May 28, 2012

ආයෙමත් ආදරෙන් - 5 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4 

මම කඩිමුඩියේ කාර්යාලය තුලට දිව්වේ ප්‍රමාදවීම නිසාම නොවෙයි. සමීර හොයාගෙන සිද්ධවුණු දේවල් ටික කියන්න තිබුණු හදිස්සියට. කව්ද දෙයියනේ දන්නේ මෙහෙම හෙණ ගෙඩි පාත්වෙනවා කියලා. දැන් අයිතිකාරයෙක් සද්දේ දානවා. මේ දවස්වල නරක ග්‍රහයෙක් කැරකෙනවද කොහෙද. නොකරපු වැරදි වලට දඬුවම් ලැබෙන යෝගයක්වත් ලබලද කොහෙද.

“මචං සමීරයෝ මාර වැඩේනේ බන් වුනේ“

සමීරය හොයාගත්තු ගමන් උගේ මේසේ ඉස්සරහ වාඩිවෙලා කියන්න පටන්ගත්තා කතාව. සමීරයා ලිපිලේඛන කන්දක් මේසේ උඩ දිගඇරගෙන හිටියේ. අපරාදේ කියන්නේ සමීර හොඳ කාර්යාල සේවකයෙක්, කවුරුහරි ඕපදූපයක් කියන්න ආවම සේරම රාජකාරි වැඩ පැත්තක තියලා ඕපදූප අහන්න රුසියා.

“දැන් මොකක්ද උඹේ මාර වැඩේ“

සමීර ලිපිගොනු අස්සෙන් ඔලුවදාලා ඇහුවා.

“මම ආපු බස් එකේ අර අපේ අල්ලපු ගෙදර ලොකු කෙලී ජිත්මිත් ආවා“

“ආ...උඹ අදත්  බැනුම් ඇහුවද මගේ ඇස් පාරට“


“මගුල...ජිත්මි බස් එකෙන් බැහැලා යන්න හදද්දි පර්ස් එකෙන් රුපියල් දෙදාහක් වැටුණා“

“නෑ...ඉතින් කාටත් කලින් උඹ ඒක සාක්කුවේ දාගෙන වැඩට ආවා....මරු මරු...යමං ගිහින් මිනාමි එකෙන් කමු තොසේ..උඹ එල කොල්ලෙක්නේ බං“

“තොට පිස්සුද යකෝ...උඹ හිතුවද මම උඹ වගේ එකෙක් කියලා...මම ඒ දෙදාහ අරගෙන ඒකිගේ පස්සෙන් රේස් එකක් දුවලා යන්තං ඒකිව අල්ලගත්තා මාකට් පාර ලඟදි“

“ඒකි හැරිලා දුන්නා උඹට හොඳ කුඩ පාරක්...පස්සෙන් ආවා කියලා...මරු මරු සීන් එක...ෂික් මමත් ඉන්න තිබ්බේ“

“පනින්න එපා යකෝ...එහෙම වුනානම් දුක නෑ...මම ඒකිට රුපියල් දෙදාහ දුන්නම ඒකි තඹේකට ගණන් ගත්තේ නෑ බන් මම කරපු උදව්ව“

“ගණන් ගන්න එපා බන්..කෙල්ලෝ ඔහොම තමයි...ඕක උඹට වුනු පලවෙනි සිද්ධිය වුනාට අසරණ සරණ මට හැමදාම ඔය වගේ වැඩ වෙනවා...පහුගිය දවසක හෙණට සෙනග හිටපු බස් එකක වයසක අන්කල් කෙනෙක් තද වෙලා එනවා...මම ඉතින් ඉහ නිකට ගැන හිතලා නැගිටලා ෂීට් එක දුන්නා...පඹුරණට යන්න වුනේ නෑ බස් එකට නැග්ගා සූකිරි කෑල්ලක්...අන්කල් කාරයා දඩ බඩ ගාලා නැගිටලා සෙවල පෙරාගෙන කෙල්ලට ෂීට් එක දුන්නනේ බන්....මට නෙලන්න හිතුනා එතනම දාගෙන...ඒත් ඉතිං මම ඉවසුවා බන්“

සමීරයගේ කතාවට සකල සරීරෙන්ම මට හිනා.

“ඒක නෙවෙයි යකෝ කියන්න ආවේ.. මම අරකිට රුපියල් දෙදාහ දීලා මාකට් පාරෙන් එන්න හදනකොටම බයක් කාරයෝ දෙන්නෙක් ඇවිත් මට සද්දයක් දැම්මනේ අයිතිකාරයෝ ඉන්න කෙල්ලොන්ට පාඩුවේ ඉන්න දීපන් කියලා“

