Jul 31, 2013

Ex-Alien විප්ලවීය හැඩගැස්ම සහ ගීතයකින් ඔබ්බට


ලිපියේ ශීර්ෂය දුටු විටම එහි එක් වදනකින් ඔබ මේ ලිපියට පාදක වන වස්තූ බීිජය හොඳාකාරවම දන්නවා ඇත. අන්තර්ජාලය තුල සමාජ ජාල හෝ වෙනත් සිංහල බ්ලොග් අඩවි පරිශීලනය කරන්නෙක් නම් ඔබ වඩාත් හොඳින් මෙය ගැන දන්නවා ඇත. මේධානි දේශප්‍රිය නම් කඳුරට වයස අවුරුදු 15 ක තරම් කුඩා පාසල් දැරියක් ගායනා කරන මේ Ex-Alien ගීතය අඩංගු වීඩියෝව තරම් වීඩියෝවක් මෑත කාලයේ ලංකාවෙන් Youtube වෙත එක්නොවුණ බවනම් සහතිකය. එසේම ඒ තරම් විවේචන සංඛ්‍යාවක් එල්ල වූ  ගීතයක් මෑත කාලීනව දක්නට නොලැබුණි. මෙම ගීතයට එවැනි ප්‍රතිචාර ලැබීමට හේතු ගණනාවක් විය.

 
  • ගීතයට අදාල භාෂාව (Language)හෝ උරුව (Accent) එක තේරුම්ගත නොහැකිවීම. ඉංග්‍රීසි භාෂාව බව වැටහුණත් එය උච්චාරණ විදියේ ඇති අසාමාන්‍යබව නිසා එහි වචන තේරුම් ගැනීමේ අපහසුව. විශේෂයෙන්ම ගීතයක වචන නොතේරෙනවානම් එහි රිද්මයටහෝ උරුවට පෙම්බැඳ ගීත රසවිඳින බොහෝ දෙනෙක් ලංකාවේ සිටී. නමුත් වියදමක් දරා මේධානි නිර්මාණය කල ගීතයේ අදලා ලක්ෂණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම එය රසිකයන් ග්‍රහණයට විශේෂ බාධාවක් විය. උදාහරණයක් ලෙස PSY නැමති ගායකයාගේ Gangam Style ගීතයේ වචනයක්හෝ නොතේරුණත් එහි නර්තනයටහා උරුවට බොහෝ දෙනෙක් ආශා කිරීම එයලෝ ප්‍රකට ගීයක් විය. නමුත් මේධානි ලංකාවේ නිසා ලංකාව තුල ඇති ආකල්ප ම මෙම ගීය නොපිලිගත්තා යන තර්කය ගෙනආ හැකි වූවත් ලංකා සමාාජය තුල ගීයක් පිලිගැනීමට එවැනි සාධක දැන් ඉතා විරලය.
  •  එසේම මේ නව යොවුන් තරුණිය ගීතය පුරාවට යොදා තිබුණේ ඇය ගීතය පටිගත කරන ඉරියව්ව විදහා දැක්වෙන රූ දසුන් පෙලකි. ඒ තුල ඇය රිද්මයානුකූල නර්තනයක් හෝ ක්‍රමවත් විකාශනයක් මෙන්ව භාවාත්මක අංග චලනයක් ලෙස යමක් නොකර නිකම්ම අතපය නැටවීමක් පමණක් කිරීම හේතුවෙන් ගීයේ රිද්මයේ හෝ අර්ථයේ අඩුව නර්ථනයකින් හෝ වසාදැමීමේ අද්‍යතන ලාංකේය ගීත කලාවේ උපක්‍රමය සාර්ථක වී නැත. එබැවින් එයටද විවිධ වූ විවේචන එල්ලවිය.
  • ඊළඟ කාරණය නම් ගීතයේ මාතෘකාවෙන් හෝ ගීය අතරතුර හෝ ගායිකාවගේ ඉඟිවලින් හෝ ගීතයේ සමස්ත අර්ථය කුමක්ද යන්න තේරුම්කර දීමට ඇයට නොහැකිවී තිබීමය. අර්ථය හෝ වැටහුණානම් එය විවේචනය කරනු විනා ගීතය හෝ ඇයව විවේචනයට කිසිවෙකු උත්සහ නොකරනු ඇත.
මෙවැනි හේතු මත මේ ගීත වීඩියෝව දැඩි විවේචන හා ප්‍රතිචාර මධ්‍යයේ ගීතයට අදාල අදහස් දැක්වීමද අත්හිටුවා දැමූ අතර ඒ වන විට ගීතය දෙලක්ෂයකට ආසන්න වාරයක් නරඹා තිබූ අතර අදහස් 2500 කට වැඩි ගණනක් විය.

