Jul 7, 2012

ආයෙමත් ආදරෙන් - 16 වැනි කොටස (අන්තිමේදි ආදරේ සහ ඔට්ටුව...)

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15 




“කොහොම වුනත් බන් දැන් කෙල්ල හරියටම උඹේ කටින්ම අහගත්ත නේ..දැන් ඒකි කියන දෙයක් තමයි“

සමීර කෝල් කරපු වෙලාවක කිව්වා. මගේ හිතේ තිබුණේ ඊලඟට මොනවා වේවිද දන්නේ නෑ කියලා. එදා හිතේ  තිබුණු දේවල් වලින් පොඩ්ඩක් හරි ජිත්මිට කියාගත්ත එක ලොකු දෙයක්. නැත්නම් මාස තුනක් ඉවරවෙනකම්ම මම කරපු දෙයක් නැති ගාණයි.

“තව සතියයි බං තියෙන්නේ..මම අද වෙනකං බලන් හිටියේ අඩුම ගාණේ ජිත්මි මට බනීවි කියලාවත්..එහෙම වත් නෑ බං..“

මම කතාකලේ හිතේ තිබුණ ලොකු කළකිරීමත් එක්ක කියලා සමීරටත් තේරිලා තිබුණා. සමීර හැම වචනයක්ම කිව්වේ මගේ හිත හැදෙන්නත් එක්ක වගේ.


“නෙත්මිටවත් උඹ කතාකරලා බැලුවේ නැද්ද..“

“කතා කලා බන්..මම අප්සට් එකේ වෙන්න ඇති කියලා ඊයේ ගෙදරටම ඇවිත් කතා කරලා ගියා..එයාටත් කියන්න තරම් දෙයක් නෑ බං..ජිත්මි මොකුත් කියලා නෑ. කල්පනා කරනවා දැක්කලු..එච්චරලු බන්..“

“යකෝ ඒකි මේ බයිලා ගහනවා...ඒකි මේ කල්පනා කරලා විනාස කරන්නේ උඹගේ රුපියල්  ලක්ෂෙකට කියලා ඒකිට තේරෙන්නේ නැති හැටි...“

සමීර ජංගම දුරකතනයෙන් බෙරිහන් දුන්නා. 

“මොනවා කරන්නද බං..මම අද ජිත්මි එක්ක කතා කරනවා කොහොමහරි..තව සතියයි බං ඔට්ටුවේ මාස තුන ඉවරවෙන්න.මේ ටිකේ කරන දෙයක් තමයි..“
මමත් සමීරත් අතර දුරකතන සංවාදේ තත්පර කීපයක විරාමයක් ලැබුවා.

“මචං දිස්නක..උඹ ගාව ලක්ෂයක් තියද..?“

සමීර මගෙන් ඇහුවේ බොහොම බිඳුණු හඬකින්. කොච්චර හිතේ ධෛර්යයකින් කතාකරත් සමීරත් හිතින් වැටිලා හිටියේ. මටත් ලොකු හුස්මක් ගන්නවා කියන එකත් අමතක වුනා.

“ඒක මොනවාම හරි කරගන්න පුළුවන් බං..“

“මටත් සල්ලි ටිකක් දෙන්න පුළුවන් බං..ඒත් අපි මේක කොහොමහරි දිනන්න බලමු.“

“ඒ වචනෙත් ලොකු හයියක් බං..“

“ඒ වුනාට මට හිතෙනවා බං ජිත්මි අන්තිම මොහොතේ හරි උඹට කැමතිවෙයි කියලා...“

ලොකු සුසුමක් පිටවුනේ නොදැනීමයි.

“එහෙම වුනොත් වෙන මොකුත් එපා බං මට..“


                                    * * * * * * *

        අන්තිම දවස් කීපය කියන්නේ මෙච්චර හිත කලබලෙන් ගතවෙන දවස් කීපයක් වේවි කියලා මම ජීවිතේට හිතුවේ නෑ. ඒත් නොහිතා දාපු ඔට්ටුවක් මෙච්චර දුරදිග යාවි කියලා වගේම අන්තිමට මම ජිත්මිට ඇත්තටම ආදරේ කරාවි කියලාවත් මම හීනෙකින්වත් හිතුවේ නෑ. ඒත් ඒ හැමදේම නිකන් හීනයක් වගේ.

දිලූප ජිත්මිට ලංවෙන්න ලංවෙන්න මම ගොඩක් පස්සට ගියා. හිතට ඒ පසුබෑම ලොකුවට දැනුනේ ජිත්මිට තිබුණු ආදරේ ඔට්ටුවේ රුපියල් ලක්ෂෙට වඩා මහා වටිනාකමක් මට දැනුන නිසා. දෙනියායේ ගතවුනු ජීවිතේදි කෙල්ලෙක් මේ තරම් හිතට නොවැදුනාට ජිත්මිගේ හැමදේටම මම ගොඩක් ආදරේ කරන්න පටන් අරන් තිබුණා.