“නෑ...අම්මා ගහයි විකට කුරු තුනෙන්ම..“

“ඔව් බන්...මමත් අතෑරියේ නෑ...සැරට කතාකලා එපාර උන් ගියා...කව්ද දන්නෑ අයිතිකාරයා“

“අපිට වැඩක් නෑ බන් ඕවා...උඹ දෙනියායේ එකා...මම වැලිගම එකා...නිකං මේ පිටින් ආපු අපි දෙන්නා මොකටද බන් මාතර ටවුන් එක මැද කලිසං ඔලුවෙන් ගලවගෙන චාටර් කන්නේ..පාඩුවේ ඉඳපන් බන්“

“හරි හරි ඒක අපි පස්සේ බලමුකෝ...මාත් කැමතියි ඒ අයිතිකාරයා ගැන දැනගන්න“


                             * * * * * * * * * * * * * *


  දවස් දෙකකට විතර පස්සේ කඩේ ගාවට යද්දි ජිත්මි ඉස්සරහට මුණ ගැහුණා. මාර දූතිකාවත් හිටියා එයා එක්ක. හැබැයි නෙත්මි එදානම් බලපු බැලිල්ල මට ඇල්ලුවේ නෑ. කොහොමහරි හවස මම නැන්දලගේ ගේට්ටුව ලඟට වෙලා පාරේ පොඩිවුන් සෙල්ලම් කරනවා බලන් හිටිද්දි මගේ පැත්තකින් අඩි සද්දයක් ඇහුණා.හැරිලා බලද්දි නෙත්මි..අප්පට හුඩු මට දාඩියත් දැම්මා.මේකි ආයෙත් බනින්නද අහේතුකවම. නැන්දලගේ ගෙදර ඉස්සරහදි බැනුම් ඇහුවොත්නම් වසලා හමාරයි. හැබැයි නෙත්මිගේ මූඩ් එකනම් ටිකක් හොඳයි වගේ. කහපාට මල් මල් කොට ගවුමක් ඇඳලා. හැබෑ ලස්සනක් තියනවා අදනම්.

“මේ හලෝ...මට අයියා එක්ක ටිකක් කතාකරන්න පුළුවන්ද?“

නෙත්මි එහෙම ඇහුවම මගේ මානසික තත්වේ විකාර වුනා. ඒ පාර මෙයා මොකාටද එන්නේ. අදනම් රඟපාන්නේ අක්කගේ චරිතෙද කොහෙද. පාරෙ වුනත් කමක් නෑ කතාකරනවා කියලා හිතාගත්තා.

“ඇයි නංගි...කියන්න“

“නෑ...මේ මේ....එදා...වෙච්ච දේට සොරි හලෝ....මට යකා නැග්ගා අර සෙවලයා ඇස් ගැහුවම...ලඟ පාත හිටියනම් ගෙම්බ ගැහුවා වගේ ගහනවා පොලවේ...ඒ යකා ඇස් ගහද්දි ලඟ ඔයත් හිනාවෙවී ඉන්නවා දැක්කම මට ඔයත් එක්කත් තරහා ගියා...ඒකයි එදා ටිකක් කෑගැහුවේ..“
නෙත්මි කිව්වේ ඇත්තටම හිතේ කිසිම කිලුටක් නැතුව තරහා මරහා අමතක කරලා. මේ වෙලාවේ නිකං ගොන්පාට් ඇක්ට් කරන්න ගිහිල්ලා පොට වරද්දගන්නේ නැතුව සාමෙන් ෂේප් වෙන එක හොඳයි.

“ඉට්ස් ඕකේ නංගි...මම ඒක අමතක කලා“

මමත් හීන් හිනාවක් දාලා කිව්වා. නෙත්මිත් ලොකු හුස්මක් අරගෙන හොඳ හිනාවක් දැම්මා. කොච්චර තරහා ගියත් හිනාවෙනකොට එයා හරි ලස්සනයි.

“එහෙනම් කමක් නෑ අයියේ...එහෙනම් ෂේප් නේද..මම යන්නම් එහෙනම්...“

“හා හොඳයි නංගි“

නෙත්මි දුවගෙන වගේ ගෙදර දිව්වා. එක අතකින් ඒක එහෙම වෙච්ච එක හොඳයි. නැත්නම් ඒක හිතට මහ වදයක් වෙනවා. ඇරත් නෙත්මි වගේ කෙල්ලෙක් පිට් එකේ තියන් ඉන්න එකත් හොඳයි. 

ඊලඟ ප්‍රශ්නේ කව්ද ජිත්මිගේ අයිතිකාරයා. ගෙදර ඉන්නෙනම් ඇපල් වලට අකුරු දන්නේ නෑ වගේ ඒත් අයිතිකාරයොත් ඉන්නවා. ෂේප් එකේ නෙත්මිගෙන් අහගන්න ඕන. ඒත් මට මොකටද ඒවා. විකාර




23 comments:

  1. හයියෝ ! දිස්නකයා අනුන්ගේ අයිතිකාරයෝ හොයන්න ගිහිල්ලා බොඩි පාට් මාරු කරගන්න වගේ හදන්නේ !

    කථාව නම් නියමෙට ගලාගෙන යනවා සහෝ... චුට්ටක් ඉක්මනට යනවා වගේ ගතියක් දැනෙන්නේ මට විතරද මන්දා ? කොහොම වුනත් මම හිතන්නේ මේක කෙටි නවකථාවක් වෙන්න ඕනේ !!!

