේ පාන්දර මගේ ඇඟට ගොඩවුනා උඹ ඇස් ගහපු එකට“

“නෑ......ඉතින් ඒකට අහිංසක උඹේ ඇඟට ගොඩවෙන්නේ මොකටද?“

“ඒක තමයි යකෝ මමත් අහන්නේ...තොපි කරන වැඩ තමයි...අන්න ඒකි කිව්වා උඹේ කකුල් දෙක කඩනවා කියලා“

“නෑ....එහෙනම් පරිස්සම් වෙන්න වෙයි.....කොල්ලෝ දෙයක් කිව්වම වගේ නෙවෙයි කෙල්ලෝ දෙයක් කරනවා කිව්වම අනිවා කරනවා...උන් කරන තර්ජන වලට සෑහෙන්න බයයි මම...උන් මරනවා කිව්වොත් මරලම තමයි පස්ස බලන්නේ“

“මේ ඒවා දන්නේ නෑ මම...ඒකේන් මේකෙන් වුනේ මගේ මූඩ් එකට කෙලවෙච්ච එක විතරයි“

“හා හා යමන් දැන් වැඩ කරන්න....“

සමීරයා මාව උඩ තට්ටුවට ඇදගෙන ගියා



27 comments:

  1. හික්ස්...
    "කොල්ලෝ දෙයක් කිව්වම වගේ නෙවෙයි කෙල්ලෝ දෙයක් කරනවා කිව්වම අනිවා කරනවා...උන් කරන තර්ජන වලට සෑහෙන්න බයයි මම...උන් මරනවා කිව්වොත් මරලම තමයි පස්ස බලන්නේ“

    මෙහෙම හිතන කොල්ලෝ ඉන්නවද හලෝ.. පුදුමයි.. :P :P

    ReplyDelete
    Replies
    1. ඉන්නවනේන්නම් දෙයියනේ...ඔය ඉන්නේ රත්තරන් කැටේට අවලං කොල්ලෙක්...

      Delete
  2. කතාව කියවන්න ගත්තේ අද
    අමුතුම ස්ට්යිල් එකේ කතාවක් වගේ
    මරු මරු ඔහොම යං ඔහොම යං...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝදරයා...ස්ටයිල් එක වෙනස් උනාමත් රසයක් තියනවනේ

      Delete
  3. මාත් කියවන්න ගත්තා..මුල කොටසේ ඉදන් කියවගෙන ආවා..හික් හික් කෙල්ලෝ දෙයක් කිව්වොත් කරනවා තමා..සහතික ඇත්ත..:D
    නියම කතාව දිගටම කියවන්න එනවා හොදේ..:)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා කෙල්ලෝ කිව්වොත් එහෙම තමයි...ගොඩක් ස්තූතියි යාළුවා..

      Delete
  4. පට්ටය් නෙව අය්යේ, එක හුස්මට ලියපු කොටස් 3ම කියෙව්වා
    ඉතිරියත් කියවන්න එනවා :)
    ජය !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා..අනිවා දිගටම කියවමු

      Delete
  5. ඒක නෙවෙයි මේ ෆොටෝස් කොහෙන්ද හොයා ගත්තෙ..? කටාක්ෂ නිරීක්ෂණය හෙම තියෙන්නෙ ලෙසටම.....
    මට "ස්ටෑන්ඩ් කෝස්" කළ කාලේ මතක් වුනා...:P

    ReplyDelete
    Replies
    1. එහෙම කෝස් කලාද ඉස්සර...ෆොටෝස් හොයා‍ගන්නේ ඇහැ සහ හිත යන විදියට තමයි සුමිත් අයියා

      Delete
  6. //කොල්ලෝ දෙයක් කිව්වම වගේ නෙවෙයි කෙල්ලෝ දෙයක් කරනවා කිව්වම අනිවා කරනවා...//

    ආ.. එහෙනම් අයියාලත් දන්නවා ඒක අඅ..;) මරු මරු!! මොනවුනත් කෙල්ලො දෙන්නා ඉස්සරහ බය නොවී අරම කත කරපු එක පිරිමිකමට හොදයි..

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒ වචන ටිකට නංගිලා අක්කලාගේ තියන ආසාව...පුහ්...නිකන් වැරදිලා වගේ ලියවුනේ හලෝ...තැන්කූ හොදද

      Delete
  7. සෑහෙන්න ගුටි කන්න වෙන වැඩක් වගේ.. බලමු..

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් යථාකාලයේ තතා අයුරින් කන්න ලැබේවි දිනේෂ් සහෝදරයා...ගෙදරින් මගුලක් කතා කරලා කියලා ආරංචියි

      Delete
    2. හෆ්ෆා... ඕවා මතක් කරන්න එපා සහෝදරයා... :)

      Delete
  8. මාර බාන්ඩයක්නෙ නෙත්මි.ඔච්චර සැර වුනේ ඇයි දන්නෙ නෑ.

    ඔන්න එක තැනක නම් ටැපලිලෝ....//නෙත්මිනම් පුරුදු විදියට බිම බලාගෙන හීන් හිනාවක් දාගෙන එනවා.//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරී..මම වැරදීම නිවැරදි කලා

      Delete
    2. තවත් චූටි තැනක්... "හවස වෙච්ච සිද්ධියට ජිත්මිල තරහා ගිහිල්ලද කොහේද"

      Delete
    3. ඒකටත් තැන්කූ හොඳේ..

      Delete
  9. අප්පේ........ මහ නපුරු කොල්ලෙක්නෙ මේ. ඔච්චර තරහ ගන්න ඕනද, ආදරෙන් තේරුම් කරලා දෙන්නනෙ තිබුනෙ

    ReplyDelete
    Replies
    1. අදකාලේ ආදරෙන් තේරුම් කරලා දෙන්න ගියොත් කම්බුල් පාරකින්වත් නවතියිද කියලා සැකයි සහෝදරී

      Delete
  10. මදැයි ඇහැක් ගහල වෙලා තියෙන දෙයක්..:P ඔහොම යමු :)

    ReplyDelete
    Replies
    1. සිරාවට..එක ඇහැක් ගහලා ඇස් දෙකම පොට්ට කරගන්නවා වගේ වැඩක්

      Delete
  11. apoy mehema akkilate katha karane nangila innewade appa?? :O :O

    ReplyDelete
    Replies
    1. ඔයා ලංකාවේ නෙවෙයිද අනේ

      Delete
    2. man lankawe thama ekay ahane :P

      Delete
  12. ඇඟට ගොඩ වෙන්නත් ආවද :3

    ReplyDelete