Jun 7, 2012

කාලයට ඔබ ජීවත් කල හැකි මෙන්ම ඝාතනයද කල හැක .... In time (2011)

   මුල් කාලීනව ලෝකයේ පැවතියේ බාටර් ක්‍රමය (Bater System) එහෙමත් නැතිනම් භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කිරීම මත තම අවශ්‍යතා සපුරාගන්න ලෝකයක්. එදා මිනිසාගේ වුවමනා සිමා සහිත වීම නිසා මේ ක්‍රමය එතරම් ගැටළුවක් නොවීය. නමුත් පසුකාලීනව සංකීර්ණ වන ලෝකය සමග මුදල් භාවිතයට පැමිණයහ, ඉන් අනතුරුව ආසන්න මුදල්, පසුව ඩිජිටල් හෙවත් ඉලෙක්ට්‍රොනික මුදල් (E-money) වර්තමානය දක්වා සම්ප්‍රේෂණය විය. අපට ඒ ක්‍රමවේදයන් දැන් හොඳින් හුරුපුරුදුය. සන්තකයේ මුදල් ඇත්නම් ජීවත්විය හැකි වටපිටාවක් වර්තමානයේ පවතින බව ඔබ හොඳින් දන්නා කාරණයකි. නමුත් ඔබ මදක් මෙලෙසින් සිතන්න. මුදල් යන හුවමාරු මාධ්‍යය වෙනුවට “කාලය“ යන පොදු මාධ්‍ය ලෝකය පුරා හුවමාරු මාධ්‍යය බවට පත්වුහ හොත් කුමක් සිදුවේවිද.

    මෙම කතා පුවත නිර්මාණය වන්නේ ගිය වසරේ නිර්මාණය වුනු In Time නැමති හොලිවුඩ් සිනමා පටය අලලාය. හරසුන් සහ අක්‍රමවත් සිනමා සම්ප්‍රදාය හොලිවුඩය ආක්‍රමණය කරන සමයේ සමස්ත ලෝකවාසී ජනතාවට හිතන්න යමක් ඇති කර අවසන් වන චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැක. ජස්ටින් ටිම්බර්ලේක් සහ අමන්දා සේප්‍රයිඩ් ගේ රංගනයෙන් හැඩවෙන මේ සිනමාපටයේ කාලය විසින් මිනිසා ජීවත් කරන අතර කාලය විසින්ම මිනිසා මරා දමයි.


   කතාවේ හර සංකල්පය ලෙස ඕනෑම ජීවියෙකුට මිහිමත බිහිවීමේදී වසර 25 ක කාලයක් නිරුපද්‍රිතව වැඩීමට වරම් ලැබේ. වසර 25 සම්පූර්ණ වන විට ඔහුගේ හෝ ඇයගේ වම් අතේ ඩිජිටල් කාල ගණන යන්ත්‍රය ක්‍රියාත්මක වීම හදිසියේම ආරම්භවේ. එය මගින් ලබාදෙන්නේ සීමා සහිත කාලයකි. එවිට අදාල පුද්ගලයා කාලය උපයාගත යුතුය. එය රැකියාවක් කිරීමෙන් හෝ ණයක් ගැනීමෙන් මෙන්ම සොරකම් කිරීමෙනුත් කල හැක. එසේම එදිනෙදා ජීවිතයේ සෑම අංගයක් සඳහාම අවුරුද්දේ සිට මිනිත්තුව දක්වා කාලය වියදම් කිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස දුරකතන ඇමතුමකට මිනිත්තුවක කාලයක් සිය ඔරලෝසුවෙන් දුරකතනයේ කේත කියවනයට ලබාදිය යුතුය. මෙවන් ලෝකයක මිනිසා අවුරුදු 25 න් පසු ස්වරූපය වෙනස් නොවේ. එනම් රූපය නොදිරනු ඇත. නමුත් යම්කිසි ලෙසකින් කාලය අවසන් වූ පසු සිටිනා තැනම මැරී වැටීම සිදුවනු ඇත.

