හැන්දෑවට ගං ඉවුර හරියටම පුංචි පාරාදීසයක් වගේ වෙන්නේ ඉවුරට වෙලා ආදරයෙන් බලන් ඉන්න නුඹ නිසාවත්ද කියලා හිතෙන දවස් අන න්තයි. ඒත් ඒ ගං ඉවුරේ පිපෙන නෙළුම් මල් ඒ වෙලාවට පොහොට්ටු වගේ තිබුණත් ඒවයේ ලස්සන අඩු නොවෙන්න වගේ නුඹ කොහෙම හිටියත් මේ ගංඉවුරේ මට දැනෙන එකම දේ නුඹේ ලස්සන මේ ඉවුරට ලැබිලා කියන එක විතරමයි. හැමදාම බැරිවුණත් ගම පටන් ගන්න තැනින් හීන් හඬින් තමන්ගේ පාඩුවේ ගලාගෙන යන ගඟට තනිරකින්න කොහොම හරි නුඹත් එනවා. නුඹ නැති දවසටත් ඉන්නවා වගේ දැනෙන්නේ ඒ අඩුව නිසාම තමයි. පුංචි කෙල්ලෙක් පාට මල් ගවුමක් ඇඳගෙන ගංඉවුරේ මහා විසාලෙට හැදිලා අතුපතර විහිදාගෙන ඉන්න මාර ගහ යට ඉන්න කොට හරියටම මැවෙන්නේ ලස්සන චිත්‍රයක්. කිසිම හැලහොල්මනක් නැතිව අඳින්න පුළුවන් ලස්සන චිත්‍රයක්.
Oct 28, 2011
Oct 26, 2011
අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - පලමු කොටස

Oct 24, 2011
තැබූ තැනම ඇත මගේ හිත..නොබලා නුඹ යන්න
කලකින් නොකැපූ රැවුල අතට ගෙනෙන ගොරෝසුබවට හිතත් දැන් කැමති වෙලා වගේ.ඒ ගොරෝසු බව හිතටත් ලැබෙනව
නම් හිතත් හදාගන්න තිබුණා ඉක්මණටම. ඒත් එහෙම කරන්න බැරිවුණේ නුඹ ගියාම දැනුනු ලෝබකම නිසාද නැත්නම් නුඹත් එක්කම මාව දාලා ගියපු ආදරයේ උණුහුම නිසාද කියලා මට තේරෙන්නේ නෑ. ඒත් මම දන්නවා ඔයානම් අද ගොඩක් සතුටින් කෙනෙක් එක්ක ඉන්නවා. එයාගෙ හිනාව බල බල, එයාගෙ ගතිගුණ වර්ණනා කරකර. ඔව්නේ ඉතින් මගේ වර්ණනා කරන්න දෙයක් තිබුණේ නෑනේ. ඔයා හැමදාම කරේ මට බැනපු එකනේ. ස්ථීර, අවිඡ්චින්න තීරණ නෑ කියලා, සෘජු පැවැත්මක් තියන චින්තනයක් නෑ කියලා නැත්නම් කෙනෙක්ගේ චිත්තාභ්‍යන්තරයට කිඳා බැහැලා අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් නෑ කිය කිය. හරි ඉතින් මට ඒවා නොතිබුණා නම් ඒකට මම බැනුම් ඇහුවා, ඒත් ඒ හැමදේම තිබුණු ඔයා බොහොම ඉක්මණට මගෙන් වෙන්වෙලා ගිහින් තවත් ඇස්දෙකක්, හිනාවක් වර්ණනා කරන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ.
Oct 20, 2011
ගඩාෆිට සිදුවූ දෙය ලංකාවේ සිදුනොවෙන්නට නම්...
මේ සමය ලෝකයේ සදාකාලික නායකයින් ලෙස විරාජමාන වූ නායකයන්ට එතරම් සුබ කාලයක් නොවන බව දැන් දැන් වඩාත් පැහැදිලිව පෙනෙන්නට ඇත. ඊජිප්තුව දෙසින් හමා ආ බටහිර උෂ්ණය ගැබ්වූ විප්ලවකාරී මහජන ශක්තිය නම්වූ සුළඟ විසින් ලිබියාවද කළඹා දැමූ අතර අද එහි කූටප්‍රාප්තිය සිදුවිය. එනම් දශක හතරක් මුළුල්ලේ ලිබියාවේ නොසැලෙන හා නොනැමුණ නායකත්වය ලෙසින් කිරුළ දරා සිටි කර්නල් මොහම්මත් ගඩාෆිගේ ඝාතනයයි. ලිබියා ජනතා කැරැල්ල ජයග්‍රහණය එලෙසින් අවසන් වෙද්දී මුසල්මානුවන් පිරිසක් විසින් තමත් මුසල්මානුවෙක් ඝාතනය කර දැමුවා මෙන්ම එය සැමරුවා යන්නද ඉස්මතුව පෙණිනි. නමුත් ඒ කැරළි කරුවන්ගේ හැසිරීම් හා ඔවුන් සටන්වැදි ආකරයෙන් නිතැතින්ම ඉස්මතුව පෙනුනේ දශක ගණනාවක් මුළුල්ලේ ලිබියාව ලෝකයට කොතරම් ශක්තිමත් හා සෞම්‍ය රාජ්‍යයක් ලෙස පෙනුනද අභ්‍යන්තරයේ ජනතාව කොතරම් ප්රජාතන්ත්රවාදය උදෙසා පීඩනයකට ලක්ව සිටියේද යන්නය.