   කැපිච්ච පණුවෙක් ලෙස නොතේරෙන් දෙයක් කියන්නට දඟලන මේධානිගේ ex-alien ගීතයේ විප්ලවීය හැඩගැස්ම කුමක්ද? එය එක්තරා ආකාරයක ගැටළුවකි. ඇයගේ අන්තයෙන් ඇය සාර්ථකය. ඇය පවසා තිබුණේ වෙනස් යමක් කිරීමට තමන් උත්සහ කල බවත් තමන් දැනට නව කතාවක්ද ලියමින් සිටින බවත් එහි සිදුවීමකට අදාල කොටසක් වෙනස් අදහසක් දරමින් ගීයක් කිරීමට තමන්ට සිතුන නිසා මෙය සිදුකල බවත්ය. එසේනම් ඒ වෙනස  සිදුවී ඇත. ක්‍රමවත් සහ ගැඹුරු නැතත් ඇතත් අර්ථයක් හෝ ක්‍රමානුකූල උරුවක් සහිත ගීත අතර එසේ නොවන යමක් බිහි වෙයිනම් එය වෙනසකි. කළු මිනිසුන් අතර සුදු මිනිහෙක් බිහිවිය හැකි අතර එය වෙනසකි. එය හොඳ වෙනසක්ද නරක වෙනසක්ද යන්න අර්ථකථනය කල නොහැක. එසේනම් මේධානි ඉල්ලූ වෙනස ඇයට ලැබී ඇත, එය හොඳ පැත්තට ලද්දක්ද නැද්ද උපකල්පනය කිරීමට නොහැක.

   ඇය නොපැතූ විරූ ලෙස ලංකාවේ අන්තර්ජාලය අවකාශය  මත පමණක් නොව පොදු සමාජයේ කාර්යාලයේ මිනිසුන් අතර මෙන්ම පන්තියන කොළු කුරුට්ටන් අතරද ජනප්‍රිය විය. "බැලුවේ නැද්ද බං අර යූ ටියුබ්වල අර කෙල්ලෙක් නා ගන්නවා..විකාරයි බං"
මෙවැනි දේ අනන්තවත් ඇසුණි. එසේනම් මේධානි ජනප්‍රියත්වය පස්සේ පැන්නුවානම් එය ලැබී ඇත. ලැබුණ ආකාරය වෙනස් විය හැක. නමුත් විප්ලවීය හැඩගැස්මකට ඇගේ ගීතය ගෙනගියේ අපි වැනි එය පට්ට ගැසූ එවුන්මය. නමුත් අදහස් වලට වැට බැඳීමතුලින් ඉදිරියකට මග වසාගත්තේ මේධානිය, ඒ වයස තාම 15 ක් නිසා වෙන්නට ඇතිය.
   ගීතයේ සංඟීත නිර්මාණය කල තරංග නැමති පුද්ගලයා ගීතයට අපූරු නිර්වචනය දී තිබුණි. එනම් මෙම ගීතය අලුත්ම ගීත කලාවක අභාෂය ලංකාවට ගෙන ආ ගීතයක් බවත් මෙයින් සතුන්ගේ හඬ රටාව භාවිතයෙන් ගීතයකින් ඔබ්බට යමක් සිදුකරන බවයි. මෙයින් රැහැයියන්ගේ, කොවුලන්ගේ හඬ රටාව අනුව යමින් අදාල පද උච්ඡාරණය කරන බවයි. එය නව ගායන ක්‍රමවේදයකන් නම් එය අගය කල යුතුය, නමුත් මෙලෙස දෙකේ කොලේට දාන්නට නව ගායන ක්‍රමවේද නිර්මාණය කරනවානම් හෝ ආනයනය කරනවානම් එයින් ගීත කාලවට වන කෙංගෙඩියක් නැතිබව තේරුම්ගත යුතුය, එය හුදෙක් ආතල් එකක් කරගන්නවා නොඅනුමානය.
  

