Oct 25, 2012

ප්‍රින්සිපල් කර්නල් වූ පසු නාට්‍යයේ හොඳම කොටසයි


විදුහල්පතිතුමා කර්නල් වී ඇත. එය හරිම අපූර්වජනක සිදුවීමකි. යුද්ධය කාලයේ ගෙදරටවී කකුල් දෙකත් උඩ තබාගෙන හැමදාම පත්තරේ කියවූ විදුහල්පතිතුමා අද කර්නල්ය. එයනම් මාරය. ඊටත්වඩා මාරම දෙය  වන්නේ තුවක්කුවේ කොකා කොහෙදවත් හරියට නොදන්නා විදුහල්පති තුමා කර්නල්වීමය. දැන් දැන් අපේ රට නූතන fantasy පුරය නිසාවෙන් මේවා සාමාන්‍ය දේවල්ය. කෙසේ වෙතත් කර්නල් පට්ටම ලැබූ ප්‍රින්සිපල් විද්‍යාලයට සම්ප්‍රාප්තවීම ඉතාමත් ඉහලින් සිදුවිය. වෙනදා තොරණ් ගසා සාම්ප්‍රදායික නැටුම් නටා මහ ඉහලින් කරන පිලිගැනීමේ උත්සව වෙනුවට මෙවර ගුරු සංගමයේ නවතම යෝජනාවක් අනුව ආචාර සමාචාර දැක්වීමේ උලෙලක් සංවිධානය කෙරිණි. ගුරුවරුන් සියල්ලම ළමයින් සමග එක්වී ආචාර පෙලපාලිය සංවිධානය කෙරිනි. විදුහල්පති තුමා එදා කර්නල් සූට් එක පිටින් විද්‍යාලයට ආවේ ඩිපෙන්ඩරයක හිටගෙනය. වෙනදා මග යන්නට පණ නැතිව වැනි වැනී ඉස්කෝලේ දොරටුවෙන් එන විදුහල්පතිතුමා එදා ආවේ කෙලින් හිටවූ පුවක් ගහක් මෙන් සෘජුවය. බලන්නට බැරිතරමට අභිමානය බේරෙයි. මූණේ හිනා මානයකවත් නැත. 


    ආචාර පෙලපාලි පමණක් පවත්වා පලක් නැත. නියම සමාචාරය දෙන්නට නම් ආචාර වෙඩිමුරද විසි එකක්වත් පත්තු කල යුතුය. ගුරුවරියකගෙන් මරු අදහසක් මතුවිය. කඩි මුඩියේ එය ක්‍රියාවට නැංවිනි..ඒත් කොහෙන්ද කාලතුවක්කු..උණ වෙඩිල්ලක්වත් හදාගෙන භූමිතෙල් ගැලුමක් එක්ක සෙට් කරන්න තිබුණා කලින් කිව්වනං..ප්‍රධාන ශිෂ්‍ය නායකයා නහයෙන් අඬන්නට ගෙන තිබිණි..එයට පිලියම් සොයාගත්තේ පාසලේ නසරානිම කොල්ලෙකි..අසල කඩයෙන් ගෙන තුන් හුලස් රතිඤ්ඤා විසි එකක් නියමෙට ගැලපිණි...ඒත් මේවලින් එන්නේ දඩාං...බඩාං ගාන හඬනේ...එහෙම නෙවෙයිනේ කාලතුවක්කුවේ සද්දේ..ඒකේ බේස් වැඩියි...පත්තු වුනාට පස්සේ එකෝ එකක් එනවා...නැවතත් කාලතුවක්කුව ගැටළුවකි...එයටද නසරානි කොලුවා විසඳුම් සෙවීය...අර මුල්ලේ තියන ගුරුවරුන්ගේ තනි වැසිකිලිය ඇතුලේ කතා කරනකොට හරි බේස්... තමුසේ කොහොමද ඒක දන්නේ...නෑ අංශභාර සර් හැමදාම ඕකේ ඉඳගෙන ජෝතිපාලගේ සින්දු කියනවා...ඒවා ඇහෙන්නේ බෙග් මාස්ටර්ගේ ඒවා වගේ...ඒකයි...විසඳුම ක්‍රියාවට නැගිනි...විදුහල් පතිවරයා ආචාර්ය පෙලපාලියේ ආචාරය පිලිගනිද්දි ඈතීන් බේස් හඬින් වැසිකිලියේ රතිඤ්ඤා විසි එක සැරින් සැරේට පත්තු විය...ඒකත් මාරය.. මොහොතකින් විදුහල් පතිවරයා පාසලේ සියල්ල ඇමතීය.

