Jul 21, 2012

ගී මිහිර - 4 වැනි වැඩසටහන ( සුමියුරුතම රේඩියෝ අත්දැකීම)


අද “ගී මිහිර“ වැඩසටහනේ 4 වැනි පියවර. බොහොමයක් දෙනාගේ අදහස් උදහස් මැදින් ගී මිහිර තව තවත් පෝෂණය වෙමින් ඉදිරියට ගමන් කරනවා. එසේම “ගී මිහිර“ වැඩසටහනට දැනට ඕස්ට්‍රේලියාවේ සිට විකාශය වන “තිසර“ ගුවන් විදුලි නාලිකාවෙන්ද ආරාධනයක් ලැබී ඇති අතර නුදුර දිනකදී “ගී මිහිර“ වැඩසටහන ලෝකය පුරා අන්තර්ජාලය මූලික කරගත් සිංහල ගුවන් විදුලි නාලිකා අතර ඉදිරියෙන්ම සිටින “තිසර“ ගුවන් විදුලිය හරහාද විකාශනය වනු ඇති.

  අද ගී මිහිර දිගහැරෙන්නේ බොලිවුඩ් සිනමාවෙන් මෙන්ම ජීවිත සිනමාවෙන්ද සමුගත් සැබෑ සුපිරි තරුව රාජේෂ් ඛන්නා ගේ ජීවිතය සහ ඔහු රංගනයෙන් දායක වු සොදුරු ගීත වල සිට සිංහල ගීතයට රසමීවිත සැපයූ මිල්ටන් මල්ලවාරච්චි ගායකයානන් දක්වාය. 

අද ගී මිහිර දිගහැරුම
  • රාජේෂ ඛන්නාගේ ජීවිතයේ සොඳුරු බව මුසුකල ගීය
  • නිලියකට පෙම්බැදි සමන්තගේ ආදරයට ශේෂ සැපයූ ගීතය.
  • බටහිර ගීතයටත් එහා ගිය ගී මිහිර රසිකත්වය
  • “තනි අලියාගේ“ සත්‍ය කතාව සහ අබේවර්ධන බාලසූරිය මහතා.
  • පෙම්වතියකගේ පාපොච්චාරණය..ආදරය බලෙන් ලැබිය නොහැක
  • මිල්ටන් මල්ලවාරච්චි ගායකයානන්ගේ සුන්දර ගීතයක් ඔබට


ගී මිහිර 4 වැනි වැඩසටහන පහතින් ශ්‍රවණය කරන්න ( ඔබගේ වටිනා අදහස් උදහස් අපවෙත සඳහන් කරන්න)


ගී මිහිර 4 වැනි වැඩසටහන් මෙතනින් Download කරගන්න(37Mb)

7 comments:

  1. හ්ම්ම් අහන්නම්කො සහෝ..:)

    ReplyDelete
  2. hmm....lassanai ayya ada wadasatahana.samantha ayyage kathawa tama lassana.aththatama a ayya echcharatama pissu natuwada ayya...??mona unath sinduwanam a ayyata hodata galapenawa.jana ayyath sindu kiyanna dakshai wage.mokada kiyanne ayya ilaga wadasatahanedi ayya kiyana sinduwakuth damuda?damuda nemei sinduwak danna one.......sinduwak danawa neda?

    ReplyDelete
    Replies
    1. අපෝ මම බැරි වැඩ කරන්නේ නෑ නංගා..ගොඩක් ස්තූතියි අදහස් ටිකට..හැමදාම ගී මිහිරට ඔයාගේ අදහස් වටිනාව..මටත් ඒ අදහස් ටික

      Delete
  3. jana ayya mama asa sinduwak tiyenawa mata a sinduwa denna puluwanda?mehemai itin ekak nemei godak tiyenawa.danata puluwannam me sinduwa dennewada? 'siththam karamin manase obe ruwa' puluwannam witharai hode ayya.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දෙනවා නංගි

      Delete