ලංවෙලා වචනයක් දෙකක් කතාකරන්නත් කලින් ජිත්මිගේ ආදරේ හිතට දැනෙන්න හේතුවක් වුනේ ඒකයි. මේ ආදරේ කොහොම කෙලවර වේවිද කියලා හිතන්න හිත ඉඩදුන්නේ නෑ. දිලූප ජිත්මි එක්ක යාළුනම් ඇයි මෙච්චර දවසක් ඔට්ටුව දිනුම් කියලා මට නොපෙන්නුවේ..

හරිනම් ජිත්මි දිලූප එක්ක යාළුනම් දිලූප මගේ ලක්ෂේ ඉල්ලගන්න මෙච්චර පරක්කු වෙන්නේ නෑ. එහෙනම් තාම ජිත්මි දිලූපට වචනයක් දීලා නැතුව වෙන්න ඕන.

එහෙම හිත හිත ඉන්නකොට ජංගම දුරකතනේ නාදවෙන්න ගත්තා.

“හෙලෝ...“

“හෙලෝ දිස්නක මහත්තයා..“

“ඔව්..කව්ද මේ..“

“අහා...මම ඔබතුමාගේ සටන් සගයා..දිලූප..“

මගේ ඇඟේ ගිනි පුලිඟු පිටවෙන්න පටන් ගත්තා. තව මොහොතකින් දිලූප ඔට්ටුව දිනලා කියලා කියයි කියලා මගේ හිත ගැහෙන්න පටන් ගත්තා.

“ඇයි කතා කලේ..“

මම වැඩියට ඇඟට පතට නොදැනී ඇහුවා.

“මම මේ සැපදුක බලන්න කතා කලා...“

“එහෙමද...මම බොහොම සැපෙන් ඉන්නවා..මගේ ඇස්දෙකට හදවතට නූලක තරම් දුරින් ඉඳගෙන ජිත්මිත් ගොඩක් සතුටින් ඉන්නවා..“

මම ඕන දෙයක් වෙච්චාවේ කියලා වචන වලින් පහර දෙද්දි දිලූපගේ හඬ ටිකක් බාල වුනා.

“හරි හරි ඒ දුර නූලක් වුනාට මමයි ජිත්මියි රන් නූලකින් බැඳෙන දවස බොහොම ලඟයි සහෝ...“

ඒ වචන වලට මගේ ඇග කීරිගැහිලා ගියා.

“බොහොම සතුටුයි..මගේ සුබ පැතුම්..“

මම ඒක කොහොම කිව්වද දන්නේ නෑ. ඒත් මගේ වචනත් පසුබැස්සේ නෑ.

“දිලූප සහෝදරයගේ ඒ හීනේ දකින්න රෑ වෙන්න කලින් මම දිලූපගේ ඇස්දෙක ඉස්සරහින්ම ජිත්මි එක්ක ඒ ආදරේ පෙන්නන්නම්..“
මම එහෙම කිව්වම දිලූප පුරුදු විදියට කින්ඩි හිනාවක් දැම්මා.

“හා හා බොහොම හොඳයි...මේ මගේ නම්බරේ...“

“මට ඒක ඉක්මණට ඕන වේවි..“

දිලූප දුරකතනය විසන්ධි කරා. මම ලොකු හුස්මක් ගත්තා.

                            
                                          * * * * * *

   පහුවෙනිදා හවස ස්ටෑන්ඩ් එකේ බලාගෙන හිටියේ කොයි මොහොතක හරි ජිත්මි එයි කියලා. ඒත් ඒ වෙලාවේ දිලූපත් කොහෙන්හරි ආවොත් මොකුත් කරලා හමාරයි..

නෑ...දිලූප හිටියත් කමක් නෑ..මම ගිහින් ජිත්මි එක්ක කතා කරනවා..දිලූප මොනවා කරන්නද.

මම ගොඩක් වෙලා බලන් හිටියා. ටික වෙලාවකින් ජිත්මි එනවා අර යාළුවා එක්ක. මාව මුලින්ම දැක්කේ යාළුවා..එයාගේ මූණ කළුවෙලා ගියා මාව දැක්ක ගමන්. එයා ජිත්මිට මොනවද කිව්වා.එතකොට ජිත්මි මම දිහා බලලා බිම බලාගත්තා. දිලූප අහල පහලවත් හිටියේ නෑ.

මම බස්එකට නගින්න කලින් ජිත්මි ඉස්සරහට ගියා. යාළුවා පුදුමෙන් වගේ මගේ දිහා බලන් හිටියා.