Oct 19, 2011
ශතකයෙන් ඔබ්බට හෙවත් 100 ට පසු අපේ ඉසව්ව
අද ඉතින් අපේ ඉසව්ව බ්ලොග් අඩවියට බොහොම වැදගත් වගේම සතුටුදායක දවසක්. එයට හේතුව තමයි අපේ ඉසව්ව බ්ලොග් අඩවිය තමන්ගේ ශතයක සම්පූර්ණ කිරීම හෙවත් 100 වැනි ලිපිය පලකිරීම. ඉතින් මේ සුභදායක මොහොතේ අපේ ඉසව්ව බ්ලොග් අඩවිය එක්ක රැඳලා ඉන්න හැමෝටම කියන්න ඕන දේවල් ටිකක් තිබෙන නිසාවෙන් තමයි මේ සියවෙනි ලිපිය බොහොම නිහතමානී ආඩම්බරයකින් හා චිත්තප්‍රීතියකින් යුතුව ප්‍රසිද්ධ කරන්නේ.
සිංහල බ්ලොග් කලාව ගැන අවබෝධයක් නොවුණත් මම 2009 වර්ෂයේ සිට බ්ලොග් ක්ෂේත්‍රෙය් විවිධ දේ කරමින් සිටියා. මුලින්ම සිංහල බ්ලොග් අඩවියක් ගැන අදහස දුන්නේ මගේ ඥාති සොයුරා මෙන්ම දැනුම් හවුල්කරුවන ජනිත චතුරංග ප්‍රේමරත්න සොයුරා තමයි. ඔහු සිංහල බ්ලොග් පාඨකයෙක් වීම හේතුවෙන් ඔහු තමන්ගේ අදහස අන්තර්ජාල මාධ්‍ය භාවිතය පිළිබඳ දරුණු උණකින් පෙලුණු මට ප්‍රකාශ කලා. ඒ හරියටම 2010 වර්ෂයේ පෙබරවාරි මස.
Oct 15, 2011
හමුවුණා..අනේ හමුවුණා (පසුවිපරම)
හමුවුණා..අනේ හමුවුණා කියන්නේ මම විසින් සයිබර් අවකාශය වෙත ලියා පලකරන ලද කුළුඳුල් නවකතාවයි.කොටස් 13 කින් මේ කතාව අවසන් වෙද්දි ඒ කතාවේ කතා වස්තුව හා සිදුවීම් මාලාවේ ගලායාමට ගොඩක් අය ආසාවෙන් ඉඳලා තියනවා කියලා දැන්ගන්නට ලැබුණා. ඒ හේතුවෙන් පුද්ගලිකව අතිශ්‍යයින්ම සතුටුවන බව නිහතමානීව හා නිරාමිස ප්‍රීතියකින් යුක්තව ප්‍රකාශ කලයුතුමයි. කතාවේ අවසන් කොටස පලකිරීමත් සමග මෙන්ම කතාව පලවුණු ජූලි මාසේ මුල් සතියේ සිට ඔක්තොම්බර් මස දෙවන සතිය දක්වා මාස තුනක කාල පරිච්ඡේදය පුරා ලද පැසසුම් හා ගැරහුම් සියල්ල කියාපෑවේ ඒ ප්රයත්නයේ සාර්ථකත්වය කියලා කිව යුතුමයි.
Oct 12, 2011
කොළොන්නාවේ ජන හද පියුම

මේ කතාව සිදුවන්නේ 1994 වර්ෂයේ අගෝස්තු මාසයේ මාතර, මොටාගෙදර, හිරිදෙණිය වත්ත ෆෝමන් මහත්තයාගේ ගෙදර මිදුලේ. රැස්වෙලා ඉන්න කැකණදුර හා මාතර ප්‍රදේශවල විශාල පිරිසක් අමතමින්. පිරිසට ඉන්න තරම් ඉඩ කඩක් නොමැති මිදුලේ පොදිකන ජනතාවට මේ මහා පෞර්ශය පෙන්වන නාදයකින් ඔවුන් අමතන්නේ අන් කවරෙක්වත් නොවෙයි, ඔහු නම් කොලොන්නාවෙන් පිපී කොටිකාවත්තෙන් ජන හදවත් හැරදමා මිලින වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නොහොත් ලකී අයියා නම්වූ සොඳුරු මිනිසාය.