අප්‍රිකානු ගෝත්‍රික සමාජය තුලද ඔවුන්ට ආවේණික වූ වෙනස්ම මාදිලියේ ගායන රටාවන් තිබෙන අතර ඒ බොහොමයක් නිර්මාණය වී තිබෙන්නේ ඔවුන්ගේ ජීවන රටාව ආශ්‍රය කරගනිමින්ය. එසේම ඒවා නිර්මාණයට නිසි ආකාරයේ උත්පාද සිදුවීම්ද ඇති අතර ඒවා ඕපපාතික නිර්මාණ නොවේ. නමුත් ගහෙන් ගෙඩි එන්නා සේ අවුරුදු 15 ක කෙල්ලෙක් වීඩියෝවක්ද සමග කෙඳිරියක් වැනි මාදිලියකින් ඉදිරිපත් කරන මේ ගීය රටාව කුමන සම්ප්‍රදායක කුමන් මාදිලයක්ද යන්න පිළිබඳ හිතාගන්නට බැරිවූ සංස්කෘතික කම්පනයකට (Cultural Vibration) එකකට මුහුණදුන් නරඹන්නන්ගෙන් මෙවැනි පට්ට ආතල් අදහස් ඇරෙන්නට වෙන යමක් බලාපොරොත්තු විය හැකියයි කා හට කිව හැකිද. 


    මෙම වීඩියෝව යටින් අදහස් වල බොහෝ අදහස් අතර තඩි කුණුහරුප මෙන්ම ආතල් වැකිද විය. "හරි මම පෙට්‍රිල් වක්කකර ගත්තා...ඔයා ගිනිකූරක් ගහන්න.." එය බොහොම වැදගත්කතාවක් කියන්නාවූ අදහසකි. එනම් අපේ රසිකයා බලාපොරොත්තු වෙන්නේ මෙවැනි දෙයට වඩා තේරුමක් පෙන්වන දෙයකට බවයි. දීප්ත කුමාරලාගේ දර්ශනය තේරෙන්නේ දීප්ත කුමාර වැනි අයටමය. එසේම මේධානිගේ ගීය තේරෙන්නේ මේධානි වගේම කාණ්ඩයකටය. එසේනම් ඇය මෙයින් උගත යුතු පාඩම "ලංකාවේ සයිබර් අවකාශය අරක්ගෙන ඉන්නේ තර්ඩ් ක්ලාස් එවුන් බවහෝ ලංකාවේ ඉන්නේ වර්ල්ඩ් ට්‍රෙන්ඩ් එක දන්නේ නැති ගොබ්බ බුවාලා" බව යන්න නොවේ. ඕනෑම වෙනසක් කරන විදියක් ඇති බවත් එය ධනාත්මක වෙනසක්හෝ සෘනාත්මක වෙනසක්හෝ වේවා ඉලක්ක පිරිස කව්රුන්ද යන්න වටහාගෙන කල යුත්තක් බවය.