    මම දැන් කර්නල්...දැන් මේකේ විනය හදන්න වෙනවා...මුලින්ම ගුරුවරු..හෙට ඉඳන් මගේ කර්නල් ඇඳුමට ගැලපෙන ඇඳුමක් මස්සවා ගතයුතුයි...ගුරුවරියන් මේ පාටටම ගැලපෙන ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් එක..හරිද..ඒ වගේම ලමයි...තද කොලපාට හමුදා ඇඳුම...එච්චරයි...ඒ වගේම මේකේ දඬුවම් ක්‍රම වෙනස් කරනවා...හරිද...

ළමයි මෙන්ම ගුරුවරුද උඩබිම බලන්නට විය. එය එලෙසම ක්‍රියාත්මක විය. පසුදින සිට ගුරුවරුන් විදුහල්පති කර්නල්තුමා ඇමතුවේ...උතුමාණනි යනුවෙනි...දරුවන්ද එසේමය..විදුහලේ හ්ම්ම් සද්දයක්වත් නැතිව වැඩ යන්නට පටන් ගති. පමාවී ආ එවුන්ට ලැබුණ දඩුවම පුටුවක් ඔසවාගෙන පිට්ටනිය වටේ රවුම් විස්සක් දිවීමය. පන්තියේ දඟලා අහුවුන එවුන්ට ඩිප් සීයක් ගහන්නට විය..විකාර කල ගුරුවරුන්ට සිදුවූයේ අමු තිත්ත කතාවෙන් අහන්නට සහ ප්‍රශ්නයක් ඇසූ විට...එහෙමයි උතුමාණනි යනුවෙන් පිලිතුරු දෙන්නටය...දැන් පාසල සිරාවටම හමුදා කඳවුරකි..වෙනසකට තිබුණේ ලාවට ඉගැන්නීම පමණි..සති කීපයක් දැන් ගතවී ඇත..දැන් පාසලේ සියලු දෙනාගේම මුහුණේ මෙන්ම මුවේද හෙමින් නිතරම මුණු මුණ ගෑවෙන එකම ප්‍රශ්නයක් විය..

...මූට කර්නල් කමක් දුන්නේ මොකාද.... යන්න පමණි

15 comments:

  1. මචෝ උබ පරිස්සමින් ඉදපන් සුදු වෑන් කරකැවෙන්න ඉද තියෙනවා උබ ඇත්ත කියන හින්ද, කොටින්ට බයේ හැංගිලා හිටපුඋන් ලේක්න්ලා උනාම තව වෙන මොනවාද?

    ReplyDelete
  2. ඔන්න මලේ සුදු වෑන් කිව්වලු...

    ReplyDelete
  3. උතුම් තනතුරු දෙකක් එක්වර බාල්දු කරත් ඔබ කියන්නා සේම නූතන ශ්‍රි ලාංකිකයාට මේවා ආතල්ය

    ReplyDelete
  4. හෙහ් හෙහ් නියමයි...

    ReplyDelete
  5. ඔහොම එකක් 80 ගණන්වලත් කළා මතකයි. කෝරාගත් ගුරුවරුන් ලෙප්ටිනන්ලා කළා.

    අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනසක් කරන්න බැරි මළ කෑ මොළවලට කරන්න පුළුවන් ඔය වගේ විකාර තමයි.

    ReplyDelete
  6. රට යනවා පර දේසෙට
    අප යනවා පර ලෝකෙට
    අන්තිමේදි බලපුවාම
    අන්දරේලා අපි සේරම....

    ReplyDelete
  7. mewa andare lage wedama thami.

    ReplyDelete
  8. හි හි...මාර කතාව මරුම තමා

    ReplyDelete
  9. කෝමද කෑම????????
    අති විසිස්ටයි සෑර්!!!!!!!!!!!

    ReplyDelete
  10. මෙව්වට ඉතින් හතර හිනා පල කිරීම හැර වෙන කුමන විසඳුම් ද?

    ReplyDelete
  11. දැන් ඉතින් "ගුඩ් මොනින් ප්‍රින්සිපල් සර්" කියු කාලය ඉවරයි, දැන් ඉතින් "සුභ උදැසනක් උතුමානනි, මාගේ උත්තමාචාරය පිලිගනුමැනවි" තමයි කියන්න වෙන්නේ..ශි හි හ්... දැන් ඉතින් "ප්‍රින්සිපල්ට " සමාවන්න... "උතුමානන් ට" සැලියුට් කරන්න තමයි ලමයින්ට වෙන්නේ....

    ReplyDelete
  12. නියමයි සෑර්!! (ලිපිය)

    ReplyDelete
  13. ආශ්චර්යය නොවැ :D

    ReplyDelete