Oct 11, 2011
හමුවුණා...අනේ හමුවුණා - අවසන් කොටස
පසුගිය කොටස් 1 2 3 4 5 6 7 8 9 10 11 12
**********************************************
**********************************************
රාජගිරියේ නිවසට යනකන් අපි හතරදෙනාම හිටියේ හරියට ගොළුවෙලා වගේ. වචනයක් හුවමාරුවුනේ ගොඩක් අඩුවෙන්. ගෙදරින් පිටවෙද්දිම මුහුණ දෙන්නට වුණු අසුභදායී සිදුවීම නිසා හැමෝම හිතින් බයවෙලා වගේ හිටියේ. ටිකක්හරි දිරිමත් හිතක් තිබුණු ධනංජය අයියා පවා මේ සිදුවීමත් එක්ක ගොඩක් කැළඹීමට පත්වෙලා හිටියා. ඒත් ඉරුදිකා මේ කිසිදෙයක් නොදැනුනා වගේ වාහනේ පිටිපස්සේ අසුනේ කවුලුවෙන් පිට බලන් යන විදිය දැක්කම මට පුදුමත් හිතුනා. කණ්ණාඩියෙන් එයා දිහා බලද්දි එක සැරයක් එයා ඒක දැක්කා. සුපුරුදු හීන් හිනාව මූණෙ ඇඳුනෙ ඔයා බයවෙන්න එපා සදීප අයියා..මරණෙටවත් අපි දෙන්නා වෙන් කරන්න බෑ කියනවා වගේ. වෙලාවකට පුදුමත් හිතෙනවා මේ කෙලපොඩ්ඩ ගැන.
Oct 8, 2011
මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ...

Oct 7, 2011
හමුවුණා..අනේ හමුවුණා - 12 වැනි කොටස
පසුගිය කොටස් 1 2 3 4 5 6 7 8 9 10 11
*************************************
*************************************
ජීවිතේ එක පැත්තකින් ගෙවුනේ සතුටින්. ඒ මොකද කවදාවත් ජීවිතේට නොහිතපු කෙල්ලෙක් අහම්බෙන් හමුවුණා. ඒ හමුවීම හිතේ ආදරේකට කප් රුකක් හිටවලා ගියා විතරක් නෙවෙයි අන්තිමට ඒ ආදරේ ලංකරගන්න යන්තම්හරි ඉඩක් ලැබිලා. ජීවිතේ එක පැත්තකින් ඒ විදියට සතුට දෙද්දි අනිත් පැත්තකින් ලොකු දුකකුත් ඉතිරි කරලා. ඒ ඉරුදිකාගේ අසනීපේ. ඉරූගේ ඉස්සරහා වීරයා වගේ අසනීපේ තුට්ටුවට දාලා කතාකරාට තනියම ඉන්න හැමවේලේම හිතට වද දුන්නේ ඉරුදිකා නැතිවෙයි කියන බය. ඒත් ඉරූ ඉන්නේ සතුටින් නිසා එහෙම දෙයක් බුදුන්ගේ සරණින් වෙන එකක් නෑ කියලා හිත කියනවා. ඒත් ගස් ගල් වගේ ඉන්න මිනිස්සු මැරිලා යද්දි කොහොමද හිත හදාගන්නෙ කියලා හිතාගන්නත් බෑ.
Oct 4, 2011
හමුවුණා..අනේ හමුවුණා - 11 වැනි කොටස
පසුගිය කොටස් 1 2 3 4 5 6 7 8 9 10
****************************************
****************************************
හිතේ තිබුණු නිදහස කොහේදෝ පාවෙලා ගිහින්. හැමදෙයක්ම වෙනස් වෙන්න පටන් අරගෙන. මේ සිතුවිලි ගංගාව කොහේ ගිහින් කොහේ නතර වෙයිද කියලා හිතාගන්නත් බැරි තරම් සංකීර්ණ වෙලා. ජීවිතේ ආදරේ කියන දේ ගොඩක්ම ළඟට ඇවිත දුරට ගියපු වාර අනන්තයි. ඒත් ඒවට කවදාවත් සැලුනේ නැති මහමේරුවක් වගේ හිටපු මගේ හිත අද පුංචි හුළඟටත් වැනෙන විදියට වෙනස්වෙලා.
ඉරුදිකා හුළඟක් වගේම මගේ ජීවිතේට ඇවිත් හිතට මහා දුකක් ඉතිරි කරලා යන්න හදනවා. එයාට යන්න දුන්නොත් කවදාවත්ම මගේ හිත මට සමාව දෙන එකක් නෑ.
මම උදේම හිතාගත්තු විදියටම ඉරුදිකාගේ ගෙදරට ආයෙත් යන්න පිටත් වුණා. අම්මටත් කිවවා යන ගමන ගැන. ඉරූගේ ගෙදර අය මොනවා කියයිද කියලා හිතේ අදහසක් තිබුණේ නෑ ඒත් මට ඕන වුනේ ඉරුදිකා වෙනුවෙන් කව්රු නැතිවුණත් මම ඉන්නවා කියන එක කෑගහලා ඒ අයට කියලා දෙන්න. ඒ වගේම දවස් ගාණක් තිස්සේ නොදැකපු ඉරූගේ රත්තරන් මූණ බලලා ටිකක් හිත හදාගන්න. ඒ මූණ දැක්කත් ඇති මගේ ජීවිතේම මගෙන් ඈත් කරන්න.
Subscribe to:
Posts (Atom)