   මේ ex-alien ගීයේ කුඩය යටින් තවත් නිර්මාණ ගණනාවක් බිහිවිය. පුංචි පුංචි වීඩියෝ බොහෝ ප්‍රමාණයක් එය විවේචනය කරමින්, එය ආතල් එකක් කරගනිමින් මෙන්ම එය සිරා මාතෘකාවක් කරගනිමින්ද බිහිවිය. ඒ අතර මේ ගීයට බොහෝ දෙනෙක් බනිද්දී සිරා කතා කියමින් එය අගය කරන සෙට් එකක්ද බිහිවිය. ඒ අතර පොදුවේ අන්තර්ජාල අවකාශයේ රැඩිකල් නාමය තමන් විසින්ම එල්ලා ගන්නට උත්සහ කරන පිරිසක්ද විය. බොහෝ දෙනෙක් එක දෙයකට හොඳයි කියයි නම් අදාල පිරිස එතන මැදට පැන එය නරකයි කියති, එසේම සේරම නරකයි කියයි නම් නරක බව තමන්ගේ හිත කියද්දීත් අදාල පිරිස එය "හොඳයි" කියති. ඒ තමන්ගේ ලේබලය බේරගැනීමට සහ අර උඩුගං බලා යන බව පෙන්නා දෙන්නටය. බොහෝ දෙනෙක් සිතන පරිදි මේධානි මෙවැනි ගීතයක් වීඩියෝවක් බවට පත්කිරීම උදෙසා යොමු කරන්නට ඇත්තේද එවැනිම පිරිසකි. මෙම ගීය අන්තර්ජාලයට එක්කරන්නේ මීට මාස ගණනාවකට පෙර වුවද දින දෙක තුනකින් මෙය නැගලා යන්නට හේතුව මෙය දුටු ආකාරය විය හැක.
   කෙසේ වුවත් මෙය පුද්ගලානුබද්ධ නිර්මාණකරණ සංකල්පයේ වෙනස්ම මානයක් පෙන්නන්නාවූ වීඩියෝවක් හෝ නිර්මාණයක් විය හැක. එයින් සමාජයට දෙන ආදර්ශය තමන් කරන නිර්මාණයේ අගය, සමාජයට දෙන දෙය සහ සමාජය එය ගන්නා ආකාරය පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව කල යුතු බවය. එය ගැනීමට තරම් විවෘත වුවහොත් එයින් බොහෝ වාසි සලසා ගත හැක.


5 comments:

  1. ඇත්තේනම් මේ ගීතයේ අපට “දැනෙන රසයක්“ නම් නැතිවෙන්න පුළුවන්.එතැනදි ගීතයක රසය විඳන ආකාරය එකිනෙකාට වෙනස්වන්න බවත් අප තේරුම් ගන්නට ඕන. හොඳම උදාහරණේ අප අසන සමහර “හොඳයැයි පිළිගත්“ සිංහල ගීත වල පවා රිද්මය ඔස්සේ හිත ගියත් , ඒවායේ ගැඹුරු තේරුම සොයාගෙන ගියාම අප හිතන දේට වඩා දෙයක් එතන තිබෙනවා .

    කෙසේ වෙතත් මෙවන් , අපට කිසිම දෙයක් නොතේරෙන ගීත ගීයක් ලෝකයේ ප්‍රසිද්ධම ගී බවට පත්වුනාද ? PSY වුනත් ලෝකයේ ජනප්‍රිය වෙත්දි එහි තේරුම දැන ගෙන හිටියේ කීදෙනාද ? .ඒත් වාසනාවට ඒ ගීත වල වැඩි දෙනෙක් රිසි රිද්මයක් වත් තිබුණා
    .
    මේ දරුවගේ නිර්මාණ උත්සාහය තුල ඒ රිද්මය අපට නොදැනුනා වෙන්නට පුළුවන් . එසේ වු පමණින් , එය අසාර්ථකයි කියමින් නිගරුවට පත් කරනවාට වඩා සුදුසු , ඒ දැරිවියව මීට වඩා හොඳ නිර්මාණයකට යොමු කරවීම කියලයි මට හිතෙන්නෙ .

