May 30, 2010

ගෝත්‍රවාදය හා වංශය කබල්ගෑම


වංශය, කුල ගැන කතා කරන්නට පෙර බුදුන්ගේ බණ පදයක් මතක් කල යුතුය."නචච්ජා වසලෝ හෝති නචච්ජා හෝති බ්‍රහ්මණෝ කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රහ්මණෝ" මෙහි අරුත අපි උගත් පරිදිනම් යමෙක් බමුණෙකු හෝ වසලයෙකු වන්නේ උපතින් නොව ඔහු හෝ ඇයගේ ක්‍රියාකලාපය අනුවය යන්නයි.මෙය අතීත කුල කේන්ද්‍රික සමාජයට පමණක් නොව වත්මන් සමාජයටත් එකලෙස ගැලපේ.විවාහයක් කරගන්නට ගියත්, ව්‍යාපාරයක් කරන්නට ගියත්,මැතිවරණයට තරඟකලත්,සසුනේ පැවදි වෙන්නටත් පමණක් නොවෙයි ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති වීමට පවා කුලය වැදගත්ය.කොහේගියත් කුල ප්‍රශ්නය මත සිදුවන හිත් අමනාපකම්,අසාධාරණනම් එමටය.නූතන ලෝකයේ පවා මිනිසුන් ජීවත් වන්නේ හැම ලෙයකම පාට රතුය යන්න හා සැමදෙනාම මියගියවිට යන්නේ එකම තැනටය යන්න නොදන්නා ලෙසය.මේ ගෝත්‍රවාදය කෙසේ හෝ නිමාවක් දැකිය යුතුය.එසේ නොවන්නට එකට සිටින්නන් පවා පාගාදමන්නාවූ මේ කුල ප්‍රශ්නයෙන් පීඩාවිඳින්නන්ගේ ප්‍රමාණය තව තව වැඩිවනු ඇත.සැම දෙනාටම සමාන අයිතිවාසිකම් හිමි මේ සමාජයේ මේ උස් පහත් කුලමල භේද ඉවත දැමීමට තවමත් ප්‍රමාද නැත.එවිට මේ සමාජය තවතවත් ලස්සන වනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි.

2 comments:

  1. ඇත්තම ඇත්ත කතාවක්. කසාදයක් කරගන්න කලින් අනිවා කුලේ බලනවානේ.

    ඊටත් වඩා හොඳම කතාව මහණ කරන්න කලිනුත් කුලේ බලන එක. කුල බේදේ පිටුදකින්න කටයුතු කරපු ශාස්තෲවරයාගේ ගෝලයෝ ටික කුලේ කරේ තියාගෙන සියම්, අමරපුර, රාම්ඤ්ඤ ආදී වශයෙන් නිකාය බෙදාගෙනත් තියෙන්නේ :)

    ReplyDelete
  2. කුල භේදේ පිටු දකිනවා කෙසේ වෙතත් තව තව එකේ ඇලෙන එකේ නම් අඩුවක් නෑ

    ReplyDelete