  එවැනි ලෝකයක් යනු සංකීර්ණ පද්ධතියක් බව නොරහසකි. මෙම චිත්‍රපටයෙන් කියන්නේ මිනිසුන් කාලය උපයාගැනීමට ගන්නා වෙහෙස සහ කාලය එක්රැස්වී ඇති ස්ථානවලට එල්ලවන තර්ජනයි. මාෆියා උපක්‍රම මගින් කාලය කොල්ලකෑම සිදුවන ආකාරයද මනාවට පෙන්වයි. මිනිසෙක් තමාට දරාගත නොහැකි කාලයක් ලඟ තබාගැනීම යනු නිසැකවම මරණය කැඳවන සාධකයකි. එමෙන්ම මිනිසා කාලය යන හුවමාරු මාධ්‍ය නිසා කොතරම් පීඩනයකින් පසුවෙනවාද යන්න පෙන්වාදෙනු ඇත.

  මෙම චිත්‍රපටයේ එක් අවස්ථාවක ලෝක ධර්මතාව ගැන මනාවට කියා දෙන කොටසක් ඇත. එනම් කාලය වසර මිලියන ගණනක් සතුව පැවති පුද්ගලයෙක් තම කාලය අ වසන් කර ගැනීමට වෙහෙසෙන ආකාරයයි. අවසානයේ ඔහු කාලය අවසන් කරගෙන සියදිවි නසා ගනී. එයට හේතු සපයමින් ඔහු පවසා ඇත්තේ කාලය උපයාගෙන ජීවත්වීම යනු සැබෑවටම දුකක් බවය. 

 සැබෑ ලෙසින්ම මෙම චිත්‍රපටයෙන් වක්‍රාකාරව සංඥාව ලබාදෙන්නේ වර්තමාන ලෝකය  ගැනයි. මුදල් හුවමාරු මාධ්‍ය ලෙසින් භාවිතා කිරීම කොතරම් විපරිත පද්ධතියක් බිහිකිරීමට මුල්වී ඇත්ද යන්න, සමාජ සාරධර්ම මුදල මත පිරිහෙන අයුරු හා කාලයේ අගය මෙම සිනමා පටයෙන් මනාව කියාපායි. මෑත කාලීනව බිහිවූ අපුරු මනෝභාවාත්මක සංකල්පයක් රැගත් සිනමා පටයක් ලෙස In Time වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇත. මෙය අනාගතයේ සැබෑවටම වෙන දෙයක්ද යන්න සැක සහිතය නමුත් මෙය වර්තමානයේ සිදුවන පුවතක් බවට සැකයක් නැත.

10 comments:

  1. අමුතුම ආකාරයේ කතාවක් තියෙන ෆිල්ම් එකක් තමා ,ප්‍රදාන නළුවාගේ අම්මා මැරෙන කොටස මාර විදියට හිතට වදිනවා ...

    ReplyDelete
  2. කාලෙකින් බලපු ලස්සන ෆිල්ම් එකක්.

    ReplyDelete
  3. මට තාම මේක බලන්න බැරි උනා.. ඩවුන්ලෝඩ් කරලත් එක්ක තියෙන්නේ.. මේ ඉරිදටවත් බලන්න ඕන.. :)

    ReplyDelete
  4. හැබැයි හොයාගෙන බලන්න වටිනව!

    ReplyDelete
  5. ටොරන්ට් ෆයිල් එකේ ලින්ක් එකනම් දාලා ඇති

    ReplyDelete
  6. මන් මේකේ ට්‍රේලර් එක බලල තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න ඕන

    ReplyDelete
  7. නියම ෆිල්ම් එක සහෝ ! මමත් බාගෙන බැලුවා... හිතට වදින කථාවක් !!! ඒ වගේම මට හිතෙන්නේ සුදු කළු චරිත නැති, ඔක්කොම අළු වර්ගයේ නිර්මාණයක් කියලා !

    ReplyDelete
  8. After looking over a few oof the blog posts on your website, I truly appreciate your way of writing a blog.
    I book marked it to my bookmark website list and will be checking back in the
    near future. Please check out my website as well and tell
    me your opinion.

    ReplyDelete
  9. When I originally cokmented I clicked the "Notify me when new comments are added" checkbox and now each time a comment is added I get four emails
    with the same comment. Is there any way yyou can remove people from thyat service?
    Thank you!

    ReplyDelete
  10. It's really very complex in this active life to listen news on Television, so I just uuse internet for that purpose,
    and take thee latest information.

    ReplyDelete