    මේ යුටියුබ් කොමෙන්ට් තුල නම් මට දැනුන දෙයක් , අප කොයි තරම් ලිංගික අසහනයකින් ඉන්නවාද කියන එක , මේ කෙල්ලගේ ගීතයේ “තමන්ට දැනුන වැරැද්දට වඩා“ , ඇගේ කකුල ගැනයි , ඊටත් වඩා , දුරගිය ලිංගික චර්යාවන් ගැනයි කතා කළ කොමෙන්ට්ස් කොයි තරම් නම් තිබුණද ? වාසනාවට බොහොමයක් සිංහලෙන් තිබුණේ , නැත්නම් අපේ රට ගෝත්‍රික රටක් බවට හඟවන්නට උත්සාහ කරන සමහර රටවල දරන උත්සාහයට මේකත් යොදා නොගනීවි යැයි කෙසේ නම් කියන්නට පුළුවන්ද ? මොකද තව දවසකින් දෙකකින් මේ විඩියෝව වර්තාවක් තියන්නත් බැරි නැහැ .

    ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ඔව් පැහැදිලිව මිත්‍රයා ඔබගේ අදහස තුල මම ඒ විවෘතභාවය දකිනවා. පැහැදිලිව මෙම ගීතයේ තියන විවේචනය කලයුතු දේවල් නොවේ විවේචනය කරලා තියෙන්නේ. මම මේ ලිපිය තුලින් අදහස් කලේ ඇයගේ උත්සහයේ නිරර්ථක තැන් සහ වර්ධනය විය යුතු තැන් පිළිබඳ මගේ කෝණයෙන් අදහසක් දෙන්න. ස්තූතියි ඔබගේ අදහසට

      Delete
  2. මේ ගීතය නිසා අපිට ලාංකේය ප්‍රේක්ෂකයාගේ රස වින්දනය මොනවගේ ද කියන දේ දැනගන්න ලැබුණා. ඒක හින්ද මේ ගීතයෙන් කිසිම වැඩක් නැහැ කියල කියන්න බැහැ.Likes 500 විතර තිබුන එකෙන් පැහැදිලි වෙනවා ඇගේ උත්සාහය අගය කරපු කිහිපදෙනෙක් වත් සිටිය බව. සමහරවිට අනුකම්පාව නිසා වෙන්නත් බැරි නැහැ.

    Comments ගැන කියනවනම් එතන හුදෙක් අසබ්ය අරුත් ඇති ඒවා මෙන්ම රසවත් වදනුත් තිබුන. ලිංගික අසහනයෙන් පෙලෙන අය මොහොතකට අමතක කලොත් පොඩි ළමයෙක් ට උනත් කියවල රසවිඳින්න පුළුවන් විශිෂ්ට ගණයේ විහිලු විශාල ප්‍රමාණයක් එතැන තිබුන. තම අප්‍රසාදය මෙලෙස නිර්මාණාත්මක අයුරින් ප්‍රකාශ කිරීම මම නම් මුළු හදවතින්ම අගය කරනවා.

    මෙම සිදුවීම නිදහස් ඇසින් දැක අදහස් ඉදිරිපත් කල ඔබටත් ස්තුතියි..

    ReplyDelete
  3. කතා කරලා වැඩක් නෑ බන්

    බ්ලොග් ලිපියකට, ෆේස්බුක් ස්ටේටස් එකකට "බැණලා", "හරි නෑ" කියලා කමෙන්ට් එකක් වැටුණාම නප්පියටම තද වෙන වුන් වීරයෝ වගේ යූට්යුබ් එකේ ඒ කෙල්ලට කරන්න පුළුවන් උපරිම අපහාස කරනවා.

    ටිකක්වත් හිතන් නෑ පොඩි කෙල්ලෙක්, ඒකිට මානසික පීඩාවක් ඇති වේවි කියලා.

    සමහර විට මේ ඇති වුණ මානසික පීඩාව ඒ ගෑනු දරුවාට ජීවිත කාලෙම බලපාන්න පුළුවන්.

    සියදිවි හානි කරගත්තොත් ??????

    ReplyDelete