“නංගි..මට ඔයා එක්ක කතා කරන්න ඕන..“

ජිත්මි මූණ උස්සලා මගේ දිහා බැලුවා. ඒ ඇස්දෙකේ  ලාවට කඳුළු තියනවා  දැකලා මගේ වචන පැටළුණා.

“ප්ලීස් නංගි..“

මම මට පුළුවන් විදියට කිව්වා. ජිත්මි මොකුත් නොකියා ටික වෙලාවක් හිටියා.

“මටත් අයියාට කියන්න දෙයක්  තියනවා..“

ඒත් ඒ කියපු විදිය මට නුපුරුදු බවක් දැනුනා. ජිත්මි හිත තදකරගෙන එහෙම කිව්වේ ඇයි කියලා මට තේරුනේ නෑ.

“හොඳයි නංගි...හෙට හවස 3ට මම මයුර එකට එන්නම්..පුළුවන් නම් එතනට එන්න..තනියම..“

ජිත්මි මගේ මූණ බැලුවේ නෑ. බිම බලාගෙනම හිටියා

“හොඳයි අයියේ..මම එන්නම්..“







30 comments:

  1. ජිත්මි මොනව කියයිද...........හයියෝ......

    ReplyDelete
    Replies
    1. ජිත්මි කියාවි..පමා වැඩී ඔබ පමා වැඩී කියලා

      Delete
  2. ජිත්මිගේ හිත වෙනස් වේවිද ?
    දිස්නක ගැන දුක හිතිලා දිලුපට පෙන්න දිස්නකට ආදරය කරලා 100000 ගොඩදාලා දේවිද ?
    සදුදා වෙනකන් ඉන්න එපැයි ආයෙත් ..

    ReplyDelete
    Replies
    1. 100000 කියන්නේ ගාණක්ද අනේ ආදරේ එක්ක බලද්දි..

      Delete
  3. අපොයි මොකෝ මේ වෙන්නෙ?? යාලුවා දිස්නක දැක්කම ඔච්චර බය වෙන්නෙ ඇයි???

    ReplyDelete
    Replies
    1. යාළුවගේ හිතේ ලොකු අවුලක් ඇති ඒක තමයි

      Delete
  4. හුටා ! නවත්තලනෙ :( හයියූ සල්ලි.... දැන් සඳුදා වෙනකන් හි‍ටුකො :D

    ReplyDelete
  5. ane jana ayye aniwaryenma sadudata itiri kotasa danna hode.....oya hari hodaine........ :) sadudata damme nati unot dannawane........onna mama naughty kiyala kiyanna epa......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දානවා නංගි..දැම්මේ නැත්නම් මොකද කරන්නේ අනේ..

      Delete
  6. හප්පටසිරි ඊටපස්සේ...
    සඳුදා වෙනකන් හිටුකෝ දැන් :(

    ReplyDelete
  7. මට නම් පේන්නෙ ලක්ෂෙ බේරෙන පාටයි.. හි හි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් පනස්දාහක් මට

      Delete
  8. අදත් ආයෙ නෑ හොඳම තැනකින් නවත්තලා
    ඊළඟ කොටස බලනකම් ඉවසුම් නෑ වගේ :)

    ReplyDelete
    Replies
    1. කුතුහලය සපිරි තවත් කොටසක්

      Delete
  9. අනේ බං අයියේ ඔහොමත් නවත්වනවද?

    ReplyDelete
    Replies
    1. වෙන කොහොමද බන් එහෙනම් නවත්වන්නේ

      Delete
  10. උඹ එක්ක බෑ ජනා.. සිරාම තැනින්නේ මේක අද නැවැත්තුවේ..

    ReplyDelete
    Replies
    1. අනේ බං මොකක්ද..ඉක්මණට ඉතුරු ටික දෙනවා

      Delete
  11. eka athakata ada methanin nawaththapu hndai.
    Mayura eka gawata gihin nawaththuwanam tw apita upset wena tbuna.

    Lassana kathawak
    Digatama liyamu.
    Gd luck jana

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මිත්‍රයා

      Delete
  12. හයියෝ ජිත්මි !!!

    මරි අකමැත්තෙන් මූණ හදාගෙන, හොටු පෙර පෙර අඬ අඬ ජිත්මි මෙහෙම කියයි...

    “ අනේ දිස්නක අයියේ, මට සමාවෙන්න... මමත් ඔයාට ආදරෙයි... $%^##$^& “

    :P

    ReplyDelete
  13. බොහොම සතුටුයි..
    බොහොම සතුටුයි..

    ReplyDelete
  14. ko machan ithuru tika? kavadda danne?

    ReplyDelete
  15. ????????? ඇදෙ පපුව ගැහෙනවා...

    ReplyDelete