    බලාගෙන !!! අන්තිමට අක්කයි නංගියි දෙන්නට හොරා ලව් කරන්න ගත්තොත් අම්මා ගහයි දොර පොල්ලෙන් !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා...කතාව ටිකක් දිගයි..ඒක නිසා ඉක්මණට යනවා වගේ දැනෙනවා ඇති

      Delete
  2. දැන් ඉතින් සිකුරාදා වෙනකන් හිටපන්කෝ ඉතුරු ටික බලන්න
    කතාව මරේ මරු....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා...සිකුරාදාට වැඩි දවසක් නෑනේ ඉතින්

      Delete
  3. nice story aith ithin ane friday wene kan inne ba appa ithuru tike balane :(

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික ඉක්මණින්ම දානවා...සිකුරාදා කියන්නේ අනේ තව දවස් තුනයිනේ

      Delete
  4. ඔය ඉතින් අම්බානක් කන්න යන තැන!! කාපන් කාපන්.. හොඳට කාපන්!!

    ReplyDelete
    Replies
    1. හරිම මාන්දමිකයි...අහිංසක කොල්ලෙක් ගුටිකනකම්මයි බලන් ඉන්නේ

      Delete
  5. නෙත්මිගෙ හක්ක පටස් වුනත් බොක්ක හුලස් නෑ වගේ....

    ReplyDelete
    Replies
    1. සමාන්‍යයෙන් මගේ අත්දැකීම් අනුවත් ඇත්ත සිද්ධිය ඕක තමයි..නපුරුයි ආත්මාර්ථකාමියි කියලා හිතන කෙල්ලෝ මාරම හොඳයි..

      Delete
  6. අක්කගේ අයිතිකාරයෝ ගැන අහන්න ගිහිල්ලා ඔය ගුටි කන්න හදන්නේ.. නංගිට අයිතිකාරයෝ ඉන්නවද බලලා ට්‍රයි කලානම් තමයි හරි.. :)

    ReplyDelete
    Replies
    1. අපෝ දිනේෂ් සහෝදරයගේ උපදෙස් වලට අනුව ගියොත් අන්තිමේ උදේ හවස හාදු සමග ගුටි

      Delete
    2. උදේ හවස හාදු..... නරක් වෙලා තියේවි.... :p

      Delete
    3. හාදු සමග එන ගල්මුල්...ඇයි නිකන්ද අනේ අර කතාවක් තියෙන්නේ ගෑණු දෙන්නෙක් ගන්න එක හොඳයි හැබැයි ඒ දෙන්නත් එක්ක බෝනස් ලැබෙන නැන්දම්මලා නම් අන්තිමයි කියලා

      Delete
  7. නංගිටනම් අයිතිකාරයො නැතුව ඇති නේද??? ජිත්මිගෙ අයිතිකාරයා කිව්වට මට නම් සුවර් ඔය පස්සෙන් එන කොල්ලෙක් කියලා. ඇත්තටම අයිතිකාරයා නම් ඔහොම ගේම් දෙන්නෙ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. නිසුපා සහෝදරීට හොඳ සෙන්ස් එකක් තියනවානේද ඔය ගැන...නැතුව තියේවිද ඉතින් ඉස්සර ක්ලාස් යන කාලේ මතක් වෙනකොට නේද? හිකිස්

      Delete
  8. කොටස් දෙකක්ම එක පාර කියවන් ආවා...යන විදියට නම් අන්හිමට සෙට් වෙන්නේ නංගි එක්ක වගේ...:)
    සිකුරාදට කියවන්න එන්නම්කෝ ඉතිරිය......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සිකුරාදා නැවත හමුවෙමු එහෙනම්

      Delete
  9. ayya anunge aitikarayo gana balanna gihilla gutikanakota onna api nam ennene randu beranna hode.eka nisa hodama wade pattakata wela inna eka.friday wenakan inna be ayyooooooo.kathawa a taramata lassanai.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නංගි..ඔය ඉතින් පුරුද්දටනේ අයිතිකාරයෝ හොයන් යන්නේ...සිකුරාදා ඉතුරු ටිකෙන් බලමුකෝ මොකද වෙන්නේ කියලා

      Delete
  10. හප්පේ මේ වගේ කතාවක ඉතුරු කොටස බලන්න සිකුරාදා වෙනකන් ඉන්නේ කොහොමද බොල??
    :/ හැකි ඉක්මනට දාන්ඩෝ කතාව සුපිරි හොඳේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුබුදු සහෝදරයා...පුළුවන් ඉක්මණට කියන්නේ ඉතින් සිකුරාදා තමයි හොඳේ

      Delete
  11. සේවලයෙක් එහා පැත්තේ ඉඳගෙන සේවලයෙක් හිනා වෙනවා.. මල පයින්නේ නැද්ද :3

    ReplyDelete